Monday, January 6, 2020

ගැබිණි මවකට කුණුහරප කියමින් පොලිසිය යකානැටූ වාලු!



ජනවාරි පළවෙනිදා මොරගහහේන පොලිසියේ තිදෙනෙක් සිවිල් පිට බැට් එකක් හා පොලු රැගෙන නිවසකට කඩා වැදීමට උත්සාහ ගෙන ඇත. පසුව එම අවස්ථාවට ස්ථානාධිපතිවරයා නිල ඇඳුමක් ඇඳගෙන පැමිණ තිබේ. ප්‍රදේශය අනවසර කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ නිරත ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ හා ව්‍යාපාරිකයකුගේ අවශ්‍යතාවයට මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර ඇත්තේ මොරගහහේන පොලිසිය ද සහය කරගෙනය.
අතවරයට පත් දෙදරු මව ගැබිනියකි. ඈ ඒ අවස්ථාවේ මානව හිමිකම් කොමිසමට කතා කර ඇත. නමුත් පොලීසිය එම ක්‍රියාව නතර කිරීම හෝ සවන් දීමක් හෝ සිදුකර නැත. තම සැමියාට කසිප්පු ජවාරම අදාල චෝදනා තිබී ඇත. එම ක්‍රියාවෙන් ඈත් වූ පසුවද පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ව්‍යාජ චොදනා නගා නඩු පවරා තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති දැනුම්දී වන්දියක් ගෙවන ලෙසටද නියම කර ඇත. නමුත් වන්දි ගෙවීම හෝ එම නිලධාරීන්ට එරෙහිව පොලිස්පතිවරයා විනය ක්‍රියා ගැනීම හෝ මේ දක්වා සිදුකර නැත. 
මොහු ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකරන දෙශපාලකයාට හා ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට අදාළ බලධාරීන්ට බල කිරීම් සිදු කරනු ලබයි. එම නීති විරෝධී කුඹුරු ඉඩම් ගොඩ කරවන දේශපාලනඥයා හා ව්‍යාපාරිකයා පොලිසිය සමග එක්ව මොහුව අධිකරණය පාවිච්චිකර වධ දීමට පටන්ගෙන තිබේ.  ව්‍යාජ චෝදනා නගා පවරන නඩු සියල්තුලටම නිවැරදිකරු බව ප්‍රකාශකර  පොලිසියට එරෙහිව නඩු මගට බැස තිබේ. 
ජනවාරි පළවෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් මොහුගේ බිරිඳ මනව හිමිකම් කොමිසමට, පොලිස්පතිට හා  පොලිස් කොමිසමට කර ඇති ලිඛිත පැමිණිල්ලෙන් සියලු කරුණු පැහැදිලි වේ. 
එම පැමිණිල්ල පහත දැක්වේ. නිතිය මත පාලනය බිඳවැටී තිබෙන රටක ඒ ස්ථාපිත කිරීම සඳහා යුක්තිය පසලිම සඳහා තිබෙන සියලූ ආයතන වල දූෂණ අක්‍රමිකතා නැති කළ යුතුව තිබේ.


මල්කාන්ති
ගෝනපල හංදිය
දු.අ.

01. සභාපතිනිය,                                                                   
     මානව හිමිකම් කොමිෂන් සභාව    
     අංක 14                                          
     ආර්.ඒ. ද මැල් මාවත
     කොළඹ 04
           
02. පොලිස්පති                 
     පොලිස් මූලස්ථානය        
     කොළඹ 01

03. ලේකම්                                                                             
    ජාතික පොලිස් කොමිෂන් සභාව                          
    අංක 09 ගොඩනැගිල්ල
      BMICH පරිශ‍්‍රය
    බෞද්ධාලෝක මාවත
    කොළඹ 07

04. ගොවිජන සංවර්ධන නිලධාරී
     ගොවිජන සේවා මධ්‍යස්ථානය
     කනන්විල

අනවසර කුඹුරු ගොඩ කරන්නෙකුගේ මෙහෙයවීමෙන්
මොරගහහේන පොලීසිය සිදුකරන නීති විරෝධී ක‍්‍රියාවන්.

