Monday 11 November 2019

ඇමරිකානු ආධාර නිසා එළියට ආ කුණුගොඩවල් - MCC Grant and Rubbish


මේ ලිපියේ අලුත් දෙයක් නැත. මෙහි ඇත්තේ, දින දෙක තුනක සිට කතා බහට ලක් වූ මාතෘකාවක් සහ එනිසා එළියට ආ, මේ වන විට පිළුණු වීමට කිට්ටු වී ඇති, කුණුගොඩවල් දෙකක් ගැන වචන හත්අටසීයක් පමණි.

එකී මාතෘකාව නම් ඇමරිකානු එක්සත් ජනපද රජයේ ආයතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එක විසින් ලංකාවට ප්‍රදානය කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන් 480 ක ආධාරයයි. ලංකා රජය විසින් දශකයටත් පෙර කාලයක සිට ඉල්ලුම් කර ඇති නමුත්, එකල නොලැබුණු, මේ ආධාරය මෙවර අනුමත වී ඇත්තේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විහිදෙන උපායයික වටිනාකමකින් යුක්ත වූ කලාපයේ ඉඩම්, මාර්ග යනාදියේ මූලික සංවර්ධන වැඩකටයුතු කිරීමටයි.

මේ පිළිබඳ සිංහල භාෂාවෙන් ලියවුණු ලිපි දෙකක් පහත දැක්වේ. මේ ලිපි ලියා ඇත්තේ ආර්ථික විද්‍යාඥයෙකු, මැවිසුරුවෙකු සහ විශ්වවිද්‍යාල දේශකයෙකුවන ඉකොනොමැට්ටා විසිනි.

1. අක්කර දොළොස් ලක්ෂයක් ඇමරිකාවට! https://economatta.blogspot.com/2019/11/blog-post_4.html

2. දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්! https://economatta.blogspot.com/2019/11/blog-post_6.html

ඉංග්ලිෂ් භාෂාවෙන් ලියවුණු විචාරයක් සහ වැදගත් මූලාශ්‍ර එකතුවක් පහත සටහනෙන් කියවා බලා ගත හැක. මෙය ලියා ඇත්තේ කැනඩාවේ විශ්වවිද්‍යාලයක ඉහළ තනුරක් දරණ ශ්‍රී ලාංකික මහැදුරෙකුවන ජනක රුවන්පුර විසිනි.

Projects under MCC https://www.facebook.com/janaka.ruwanpura/posts/10157349834435199

දැන් ලෝකය ගැන යම් කිසි අවබෝධයක් ඇති ඕනැම අයෙකු දන්නා පරිදි, ධනවත් රටවල් මගින් දියුණු වෙමින් පවතින රටවලට ආධාර ලබා දීම සාමාන්‍ය කරුණකි. මා වසන ඕස්ටේ‍ර්ලියාව ද එසේ කරයි. මේ වසරේ එසේ ලබාදෙන ආධාර ප්‍රමාණය ඕස්ටේ‍ර්ලියානු ඩොලර් බිලියනට හතරකට වැඩිබව කියවේ. විකිපීඩියාවට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික විදේශාධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන් 40 කට වැඩිය. මේ යුධ ආධාර නොව සංවර්ධන ආධාර ප්‍රමාණයයි. ලංකාවටත් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන දාහතරක් පමණ විශාල ආධාරයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කෙරෙන බව පැවසේ. මීට අමතරව සුනාමියෙන් පසු නැවත ඉඳිකිරීමේ කටයුතු සඳහා ඩොලර් මිලියන 135 ක් ලබා දී ඇත. මෙයට ආරුමුගම් බොක්කේ පාලම ගොඩනැගීමට කර ඇති ආධාරය ද ඇතුළත් ය.

අප බොහෝ දෙනෙකු කුඩා කළ පාසලේ දී අනුභව කළ ඇදිහැස නම් විස්කෝත්තු ද අපට ලැබුණේ ඇමරිකානු ආධාරයක් නිසා බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.

