Video Game එකක හිරවුනු ත්‍රාසජනක අත්දැකීමක් – JUMNJI

Avatar Nisanka Weheraduwa | December 13, 2019 437 Views 0 Likes 0 Ratings

437 Views 0 Ratings Rate it

JUMANJI චිත්‍රපට මාලාව ගැන හොලිවුඩ් චිත්‍රපට බලන අයට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 1995 අවුරුද්දේ මුලින්ම නිර්මාණය වුනු JUMANJI චිත්‍රපටයෙන් පස්සේ 2017 අවුරුද්දේ නිර්මාණය කෙරුණු JUMANJI – Welcome to the jungle චිත්‍රපටයත් ප්‍රේක්ෂකයින් බොහොම ආසාවෙන් රසවින්ද චිත්‍රපට වුනා. ඒ චිත්‍රපට මාලාවේ ඊළඟ පියවර JUMANJI – The next level.

Adventure comedy චිත්‍රපටයක් විදිහට තමයි ඔවුන් මේ චිත්‍රපටය හඳුන්වන්නේ. Spencer කියන්නේ තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. නිව්යෝක් නගරයේ ඉගෙනගන්න ස්පෙන්සර් තමන්ගේ ගෙදරට එන්නේ නිවාඩුවකට. ගෙදර ඉන්නේ ඔහුගේ අම්මා සහ සීයා. Martha Kaply එක්ක ස්පෙන්සර්ගේ තිබුනේ ප්‍රේමණීය බැඳීමක්. ඒත් ඒ සම්බන්ධය ගැන ස්පෙන්සර් හිටියේ කණගාටුවෙන්. තවදුරටත් ඔවුන් පෙම්වතුන් නෙමෙයි කියල ස්පෙන්සර් තමන්ගේ සීයා එක්ක කියනවා. ඒ කණස්සල්ල නිසාම ස්පෙන්සර් කලින් විනාශ කරලා දාල තිබුණ JUMANJI වීඩියෝ ගේම් එක ආපහු හදනවා. ස්පෙන්සර් ගැන ආරංචියක් නැති තැන ඔහුව හොයාගෙන ඔහුගේ ගෙදරට එන්නේ මාර්තා, බ්ලෙන් සහ බැතනි. ස්පෙන්සර්ගෙ සීයා Eddie Giplin සහ ඔහුගේ යාලුවා Milo Walker ඔවුන්ට මුණගැහෙනවා. ස්පෙන්සර් ගෙදර නැති බව දැනගන්න මේ යාළුවන් ඔහුගේ පරණ ගබඩා කාමරය පරික්ෂා කරද්දී ඔහු ආපහු JUMANJI ගේම් එක activate කළ බව දකින්න ලැබෙනවා. බ්ලෙන්ගේ දැඩි අකමැත්ත ගණන් නොගන්න මාර්තා, ස්පෙන්සර්ව හොයාගෙන JUMANJI වෙත යන්න තීරණය කරනවා.

කොහොම වුනත් මාර්තා එක්ක ස්පෙන්සර්ගේ සීයාත්  සීයාගේ මිතුරා Milo සහ බ්ලෙන් JUMANJI වෙත යනවා. මේ ගමන ඔවුන් මේ ත්‍රාසජනක ක්‍රීඩාවේ කොහොම නිරත වෙයිද..? ඔවුන්ට JUMANJI ලෝකය බේරා ගැනීමට හැකිවේද..? ඒ කටයුත්තේදී මොන විදිහේ බාධක වලට මුහුණ දෙන්න මේ පිරිසට සිදුවෙයිද..? බැතනි ඊළඟට කුමක් කරනු ඇතිද..? මේ ගැටළු සියල්ලටම පිළිතුරු හොයාගන්න නම් ඔබට මේ අපූරු චිත්‍රපටය නරඹන්නම වෙනවා. ත්‍රාසජනක අත්දැකීම් මැද අපූරු හාස්‍ය රසයක් ගෙන එන්නත් පිටපත සකස් වෙලා තියෙනවා. ඒ වගේම JUMANJI පසුගිය චිත්‍රපට වගේම ඉතා ඉහළ තාක්ෂණික භාවිතාවක් සහිතව මේ චිත්‍රපටයත් නිර්මාණය වෙලා තියෙනවා.

Jeff Pinkner සහ Scott Rosenberg එක්ක එකතුවෙලා Kadson මේ චිත්‍රපටයේ තිර රචනය සකස් කොට තිබෙනවා. Jake Kadsonගේ  අධ්‍යක්ෂණයක් වුනු චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා Gyula Pados. රංගනයෙන් Dwayne Johnson, Kevin Hart, Jack Black, Koren Gillan, Nick Jonas, Alex Wolff, Morgan Turner, Ser’Darius Blain, Madison Iseman, Awkwafina,Danny Glover, Danny DeVito දායක වී තිබෙනවා. මිනිත්තු 123ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයට වැයකළ මුළු මුදල ඇමරිකානු ඩොලර් 125ක්. 2019 ජනවාරි මාසයේ චිත්‍රපටයේ රුගත කිරීම් අරඹා තිබුනා. Dwyan Johnson චිත්‍රපටයේ චරිතය වෙනුවෙන්  ඇමරිකානු ඩොලර් මිලියන 23.5ක මුදලක් අයකළ බවත් සඳහන් වනවා.

JUMANJI – The next level දැන් ලෝකය පුරා තිරගත වනවා. ලංකාවෙත් 3D තාක්ෂණයෙන් යුත් සිනමාහල් වල මේ චිත්‍රපටය තිරගත කෙරෙනවා.

 

Share

437 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.