Monday 28 October 2019

සුබ පැතුමක් සහ පිළිතුරක් - My reply to an interesting birthday greeting


ඊයේ මගේ උපන් දින සංවත්සරයයි.

එය මගේ පමණක් නොව රසිකොලොජි බ්ලොගයේ ද උපන් දින සංවත්සරය විය. ඒ ගැන ලිවීම පසුවට තබා, මේ මා සැරසෙන්නේ මගේ උපන් දිනය වෙනුවෙන් මා අද උදයේ ලද අපූරු සුබ පැතුමක් සහ එයට මා යැවූ පිළිතුර බ්ලොගයේ පළ කරන්නයි.

මේ සුබ පැතුම් පණිවිඩය මට ලැබුණේ මගේ ෆේස්බුක් මිතුරෙකුගෙනි. අපේ මේ සයිබර් මිතුරුකම ඇරඹුණේ මේ නොබෝදා මට ඔහුගෙන් ලැබුණු ඉල්ලීමක් නිසා ය. මා පුද්ගලිකව දන්නා කියන මිතුරන් කිහිප දෙනෙකුවම ඔහු හඳුනන බව පෙනුණි. ඒ සියල්ලම සයිබර් මිතුරුකම් නොවෙන බව සිතේ.

කෙසේ වෙතත්, මෙන්න ඔහු මට එවූ උපන් දින සුබ පැතුම් පණිවිඩය එලෙසින් ම.
මහත්මයාණෙනි, ගෙවීගිය ඊයේ දිනයේදී තම ජන්ම දිනය සමරණ ලද ඔබතුමන්හට සුභම සුභ වූ උපන් දිනයක් වෙනුවෙන් මා මෙලෙසින් මේ පින්බර උදෑසන දී සුභ පතන අතරම, එමෙන්ම අප තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ ගේ අනන්ත වු ගුණානුභාවයෙන්ද, අසමසම නෛර්යාණික වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණානුභාවයෙන්ද, උතුම් ආර්‍යය මහා සංඝ රත්නයේ අනන්ත ගුණානුභාවයෙන්ද සහා දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් හා නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද,ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්,ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්,ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්, දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන් සේම, සකෙලේශ්වර්යාභිවෘද්ධිවර්ධනය කරනු පිණිස වු සතරවරම් දෙවිවරු වන "ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණය" නම් දෙවි මහරජදරුවන් ප්‍රධාන තුන්ලොව වැඩ සිටිනා සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින් ද නිදුක් නිරෝගිමත් ව සිටිනා, වාසනාවන්ත සුභ කාල වකවානුවක් ඔබට උදා වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි.

තවද මෙතෙක් ගෙවුනු වර්ෂ වලට වඩා මේ උදා වු වර්ෂය තුල ඔබ ආයුෂයෙන්, වර්ණයෙන්, සැප බල ප්‍රඥාවෙන්, ධන ධාන්‍යයෙන්, යස ඉසුරෙන් වැඩෙත්වා. අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා. ඇසිල්ලක් පාසාම බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි වේවා. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා.

යන එන මග තොට, ගමන බිමන, නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා. ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා. අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා.

අවසන ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්නට පින් පුරන වාසනාවන්ත වු සුභ ජන්ම දිනයක් සමග යහපත් ජීවිතයකට ගෙන අා මේ පැතුමන් ආශිර්වාදක්ම වේවා.

එසේම මේ විශ්වය පුරා රැදී ඇති මහත් වු මහත් බලැති අනන්ත ශක්තින් සමග මා විසින් සංසාර පුරාවට රැස්කරගත් යම් කුසළ ධර්මයකින් ජනිත වු පුණ්‍ය ශක්තියක් ඇත්තේද ඒ සියළු පුණ්‍යය සම්භාරයන්ගේ බල මහිමයෙන් ඔබගේ මෙලොව වශයෙන් ඇති අසනීපයන් සහා අපල උපදව මෙන්ම ග්‍රහ දෝශ දුරු වේවා.

ඔබට සම්මා සම්බුදු සරණයි!
මෙවැනි සුබ පැතුම් පණිවිඩයක් මට ජීවිතයේ කිසි දිනක ලැබී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

අනිවාර්යෙන් ම මෙය ඔහු මා වෙනුවෙන් ම ලියූ සුවිශේෂී පණිවිඩයක් නොවේ. මට අවශ්‍ය වූයේ ඔහුගේ සිත නොරිදා පිළිතුරක් යැවීමයි.

මෙන්න මගේ පිළිතුර.
ඔබේ මේ දිගු සුබපැතුමට මගේ නොවක් ස්තූතිය පිරිනමමි.

ඔබ පවසා ඇති බොහෝ මිත්‍යා කරුණු පිළිබඳව මට සරදම් සිතුවිලි ඇති වෙතත් ඒවා මෙහි නොලියමි. මා විශ්වාස කරන්නේ ඇසට පෙනෙන දේ සහ සහෘද මිනිසුන් කරන කියන දේ පමණි.