2020.01.02 වන දින, සවස 5.30 ට පමණ, මා සහ අවු: 2 ක් වයසැති පුතා පමණක් නිවසේ සිටින විටදී, බැට් එකක් හා පොලූ දෙකක් රැුගෙන තිදෙනෙක් නිවසට පැමිණ, පද්මසිරි (සැමියා* කොහේද යයි විසමා සිටියා.
 ඔහු ගොවිතැන් වැඩට ගොස් ඇති බව ප‍්‍රකාශ කළා.
එවිට මට බැන තර්ජනය කරමින් නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව කියමින් ගෙට ඇතු`ඵවීමට සූදානම් වුනා.
මා හා කුඩා දරුවා පමණක් නිවසේ සිටින අවස්ථාවේ සිවිල් පිට, පොලීසියේ යයි කියූ පමණින් ගේ සෝදිසි කිරීමට ඉඩදිය නොහැකි බව කියා සිටියා.
එවිට, හු ..... ගේ බැල්ලී ලෙසට ආමන්ත‍්‍රනය කරමින් උඹ බඩින් නොවේ නම් කරන දේ දනී යයි කියමින් සැමියාව සැමියාට කරන දේ දන්නා බවට කියමින් කෑගසන විට මා ගෙට ඇතු`ඵ වී දොර වසා ගත්තා.
එවිට ඔවුන් දොරට හා ජනෙල් වලට ගසමින් දොර අරින ලෙසට ඉල්ලා සිටියා.
මා දොර ඇරියේ නෑ.සවස 6.30 ට පමණ, ඔවුන් කිව්වා දැන්  ඕ.අයි.සී. යුනිෆෝම් පිට ඇවිල්ලා ඉන්නවා කියා. මා ජනේලය ඇර දෙර අරින්න බැරි බවත්, හෙට උදේට පොලසියට එන්න සූදානම් බවත් කියා සිටියා.
 ඕ.අයි.සී. එවිට මට අසභ්‍ය වචන කියමින් බැන වැදුනා. එසේ පැය 1/2 පමණ සිට යන්න ගියා. 1996 ට මා ඒ අවස්ථාවේ කතා කර විස්තර කියා සිටියා. 119 ට කථා කරන්න කිව්වා.නමුත් 119 දුරකථනය ඉස්සුවේ නෑ.
මොරගහහේන පොලීසිය අපට හිරිහැර කරන්නේ 2013 සිටය.
(1) එසේ හිරිහැර කරන්නේ මාගේ සැමියා අඳේට වැඩ කරන කුඹුර පිරවීමට, හිටපු හොරණ ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත රෝහණ පීරිස්, නැමැත්තා ගන්නා ලද උත්සාහය වැළැක්වූ නිසාය.

(2) ඔහු සිය දේශපාලන හා මුදල් බලය උපයෝගී කරගෙන බණ්ඩාරගම හා මොරගහහේන පොලීසිය එකතු කරගෙන සැමයාට විරුද්ධව ව්‍යාජ නඩු දැමීමට පටන් ගන්නා ලදි.

(3) 2013 සිද්ධිය අදාළව සැමියා හා මාගේ පියා විසින් මානව හිමිකම් කොමිෂමෙ පවරන ලද පැමිණිල්ලට අදාළව 2017.06.28 දාතමින් හා HRC2511/13 හා HRC 2518/13 ලබාදෙන ලද නිර්දේශය අද දින දක්වාම බණ්ඩාරගම පොලීසිය කි‍්‍රියාත්මක කර නැත.

(4) එයින් අනතුරුව මාගේ සැමියාට ව්‍යාජ පැමිණිලි යටතේ නඩු පහක් දමන ලදි. එම නඩු දෙකකින් සැමියාව නිෙදාස් කොට නිදහස් කරන ලදි.
එක් නඩුවකින් මුදා හරින ලදි. එම නඩුව නැවත පවරා ඇත. නඩු දෙකක් තවම පවතී.

(5) මේ වන විට, රෝහණ පීරිස් නැමැත්තා වෙනත් ව්‍යාපාරියකු මගින් නැව.ත කුඹුර ගොඩ කිරීමට පටන් ගන්නා ලදි. ඒ බව සැමියා අදාළ ආයතනවලට ගොස් පැමිණිලි කරන ලදි.

(6) එම පැමිණිලි කිරීමට ප‍්‍රතිචාර වශයෙන් මොරගහහේන පොලීසිය යොදවා සැමියාව ව්‍යාජ චෝදනා යටතේ රිමාන්ඞ් කිරීමට උත්සාහ ගනී.
නීති විරෝධී ක‍්‍රියාවන්හි නිරත දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් එක්ව සිදුකරන, පරිසර විනාශය එක් පැත්තකින් ආරක්ෂා කරන අතර, අනෙක් අතට පොලීසිය පීඩාවට පත්කරනු ලබයි.

මා ඉල්ලා සිටින්නේ,
1. 2020.01.02 දින මොරගහහේන පොලීසියේ සැරයන් ලාල් කාන්ත, පො.කො. කරුණාරත්ත හා හා ඔවුන් සමග පැමිණි අනෙක් නිලධාරියාට,
2. මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.
විශේෂ සටහන: මාගේ සැමියා පද්මසිරි විසින්, 2019.10.14 වන දිනැති පැමිණිල්ලට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාවේ 2019.11.05 වන දින පවත්වන ලද විමර්ශනයට පොලීසිය ඉදිරිපත් නොවූ බවද පෙන්වා දීමට කැමතිය.
මෙයට,
මල්කාන්ති


No comments:

Post a Comment