Main Logo

Friday 8 November 2019

ඉන්දියානු විසදුම

        සිංහල ලිත් ඉලක්කම්



ඉන්දියානු විස දුම 



ඉන්දියාවෙන් ලංකාවට විෂ ධූමයක් හෙවත් විස දුමක් ඇවිල්ලා. ඒකෙන් කිහිප දෙනකු ලෙඩ වේවි. දින කිහිපයකින් පසු එය නැති වේවි. එහෙත් ඊට වඩා විස දුමක් (ඊනියා විසඳුමක්) දින කිහිපයකට කලින් ලංකාවට ආවා. ඒ විස දුම හරිගියොත් ලංකාව ම ලෙඩ වී මරණයට පත් වේවි. ඉන්දියාවෙන් විස දුම් එන්නෙ විසඳුම් හැටියට. විශේෂයෙන් ම රෝ සංවිධානයෙන්. රෝ නැති වුවත්  ඒක අද ඊයේ නොවෙයි අවුරුදු දහස් ගණනක් තිස්සෙ එන එකක්. අප එම්සීසී ගිවිසුම ගැන කතා කරනවා. එයට විරුද්ධ වෙනවා. එයත් මූලික වශයෙන් රට බෙදීමක් සඳහා ගන්නා තැතක් බව මා කියා ඇති. එම්සීසී ගිිවිසුම අත්සන් කිරීම තාවකාලික ව වුවත් නතර කර ගැනීම දේශප්‍රේමීන් ලැබූ ජයග්‍රහණයක් වගේ ම පරාජයක්. අර උපවාසය නතර කළ ආකාරය ගැන මගේ පැහැදීමක් නැහැ. ආණ්ඩුව හාමුදුරුවන්ගෙ උපවාසය අවසානයේ දී ඩැහැ ගත්තා. මා එසේ කීම ගැන බොහෝ දෙනා අසතුටු වන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් නැහැ. 

  
රෝ සංවිධානය උත්සාහ කරන්නේ අප රට ඔවුන්ගේ ප්‍රාන්තයක් බවට පත් කරන්න. ජනාධිපතිවරණය ඔවුන් විසින් මෙහෙයවනු ලබන්නක් බවට  පත් කර ගෙන තියෙනවා. ඒ ඊනියා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැත්තෙන්. ඉන්දියාව දන්නවා සජිත් පරදින බව. රනිල්, සුමන්තිරන්, සම්බන්ධන්, රවි කරුණානායක, අකිල විරාජ්, කිරිඇල්ල, චම්පක ආදීන් සජිත්ට විරුද්ධ ව හිටියෙ. දෙමළ ජාතික සංධානය යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙ කියමින්  ඉදිරිපත් කළ ඉල්ලීම් දහතුන කිසිවකුට සහාය දෙන්න බැරි දේ. දෙමළ ජාතික සංධානය බලාපොරොත්තු වුනෙ කිසිවකු සහාය නොදෙන බව කියමින් ජනාධිපතිවරණයෙදි ඡන්දය දීමෙන් වැළකී ඉන්න. රනිල්ටත් අවශ්‍ය වුනෙ සජිත් පරාද කරන්න.

ඒත් රෝ සංවිධානයට අවශ්‍ය වෙලා තියෙනවා ගෝඨාභය දිනන එක හැකි නම් වළක්වන්න. ඒ ඔවුන් ගෝඨාභයගෙන් බලාපොරොත්තු වන දේ නොලැබේය කියල හිතමින්.  ඔවුන් පළමුව ඉලංකෙයි තමිල් අරසු කච්චි කැමති කරවා ගෙන සජිත්ට සහාය දෙන්න. ඔවුන් සජිත් කැමති කරව ගෙන තියෙන්න ඕන යම් යම් ඉල්ලීම්වලට. එහෙම නැතිව ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය සහාය දෙන්නෙ නැහැ. ඊයේ වන විට දෙමළ ජාතික සංධානයෙ අනෙක් පක්‍ෂත් සජිත්ට සහාය දෙන්න කැමති වෙලා. රෝ සංවිධානය  අපට ඊනියා විස ඳුම් (විසදුම්) එවනවා.