එසේ නමුදු ඉතිහාසය පුරා සිදුවුණු විවිධ දේශපාලනික බලපෑම් නිසා ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව ලාංකික අප සිත් තුළ විශාල බියක් පැලපදියම් වී ඇත. මේ ඇමරිකානු විරෝධය සමාජවාදී කඳවුරට පක්ෂව සිටි විවිධ සමාජවාදී පක්ෂ මගින් ලංකාවේ ඇති කරන ලද අනියත බියක් පමණක් බව සිතිය හැක්කේ, ලංකාව තමන්ගේ ඊළඟ දියාගෝ ගාර්ෂියාව කිරීමට ඇමරිකානු හමුදා මෙරට ආක්‍රමණය කරන තෙක් අප බලා සිටිය ද, එය තවමත් සිදුවුණේ නැති නිසා ය.

අනිත් අතට, මා කලක් සේවය කළ වානේ සංස්ථාව යනු ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනවාදී කඳවුරේ ප්‍රධාන සතුරා වූ රුසියාවෙන් මුළුමනින් ම අපට ලබා දුන් ආධාරයකි. රුසියාව තවත් මේ ආකරයේ කර්මාන්ත ශාලා ලංකාවට ලබා දී තිබුණ ද, එ නිසා ලංකාව රුසියාව විසින් අත්පත් කර ගත්තේ ද නැත.

ධනවත් රටක් දුප්පත් රටකට ආධාරයක් කරන විට, අප පුන්‍යාධාරයක් කර සතුටුවනවාට වඩා වැඩි යමක්, යටි අරමුණක්, එහි ඇතැයි සිතීම සැම විටම අසත්‍යයක් නොවේ. බොහෝ විට ඒ අරමුණ කලාපයේ තමන්ට මිතුරන් සාදා ගැනීම විය හැක. අදාළ රටේ ධනවාදී ආර්ථියක දියුණු කර එමගින්, තම වෙළඳ පොළ දියුණුකර ගැනීම විය හැක. ඇමරිකානු එක්සත් ජනපදය යනු ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොළයි. වෙළදාමේ වාසිය ලංකාවේ පැත්තට ය.

එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දයක දී තමන්ට ඡන්දයක් ලබා ගැනීම විය හැක. පෝක්ලන්ත යුද්ධයේ දී මුළු ලොවම එංගලන්තයට විරුද්ධ වෙද්දී ලංකාව පක්‍ෂපාතීව ඡන්දය දුන්නේ වික්ටෝරියා ජලාශය සැඳීමට දුන් ආධාර නිසා යැයි කියවේ. සමහරුන්ට මෙය කෙළෙහි ගුණ සැලකීමක් ලෙස ද විස්තර කළ හැක.

චීනයෙන් ලංකාවේ විවිධ කටයුතු සඳහා ආධාර දෙන විට, ඒවා ණය ලෙසත්, වෙළඳ අනුපාතික යටතේ දුන් නිසා මෙවැනි ප්‍රශ්න, එනම් යටි අරමුණු තිබේ ද වැනි, අපේ සිතට ආවේ නැත. අවසානයේ බොහෝවිට සිදුවූයේ සුදු අලි කිහිප දෙනෙකු සහ අධික ණය බරක් උරුම වීම පමණකි.

ඩොලර් මිලියන හාරසිය අසුවක මේ ආධාරය ලංකාව පසුගිය දශකය තුළ ගත් ණය හා සලකන විට ඉතා සුළු එකකි. එසේම, ලෝක විදේශ ආධාර ගැන සලකන විට මෙය ඉතා සොච්චමකි. එයිනුත් සෑහෙන ප්‍රතිශතයක්, මෙම ව්‍යාපෘතිවල සේවය කරන විදේශ සහ දේශීය පුද්ගලයින් ගේ වැටුප්, වාහන සහ කාර්යාල කුලිය සඳහා වැයවෙන බව සිතිය හැකියි.

අපේ සිත්වල පැලපදියම් වී ඇති ඇමරිකානු විරෝධය සහ පොදු අතතිභීතිකාව නිසා, කරුණු කිසිත් නොසොයා, නොබලා, ලංකාවේ බයියන් කිහිප දෙනෙකු, නිසැකවම ඡන්ද වාසි පිණිස, මේ ආධාර වැඩසටහන පිළිබඳ ජනතාව තුළ බිය ඇතිකරන ප්‍රචාර ආරම්භ කරන ලදී.

