Monday, December 9, 2019

තාප්ප වල චිත‍්‍ර ඇඳීම සමග සිහියට නැගුන බර්ලින් තාප්පය ගැන සටහනකි මේ.


තාප්ප වල චිත‍්‍ර ඇඳීම සමග සිහියට නැගුන බර්ලින් තාප්පය ගැන සටහනකි මේ.

දෙවන ලෝක යුද්ධය 1945 අවසන් විය. මහා බලවතුන් පරාජයට පත්වූ ජර්මනිය කළාප හතරකට වෙන් කර ගත්තේය. නැගෙනහිර කළාපය හිමි වූයේ, සෝවියට් දේශයට (රුසියාව) ටය. ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය හා ඇමෙරිකා එක්සත් ජනපදයට බටහිර කොටස හිමි විය. අගනුවර බර්ලිනය ද එ් ආකාරයට වෙන් කර ගනු ගනු ලැබීය.

1961 දී, නැගෙනහිර ජර්මනිය (කොමියුනිස්ට් පාලනය පැවති) විසින් පැසිට් වාදීන් ගෙන් ආරක්ෂාව සඳහා බව ප‍්‍රකාශ කරමින් බර්ලින් තාප්පය ඉදි කිරීම ආරම්භ කෙරිණි. එ් නැගෙනහිර ජර්මානුවන් බටහිරට පල යෑම වළක්වාලීමටය.

සීතල යුද්ධය අවසානයේ බර්ලින් තාප්පය බිඳ දමන ලද අතර ජර්මනිය එක්සත් විය.

එහෙත් මෙම තාප්පයේ කොටසක් ඉතිරි කරන ලදි. අනාගතයට ඉතිරි වූ කොටසේ පවතින මේ චිත‍්‍රයේ සිටින්නේ එවක සෝවියට් නායක බ්‍රෙෂ්නෙව් හා නැගෙනහිර ජර්මන් නායක එරික් හොනකර් සිප වැළඳගත් ආකාරය.


 පිවිසෙන්න :

Youtube - https://www.youtube.com/user/janasansadaya/featured
Web - http://www.janasansadaya.org/ Facebook group - https://www.facebook.com/groups/21653...

No comments:

Post a Comment