2015 දී මහින්ද පැරදුණෙ මූලික වශයෙන් රෝ සංවිධානය නිසා. රෝ සංවිධානය තම ඔත්තුකාරයන් ශ්‍රී ල නි පක්‍ෂයට රිංගවල ඊනියා විශ්ලේෂණ ඉදිරිපත් කරල පෙන්නුව දෙමළ කතා කරන ජනයාගෙ ඡන්ද නැතිව දිනන්න බැහැ කියලා. ඒ කතාවත් සමහර නායකයන්ගෙ සිංහල බෞද්ධ විරෝධයත් නිසා මහින්ද රාජපක්‍ෂගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දි සිංහල බෞද්ධ ඡන්දවලට කතා කළෙ නැහැ. එහි ප්‍රතිඵලය වුණෙ කොළඹ අවට වගේ ම ගම්පහ කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල සිංහල බෞද්ධ ඡන්ද අඩු වීම. 2015 දි මහින්ද පැරදුණෙ සිංහල බෞද්ධ ඡන්ද අඩුවීමෙන් මිස ඊනියා ජනවාර්ගික ඡන්ද නැති වීමකින් නො වෙයි.

අදත් රෝ සංවිධානය හදන්නෙ ගෝඨාභය සිංහලයන්ට ආමන්ත්‍රණය කිරීම වළක්වලා දෙමළ ජාතික සංධානය පසුපස යවන්න. වාසනාවකට ගෝඨාභය දෙමළ ජාතික සංධානයෙ ඉල්ලීම් දහතුන සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරලා. රෝ සංවිධානයට වෙන කවුරු මෙයෙවුවත් ගෝඨාභය හසුරුවන්න බැහැ. 

මේ අතර රනිලුත් දැන් සජිත් වෙනුවෙන් වැඩ කරනවා. ඒකට රෝ සංවිධායත් බටහිරයනුත් හවුල්. ඒත් බටහිර රාජ්‍යවලට ඉන්දියාවට වගේ ම සැපයෙන ඔත්තුවලින් කියැවෙන්නෙ ගෝඨාභය දිනන බව. ඒ නිසා තමයි අර එම්සීසී ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන්න එච්චර තදියමක් තිබුණෙ. 

අද වන විට චම්පක සජිත්ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයෙ අධ්‍යක්‍ෂ බවට පත් වෙලා. ඊයේ සජිත් ජනාධිපතිට ඇඳ ගෙන ජාතික කොඩි පසුබිමේ තබාගෙන අලුත් ඇඳුමකින් සැරසිල සෑම නාළිකාවක් මගින් ම ජාතිය ඇමතුවෙ නව ජනාධිපතිවරණ ව්‍යාපාරයෙ කොටසක් හැටියට. සජිත් කියා හිටියා නව අගමැතිවරයකු පත් කරන බවටත් දුෂිතයන්ට ඇමති තනතුරු නොදෙන බවටත්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව සජිත්ට ඇමති තනතුරක් දරන්න බැහැ. එහෙම නූනා නම් සජිත්ට තමාට ඇමතිකමක් දෙන්න කොහොමටත් බැරි වෙනවා. ඒ වගේ ම ඔහුට දූෂිතයන් නොවන්නන් නැති නිසා කිසිවකු  ඇමති කමකට පත් කරන්නත් බැහැ. බැරිවෙලාවත් (ඉර බටහිරින් පායනව වගේ)  සජිත් ජනාධිපති වුනොත් හැබෑවට ම ජාතිය අමතන්න වෙන්නෙ ඇමතිවරු නැති අමාත්‍ය මණ්ඩලයක ප්‍රධානියා හැටියට. 