වීරවංශ වැනි නිසැක බයියන් ගැන සහ ගොමා වැනි බයි සංගම් ගැන බයිට් නාස්ති කිරීම අතහැර ඉහත පිරිසෙන් වෙනස් ආකාරයකින් සුවිශේෂ කුණු ගොඩවල් දෙකක් ගැන මගේ අදහස් කෙටියෙන් මේ ලිපියට ඇතුළත් කරමි.

එයින් නොවැදගත් පුද්ගලයා නම් ජනනායක නම් ටියුෂන්කාරයෙකි. ඔහු ජීවවිද්‍යා ටියුෂන්කාරයෙකු බවත්, අසරණ දෙමව්පියන් දිනකට රුපියල් දහස් ගණනක් ගෙවා ටියුෂන් ගැනීමට මෙකී පුද්ගලයාගේ කඩයට එවන ළමුන්ගේ අගනා කාලයෙන් විනාඩි විස්සක් පමණ ප්‍රමාණයක් මොහු තම සිතැඟි පරිදි බයලොජි වෙනුවට බයි-ලොජි දෙසමින් සිසුන්ගේ මනසට අසූචි පිරවීමට තැත් කරන බව පෙනුණි.

බයලොජි හැදෑරුවේ නැතිවුණද, මම ද උසස් පෙළ සඳහා ටියුෂන් පිහිට පතා ඇත්තෙමි. ඒ රසායන විද්‍යාවටයි. මා හැදෑරු අනෙකුත් විෂයන් තුන සඳහා ද විටින් විට විවිධ කරුණු පිළිබඳ වැඩිදුර දැනුමක් ලබා ගැනීමට ටියුෂන් සරණ ගොස් ඇත්තෙමි. මගේ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා වූ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න හො අන් කිසිවෙකු තමන්ගේ පන්තිය පැවැත්වෙන සතියකට පැය තුනක කාලය තුළ, විෂය කරුණු මිස මේ ආකාරයේ අසූචි කතා නොකියූ බව මට සහතිකව කිව හැක.

ජනනායක වැනි කපටි හොරුන්ට සතිපතා තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කළ මුදලින් දහසින් බැඳි පියලි පුදන දෙමව්පියන් ඒ ගැන වඩා සැලකිලිමත් විය යුතුව ඇති බව පෙනේ.

මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් එකේ ආධාරය නිසා හෙළිදරව් වූ ප්‍රධානතම කුණු ගොඩ නම් උඩුදුම්බර කාශ්‍යප නම් චීවරධාරියා ය.



මොහු ගැන පැහැදී කලකට පෙර ඔහු ගැන ද, තවත් ඔහු මෙන්ම මැවිසුරු වෘත්තිය අතහැර මහණ දිවියට පිවිසුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරුවෙකු ගැන ද, මා ලියූ ලිපියක් මෙසේ ය.

ඉංජිනේරු හාමුදුරුවරු ගැන අසා නෑ නේද? - Fake monks and the real ones - https://rasikalogy.blogspot.com/2016/02/fake-monks-and-real-ones.html

තම ඉංජිනේරු වෘත්තිය අතැර මහණ දම් පිරීම අරඹා, වනවාසීව වැඩ සිටිමින් අභිධර්මය හදාරා විචිත්‍ර ධර්මදේශකයෙකු සහ බුදු දහම ප්‍රවර්ධනය කරන්නෙකු ලෙස නව ජීවිකාවක් ඇරඹූ උඩුදුම්බර කාශ්‍යප විටින්විට ඕස්ටේ‍ර්ලියාවට පැමිණි අයෙකි.

එවැන්නෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ආකාරයේ චර්යාවක් පෙන්නුම් කරමින් පෙර කී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර ව්‍යාපෘතියට විරෝධය පාමින්, දේශපාලන බළල් අතක් සේ ඔහු උපවාසයක් ඇරඹීම අප බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතු වූ බව අමුතුවෙන් කිව යුතුව නැත.

