Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

71 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම

දෙසැම්බර් 10 වන දිනට යෙදෙන ජාත්යන්තර මානව හිමිකම් දිනට සමගාමීව ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධනය කළ දිරියෙන් මානව හිමිකම් දිනාගමු යන මැයෙන් ජාත්යන්තර මානව හිමිකම් දින සැමරුම කොළඹ 07 ඔලිම්පික් නිවහනේදී පැවැත්විණි.
ප‍්‍රථමයෙන් ජයතිලක බණ්ඩාර මහතාගේ ගීතයකින් ආරම්භ වු මානව හිමිකම් දින සැමරුමේ පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම හර්මන් කුමාර මහතා විසින් සිදු කළේ . ඉන්පසුව ඔහු විසින් ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යෑම සදහා සභාවේ ඉදිරිය මෙහෙයවීමට නීතීඥ ජිවනි කාරියවසම් මහත්මිය, චින්තක රාජපක්‍ෂ මහතා චමිලා තුෂාරි මහත්මිය , හැඞ්ලි පෙරේරා මහතා , සදුන් තුඩුගල මහතා සභාව මෙහෙය වන්නට ආරධනා කළේ
නීතීඥ ජිවනී කාරියවසම් මහත්මිය මානව හිමිකම් සම්බන්ධයෙන් වර්තමාන භාවිතය සම්භන්ධයෙන් අදහස් ඉදිරිපත් කළා , මානව හිමිකම් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමේදී සමාජයේ පවතින අභියෝග හා වර්තමාන දේශපාලන ප‍්‍රපංචය සම්බන්ධයෙන් ඇය විසින් ඉදිරිපත් කළාය.
ආචාර්ය අහිලන් කදිරගාමර් මහතා එදින මෙම අවස්ථාව සදහා සහභාගි වීමට අවස්ථාවක් නොමැති නිසා ඔහුගේ සංවාදයක් වීඩියෝ ගත කර ඉදිරිපත් කළ අතර පසුව සදුන් තුඩුගල මහතා එය සිංහල භාෂාවෙන් සාරාංශ කොට සභාවට ඉදිරිපත් කළේ . ඉන්පසුව සදුන් තුඩුගල මහතා හැඞ්ලි පෙරේරා මහතා අදහස් ඉදිරිපත් කළහ. පසුව සභාමේ විවෘත සංවාදයක් වෙත යොමු වු අතර විවිධ පාර්ශව මෙහිදි අදහස් ඉදිරිපත් කළහ. පසුව චින්තක රාජපක්‍ෂ මහතා චමිලා තුෂාරි මහත්මිය සභාවෙන් පැමිණි අදහස් සාරාංශ කොට ඉදිරිපත් කළහ. පසුව සම්පත් පුෂ්පකුමාරගේ ස්තූතියෙන් සහ ජයතිලක බණ්ඩාර මහතාගේ ගීතයකින් සභාවේ වැඩ කටයුතු නිමාව දක්නා ලදී.