ඒ කොහොම වුනත් බැරිවෙලාවත් දිනුවොත් සජිත්ට නව අගමැතිවරයකු පත් කරන්න වෙනවා. ඒත් සජිත්ට නව අගමැති කරන්න වෙන්නෙ පරණ අගමැති රනිල් ම තමයි. ඒ රනිල් හා සජිත් අතර ඇති ගිවිසුම හරි එකඟතාව හරි මත. නවීන්ට හා කිරිඇල්ලට උඩරටට අගමැති කම ගන්න බැරි වෙනවා. චම්පකට මොන තරම් විරිය කළත් අගමැති කම ගන්න බැරි වෙනවා. රවිලා ඒ එකකටවත් ඉඩ තියන්නෙ නැහැ. අගමැති රනිල් ම තමයි. 

2015 වගේ නොවෙයි මේ ගමන. රෝ ඔත්තුකාරයන්ගෙ ඊනියා විශ්ලේෂණත් නිසා මහින්දට සිංහල බෞද්ධ ඡන්ද අහිමි වුණාට මෙවර ගෝඨාභයට  සිංහල බෞද්ධ ඡන්දවත් සිංහල කතෝලික ඡන්දවත් නැති වන්නෙ නැහැ. සිංහල ජනතාවගේ ඡන්දවලින් 67%කට වඩා ගෝඨාභයට ලැබෙනවා. දෙමළ කතා කරන ජනයාගේ ඡන්දත් මුස්ලිම් ජනයාගෙ ඡන්දත් යම් ප්‍රමාණයකට ගෝඨාභයට ලැබෙනවා. 

ඒත් ජනාධිපතිවරණය අවසාන වන තුරු විවේකයක් ගන්න බැහැ. අද සජිත්ගෙ ජනාධිපතිරණ ව්‍යාපාරය මෙහෙයවනූ ලබන්නේ රෝ සංවිධානය හා චම්පක විසින්. එයට අමතරව ව බටහිරයන් ද ඉන්නවා. එහෙත් ප්‍රධාන වශයෙන් ඉන්දියාව විසින්. 1987 -90 කාලයෙ චම්පක වධකාගාරවල හිටියෙ සජිත්ගෙ තාත්තට පින්සිදු වෙන්න!  

මේ සතියේ විවිධ බාධක ඇති කරන්න පුළුවන්. රූහඬපට විවිධ තැන්වල නිෂ්පාදනය කෙරේවි. චන්න ජයසුමන සම්බන්ධයෙන් නිකුත්  කෙරුණු රූහඬපටය  චම්පාගාරයෙ නිපදවනු ලැබූවක්. තව තව රූහඬපට නිකුත් වේවි. ඒ තමයි සජිත්ගෙ ජනාධිපතිවරණ මෙහෙයුම. ඒ සියල්ලට ම පිළිතුරු දෙන්න අවස්ථාවක් නොලැබේවි. 

අද සජිත් ඉන්නෙ සිංහල විරෝධි කඳවුරේ. රනිල්, කිරඇල්ල, නවීන්, රවි, සුමන්තිරන , සම්බන්ධන්, බද්‍යුද්දීන්, හකීම් චම්පක ආදීන් අද එකට ඉන්නෙ ගෝඨාභයට හා සිංහලයන්ට විරුද්ධ ව. මැතිවරණ කොමිසමේ හූල් කිව්වට ගෝඨාභයට 50%කට වඩා ඡන්ද ලැබෙනවා. ඒ නිසා ඊනියා මනාප ලකුණු කරන්න අවශ්‍ය වන්නෙ නැහැ. ජාතික අපේක්‍ෂක ගෝඨාභයගෙ නමට කෙලින් කතිරය ලකුණු කිරීම මගින් මැතිවරණ කොමිසමත් රෝ සංවිධානයත් සිංහල විරෝධී කඳවුරත් පරාජය කරමු.