තම සසර ගමන ඉක්මනින්ම අවසාන කොට ගෙන නිවන වහාම ළඟා කරගැනීමට උඩුදුම්බර කාශ්‍යපට මෙම උපවාසය මගින් අවස්ථාව ලැබේවා යැයි ඉත සිතින් පැතූ අය ද එමට සිටින්නට ඇත.

ඔහු අපේක්‍ෂා කළ ආකාරයට ම තම ජනප්‍ර්‍රියතාව අවභාවිතා කරමින්, දිනක් වැනි කාලයක් ඇතුළත ප්‍රධාන දේශපාලන බලවේග දෙකෙන්ම ලිඛිත හා වාචික පොරොන්දු ලබාගෙන, උපවාසය අවසාන කිරීමට උඩුදුම්බර කාශ්‍යපට හැකි විය.

එපමණක් නොව ඒ ඩීල් එකේ තීන්ත වේලෙන්නටත් පෙර, තම උපවාස කර්මයේ දිට්ඨ ධම්මවේදනීය පලදීමක් ලෙස කොළඹ හතේ ඉඩමක් පිනට ලබා ගැනීමට ද කාශ්‍යපට හැකි විය.

බුදු බණ බොරු කළ නොහැක!


-රසිකොලොජිස්ට්

(image: http://www.designindaba.com/sites/default/files/node/news/19851/files/christoph-niemann-xenophobia-hi-res.jpg AND https://www.facebook.com/permalink.php?story_fbid=2459084017671307&id=1960441840868863)

8 comments:

  1. ඔබ සජිත් ප්‍රේමදාස මහතාට චන්දය දෙන අයෙක්ද?

    ReplyDelete
    Replies
    1. නැත.

      කිසි දිනක යූඇම්පීයට ඡන්දය දී නැත. අනාගතයේ දී ඡන්දය දීමට කිසිදු අදහසක් ද නැත.

      ඇත්තටම මා ලංකාවේ දී දක්‍ෂිණාංශික පක්‍ෂයකට ඡන්දය දී ඇත්තේ එක් වරක් පමණි. එසේ කළේ ද යූඇම්පීය බලයට ඒ යැයි බියක් දැනුණු නිසයි.

      මෙන්න ඒ විස්තරය.
      ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at teh presidential election

      Delete
  2. තව මොන මොනවා දෙයිද- ගනියිද- හුවමාරු වෙයිද හත් දෙයියනේ!
    අනේ සකෝ (සක්කරයෝ) බල ලෝ!!

    ReplyDelete
  3. //අනිත් අතට, මා කලක් සේවය කළ වානේ සංස්ථාව යනු ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනවාදී කඳවුරේ ප්‍රධාන සතුරා වූ රුසියාවෙන් මුළුමනින් ම අපට ලබා දුන් ආධාරයකි. රුසියාව තවත් මේ ආකරයේ කර්මාන්ත ශාලා ලංකාවට ලබා දී තිබුණ ද, එ නිසා ලංකාව රුසියාව විසින් අත්පත් කර ගත්තේ ද නැත.// රුසියාව නොව සෝවියට් දේශය මෙම ආධාර ලබා දී තිබේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන විවාදයක් නැත.

      කොටින් ම, මා මේ ලිපියේ දී USA සඳහා නිකම්ම ඇමරිකාව නොකියා ඇමරිකා එක්සත් ජනපදය ළෙස සැමවිටම ලියන්නට පරිස්සම් වුණා. නමුත් සමහර විට පුරුද්දට ඇමරිකාව යැයි කියවෙනවා.

      සෝවියට් දේශය යන අපට හුරුකර තිබුණු කෙටි නම වෙනුවට USSR සඳහා රුසියාව යැයි ලියවෙන්නේත් ඒ ආකාරයටමයි.

      Delete
  4. තිස්ස ජනනායක නිර්පාක්ෂිකයි කියල වැලලෙන්න හැදුව සමහරු

    ReplyDelete
  5. He is a capable teacher. However when he talks outside subject matter he is completely out of his depth. People will respect him if he stick to his subject matter.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.