HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රාති‍්‍ර අහස එළිය කරන්න නව සඳක් චීනයෙන්!

රාති‍්‍ර කාලයේ නගර ආලෝකමත් කළ හැකි අපූරු දෙයක් චීනය කරන්න යනවා. ඒ අනුව 2020 දී රාත්‍රියට කළුවර වන විට අලූත් සඳක් චීනයට ඉහළින් අහසේ පායාවි.

චීන විද්‍යාඥයන් කරන්නට යන මේ විස්මිත අත්දැකීම විඳගන්නට මුලින් ම ලැබෙන්නේ නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ මහ නගරය වූ චෙන්දු නගරවාසීන්ටයි.


චීන රාජ්‍ය මාධ්‍ය දක්වන හැටියට මෙසේ යැවෙන්නේ හිරු එළිය පෘථිවිය වෙත පරාවර්තනය කළ හැකි කෘති‍්‍රම චන්ද්‍රිකාවක්. මේ අපූරු අභ්‍යවකාශ වස්තුව ඒ නගරයට ඉහළ උඩුගුවනේ රැඳී සිටිමින් මුළු රාති‍්‍ර කාලය පුරා ම හිරුගෙන් ලැබෙන එළිය නොකඩවා ලබා දෙනවා. මෙය මෙතෙක් වීදි ලාම්පුවලින් ලද ආලෝකය වෙනුවට යොදා ගන්නට අපේක්ෂා කරන්නක්. එහෙත් වීදි ලාම්පුවලින් ලැබෙන ආලෝක තරම් මෙහි එළිය ප‍්‍රබල නැහැ. චීන විද්‍යාඥයන් කියන විදියට පහෙන් එකක එළියක් තමා මෙයින් ලැබෙන්නේ.

චීන විද්‍යාඥයන් කියන විදියට මේ අලුත් කෘති‍්‍රම සඳ එළිය සාමාන්‍ය සඳෙහි එළිය මෙන් අට ගුණයක් ආලෝකයෙන් වැඩියි. එය පෘථිවියේ සිට කි.මී. 500ක් (සැ.310ක්) ඉහළින් ස්ථාපිත කෙරෙනු ඇති. සාමාන්‍ය චන්ද්‍රයා පෘථිවියේ සිට කි.මී. 380 000ක් ඈතිනුයි පිහිටා ඇත්තේ.

මේ නව කෘති‍්‍රම සඳ නිසා චෙන්දු නගරය විදුලියෙන් ආලෝකමත් කිරීම සඳහා වන බිලියන 1.2ක වියදම ඉතිරි කර ගන්න පුලූවන් වෙනවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2020 දී තවත් කෘති‍්‍රම චන්ද්‍රයන් තුනක් උඩු ගුවනට යවන්න චීනය බලාපොරොත්තු වෙනවා.

මේ අපූරු සැලැස්ම ගැන සඳහන් කරන ටියාන් ෆූ නව ක්ෂේත‍්‍ර විද්‍යා සංගමයේ (Tian Fu New Area Science Society) ප‍්‍රධානියා වන වූ චුන්ෆෙන් කියන්නේ ඒ ක‍්‍රමයෙන් මුළු රැය පුරා ම නගරය ආලෝකමත්ව පවතින බවයි ”දැනටමත් අපි අත්හදා බැලීම් කරනවා, කාන්තාර ප‍්‍රදේශයක. ඒ නිසා ඒ අත්හදා බැලීම් නිසා ජනතාවටත් පෘථිවියේ පිහිටුවා ඇති නිරීක්ෂණාගාර උපකරණවලටවත් කිසිම බලපෑමක් සිදුවන්නේ නැහැ” ඔහු තවදුරටත් කියනවා.

මේ විධියේ උත්සාහයක් මුල්වරට ගත්තේ චීනය නොවෙයි. 1990 සිට මෙවැන්නක් ගැන රුසියානු විද්‍යාඥයන් පර්යේෂණ කරලා තියෙනවා. ඒ පර්යේෂණවලින් අනතුරුව 1999 දී එය කි‍්‍රයාවට නංවන්න  උත්සාහයක් ගෙන තිබෙනවා. රුසියානු විද්‍යාඥයන් හැදුවේ විශාල දර්පණයක් අභ්‍යවකාශයෙහි රඳවා හිරු එළිය අඩුවෙන් ලැබෙන එරට උතුරේ පිහිටි නගරවලට හිරු එළිය කෙළින් ම පරාවර්තන කර ආලෝකය සපයන්නයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන විදියට ඒ උත්සාහය පසුව අත්හැර දමා තියෙනවා. රොකට්ටුවකින් උඩු ගුවනට හකුළුවා යවන ලද ඒ යෝධ දර්පණය බලාපොරොත්තු වූ පරිදි උඩු ගුවනේ දී දිග නොහැරුණු බවත් පසුව එය වායුගෝලය තුළ ම ගිනිගෙන ගෙන විනාශ වූ බවත් ඒ පුවත්පත සඳහන් කරනවා.

Post a Comment

0 Comments