0 Shares

බොහෝ පිරිසක් රැකියාවක් සොයා ගැනීමට සිහින දකින විට, රැකියාවේ උසස් වීම් ලබා ගැනීමට සිහින දකින විට, ලෝකයේ ඉතාමත් සුළු පිරිසක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනයක් දකිනවා. ඇත්තෙන්ම එය ලෝකයේ හොඳම රැකියාවක් කිරීමට වඩා ශ්‍රේෂ්ඨ අදහසක්. මක් නිසාද යත්, යමෙකු ලොව විශාලත්ම සමාගමේ උසස්ම රැකියාවක් කලත්, ඔහු එයි සේවකයෙකු පමණයි. නමුත්, කුඩාවට හෝ ඔබ ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ඔය එම ව්‍යාපාරයේ අයිතිකරුයි. කෙසේ වෙතත්, ඕනෑම දෙයක ආරම්භයයි අපහසුම.  ඉතින්, සාර්ථකව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද යන්න දැන සිටීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනයක් දකින ඕනෑම අයෙකුට ශක්තිමත් අඩිතාලමක් වනවා.

Start a Business

ඔබට වඩාත් හොඳින් කල හැකි සහ ඔබ වඩාත් ප්‍රිය කරන දෙයින් අරඹන්න

අපි ඉතාමත් උද්‍යෝගයෙන් සිදු කරන්නේ අපි ඉතාමත් කැමති කාර්යන් වන අතර, අපි අකමැති කාර්යන් අපි කරන්නේ අලස ලෙසයි. ඉතින්, ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමේදී උවද එය එසේම බලපායි. තමන් කැමති සහ, තමන් වඩාත්ම ප්‍රිය කරන විශය පඨයක් තෝරා ගෙන, තමන්ගේ සිහින ව්‍යාපාරය ඒ හරහා ගොඩනැංවීම ඉතාමත් ඉක්මන් ගමනක් ඔබට අත් කර දේවි. ඒ විශය පිලිබඳව ඔබ බොහෝ දේවල් දන්නා නිසත්, බොහෝ ප්‍රායෝගික අත්දැකීම් පවා තිබිය හැකි නිසාත්, මනා පුහුණුවක් තිබිය හැකි නිසාත්, එය ඔබට නිතැතින්ම පහසුවක් වනවා. ඒ හැරත්, ඔබ කැමති කාර්යක් අනුසාරයෙන් ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීම ඔබව තෙහෙට්ටුවකින් තොරව දවසේ වැඩි කාලයක් ව්‍යාපාර කටයුතු වල රඳවා තබා ගැනීමට හේතුවස්ක් වේවි.

සමාජයේ අවශ්‍යතාවය හඳුනාගන්න

ඉහතින් සඳහන් කල, ඔබ වඩාත්ම ප්‍රිය කරන හා ඔබට වඩාත්ම හොඳින් කල හැකි දෙයකින් ව්‍යාපාරය ඇරඹීම සිදු කල යුත්තේ එය සමාජයේ අවශ්‍යතාවයක් වන්නේ නම් පමණි. නව ව්‍යාපාරයක් ඇරඹීමේදී වඩාත්ම සැලකිලිමත් විය යුතු සංවේදීම කරුණ වන්නේ මෙයයි. ඔබගේ ව්‍යාපාර අදහස, සමාජයේ වැඩි පිරිසකගේ අවශ්‍යතාවයක් වන තරමට ඔබගේ ඉදිරි අනාගතය යහපත් එකක් වනවා. එසේම එයම අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා ඔබ ඉදිරිපත් කරන නිශ්පාදනය, සමාජයට දැරිය හැකි තරමේ මිළකට සැපයිය හැකි වීමද වැදගත් වනවා.

ව්‍යාපාර සැලැස්මක් සාදා ගන්න

ව්‍යාපාර සැලැස්මක් සෑම විටම වෘත්තීය මට්ටමේ එකක් විය යුතු නැහැ. එය ඔබගේ මනසේ ඇදුනු සැලැස්මක්ද විය හැකියි. ව්‍යාපාරය සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු කාරනා රාශියක් වනවා. නිශ්පාදන හෝ සේවා ක්‍රියාවලිය සැලසුම් කිරීම, අලෙවි ක්‍රමයන් සැලසුම් කිරීම, මූල්‍ය ගණුදෙනු හා ආරම්භක ප්‍රාග්ධනය මෙන්ම ඉලක්කගත ආදායම සැලසුම් කිරීම, නිශ්පාදනයේ මිල නියම කිරීම ආදිය ඒ අතර ප්‍රධාන වනවා. ඊට අමතරව, තමන්ගේ නිශ්පාදනය මිලට ගැනීම සඳහා සිටිය හැකි පාරිභෝගික පිරිස කොපමණද, දැනට එම නිශ්පාදනය හෝ අදේශයන් නිශ්පාදනය කරමින් සිටින තරඟකරුවන් කවුරුන්ද, ඔවුන්ගේ නිශ්පාදන වල ගුණාත්මක බව හා මිල ගණන් කෙබඳුද ආදී කරුණුද සලකා බැලිය යුතු වනවා.

සෑම විටම අන්තර්ජාලයට මුල් තැන දෙන්න

ඔබ එක් නිශ්චිත ස්ථානයක වෙළඳසැලක් හෝ වෙන යම් ව්‍යාපාරික ස්ථානයක් පිහිටිවා ගත හොත්, එය දකින් පිරිස ඉතා අතලොස්සක් විය හැකියි. එසේම නගරයේ හොඳින් පෙනෙන තැනක විශාල දැන්වීමක් පල කලහොත් එය දකින පිරිසද උපරිම ලක්ශ ගනනක් විය හැකියි. නමුත්, ඔබ අන්තර්ජාලය භාවිතා කරමින් ව්‍යාපාරය සිදු කරනවා නම්, ඔබව දකින පිරිස බිලියන ගනනක් විය හැකියි. එයයි අන්තර්ජාලයේ ඇති විශේෂත්වය. ඊට අමතරව එය ව්‍යාපාරික ස්ථානයක් පිහිටුවා ගැනීමට වඩා ලාභදායිද වනවා. ව්‍යාපාරය ආරම්භයේදීම ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම, ෆේස්බුක් පිටිවක් නිර්මාණය කිරීම ආදී සමාජ ජාල ක්‍රම වෙත යොමු වීම, ඔබට අසීමිත අනාගත ප්‍රතිලාභ ගෙන ඒමට සමත් වනවා. නිශ්පාදන සමාජයට ඉදිරිපත් කිරීම, විකිණීම, වෙළද දැන්වීම් ප්‍රචාරය ආදී ප්‍රධානතම කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීම අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභ ඔබ වෙත අත් කර දෙනවා.

ඉතින්, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ඔබට, ඉහත සඳහන් කල කරුණු නිතැතින්ම සහයක් වේවි. දැනගෙන යන ගමන අතරමං නොවන බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. ඉතින් දැන් දැනගෙන ව්‍යාපාරික ජීවන ගමන අරභන්නට ඔබටත් හැකියි.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply