Main Logo

Sunday 17 November 2019

ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද ජාතිවාද පරාජය කරමු



ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද  ජාතිවාද පරාජය කරමු



ඡන්ද ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතිනවා. මේ මොහොතේ දී (උදේ අටට පමණ) නම් ඉදිරියෙන් ඉන්නේ සජිත්. ඒත් අවසානයේ දී ගෝඨාභය දිනාවි. ඡන්ද ප්‍රතිඵල සියල්ල නිල වශයෙන් පිට වූ පසු විශේලේෂණයක් ඉදිරිපත් කරනවා.


එතෙක් කරුණක් දෙකක් පමණක් කියන්න ඕන. මෙවර උතුරු හා නැගෙනහිර පළාත්වල අසිංහල ඡන්ද සාමාන්‍යයක් ලෙස ගතහොත් 85%ක් පමණ සජිත්ට ලැබිලා. ගෝඨාභයට ලැබී ඇත්තේ 5%ක පමණ ඡන්දයක්. මේ ප්‍රතිශත සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්.  

ශිවාජිලිංගම්ට හා හිස්බුල්ලාට ඡන්ද ලැබිල නැහැ. ඉතා පැහැදිලිව සුමන්තිරන්, බද්‍යුද්දීන් හා හකීම් අසිංහල ඡන්ද ලබා ගැනීමට දැඩි ව්‍යාපාරයක් ගෙන ගොස් තියෙනවා. සුමන්තිරන් ප්‍රසිද්ධියේ ම කිව්වේ සිංහලයන් පැරදවීමට දෙමළ කතා කරන ජනයා සජිත්ට ඡන්දය දිය යුතු බවයි. හකීම් සජිත්ගේ වේදිකාවෙ ද්වේෂයෙන් කිව්වේ ඇතැම් නාළිකාවලට දඬුවම් කළ යුතු බවයි. බද්‍යුද්දීීන් මුස්ලිම් ජනයා ලියා පදිංචි කෙළේ කෙසේ දැයි සොයා බලන්න ඕන.  

ගෝඨාභය දිනන්නේ සම්පූර්ණයෙන් ම මෙන් සිංහල ඡන්දවලින්. සිංහල ජනතාවගේ ඡන්දවලින් 68%ක් පමණ ගෝඨාභයට ඡන්දය දෙන බව පේනවා. සිංහල ජනතාවගේ ඡන්දවලින් 66.7%ක් ගත්තත් දිනන්න පුළුවන්.  

සිංහලයන් මෙන් නොව අසිංහලයන් උඩින් පක්‍ෂවලින් මෙහෙයවනු ලබනවා. එහෙත් සිංහලයන් පක්‍ෂ මෙහෙයවනවා. මෙවර ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා. එහෙත් ඒ මතය ජනතාව අතර තහවුරු වුනේ නැහැ. එය තහවුරු කිරීමට නොව තහවුරු නොකිරීමටයි වැඩ කෙරුණෙ.  

ගෝඨාභය දිනවන්නේ සිංහලයන් විසින් මිස පක්‍ෂ විසින් නොවෙයි. ඒ බව දේශපාලන පක්‍ෂ තේරුම් ගන්නවා නම් හොඳයි.  

අප ජාතික දේශපාලනයකට හුරු වෙන්න ඕන. ගෝඨාභය  ජාතික දේශපාලනයක නායකයා වෙන්න ඕන. එ ජා පක්‍ෂය හකීම්ගේ සුමන්තිරන්ගේ නායකත්වයෙන් උතුරට හා නැගෙනහිරට සීමා කරමු.  සිංහලයන් දේශපාලන පක්‍ෂවලින් ජාතික දේශපාලනයට යොමු කරමු.  

අප යුද්ධයෙන් (මෙයෙහුම්වලින්) දෙමළ ජාතිවාදය පරාජය කරා. ඡන්දයෙන් ද දෙමළ ජාතිවාදයත් මුස්ලිම් අන්තවාදයත් පරාජය කරමු. 

සිංහලයන් අතර රාජ්‍ය සේවකයන්ට වඩා අනෙක් ජනයා සුළු වශයෙන් නමුත් ගෝඨාභයට ප්‍රතිශතයක් ලෙස ගත් කල ඡන්දය දී තිබෙනවා. එසේ වූයේ ඇයි දැයි තේරුම් ගත යුතුයි.  


මෙවර මුල දී රනිල්ට අවශ්‍ය වූයේ සජිත් පැරදවීමට. ජ වි පෙ ඉදිරිපත් කෙළෙත් ඒ සඳහායි. දෙමළ ජාතික සංධානය මුල දී තීරණය කෙළේ ඡන්දය දීමෙන් වැළකී සිටිමට. එහෙත් පසුව රනිල් සුමන්තිරන් හකීම් ඉන්දියාව එකතු වී තීරණයක් ගෙන තියෙනවා සජිත් වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වී වැඩ කරන්න. එහි ප්‍රතිඵල උතුරු හා නැගෙනහිර පළාත්වල දකින්න පුළුවන්.