ඔබටද මිත්‍යාවෙන් දුරස්ථ වී යහපත් ජීවිතයක් ගත කිරීමට ඉතා ඉක්මනින් ම හැකියාව ලැබේවායි මෙත් සිතින් පතමි.

ස්තුතියි. ජයවේවා.
එපමණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් සංවත්සරය පිළිබඳව පසුව ලියමි!

30 comments:

  1. WHAT A MORON YOU ARE..........KAKKA!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නමුත් මටත් මීට වඩා හොඳින් සැරට ලියන්න තිබුණා, ඔහේට මොරෝන් වෙනුවට වෙන වචන හොයන්න බැරි හදන්න වෙන විදියට!

      Delete
  2. සුබ උපන්දිනයක් සහ සුබ බ්ලොග් සංවත්සරයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ජයවේවා!
      ඔබටත් එසේම වේවා!

      Delete
  3. අහෝ කොතරම් වු අභාගයක් ද?
    මෙතරම් උතුම් වු සුබ පැතුමක් අනුමෝදන් වියනොහැකි වූ ඔබ.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි, පවට පින දෙන්න බෑ කියනවානේ

      Delete
  4. Only believe what you can see with your eyes? and what people do and say to you? People say and do includes all falsehood in this world.

    ReplyDelete
    Replies
    1. හැම දෙනාම නොවේ!
      "මා විශ්වාස කරන්නේ ඇසට පෙනෙන දේ සහ 'සහෘද' මිනිසුන් කරන කියන දේ පමණි."

      පිළිතුර යැව්වාට පසු මට මතක්වුණා, "තර්කයෙන් පිළිගත හැකි දේ" කියාත් එකතු කරන්න.

      Delete
  5. මට ඒ ලිපිය සම්පූර්නයෙන් කියවීම අපහසුයි.

    ReplyDelete
    Replies
    1. 😀
      ඔහොම තමයි, පවට පින දෙන්න බෑ කියනවානේ

      Delete
    2. [මට ඒ ලිපිය සම්පූර්නයෙන් කියවීම අපහසුයි]

      මමත් මුල ටිකක් කියවල අන්තිම ටික බැලුවා.. පවට පින දෙන්න බැරුව ඇති තමා.

      Delete
  6. ඉතින් පෝස්ටුව කියවූ පසු දැන්වත් ඔබට සුබ උපන් දිනයකට ආසිරි පැතිය යුතුමය! දිගාසිරි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      ජයවේවා! ඔබටත් එසේම වේවා!

      Delete
  7. Replies
    1. ස්තුතියි. ජයවේවා! ඔබටත් එසේම වේවා!

      Delete
  8. It's the thought that counts. You could have just said thank you and moved on, without the sarcastic response.

    ReplyDelete
    Replies
    1. ඔහුටත් තිබුණා නේද ඔහුගේ මතවාද මා පිට නොපටවා නිකම්ම සුබ උපන් දිනයක් වේවා කියන්න?

      Delete
    2. ඔහේටත් තිබුණා නේද ඔහුට පිළිතුරු දුන් විදිය මේකෙ ලියන්නෙ නැතිව ඔබේ මතය අනුන් පිට නොපටවා කට පියාගෙන් ඉන්න. ඔබ ඔහුට පිළිතුරු දුන් විදිය අනෙක් අයට මොකටද?

      Delete
  9. පහ වසර ශිෂ්‍යත්වය සමත් වුන පලියට අවකලණය ගණන් සාදන හැටිත් තේරෙනවා කියා සිතිය නොහැක.
    ඔහොම යං.

    ReplyDelete
  10. සමාවෙන්න. ඔබට එවා තිබූ සුබ පැතුම කියෙවුවේ මගක් පමණි.අනික ඕක සුබ පැතුමක් ද.උපන් දින සුබ පැතුමක් උපන්දිනේ ඇති කෙනා වෙනූවෙන් ලියූවක් විය යුතු බැව් මගේ හැඟීමයි.මෙය පොදු පැතුමක් හා සමානය.මා බුකියේ උපන් දින ඇත්තන්ට ඔවුන්ගේ විශේශ ගුණයක් හෝ හැකියාවක් එක් කර කවියෙන් සුබ පැතූ කාලයක් ද තිබුනි.ඇතමුන් එයින් ඉතා ප්‍රීතියට පත්විය...

    ReplyDelete
    Replies
    1. ඔහෙට නරකෙයි මටත් එහෙම කවි සුබ පැතුමක් එව්වා නම්?

      Delete
  11. // කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා.// මාවත් දන්නා කෙනෙක්ද කොහෙද.. :)))

    සුභ උපන්දිනයක් රසිකටත් රසිකලොජියටත්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,

      හැබැයි ලියා ඇති චවන කන්දරාව දැක්කාම හිතෙන්නේ මෙයා වචීපරම මිතුරෙක් වගේ කියායි!

      Delete
  12. සුභ පැතුම් රසික සහ රසිකලොජි.

    ඔය ආකාරයෙන් මා හට දිගින් දිගට ඊමේල් මාර්ගයෙන් ආගම උගවන්නට උත්සාහ කරපු කෙනෙක් හිටියා. අදටත් දන්නේ නැහැ කාගේ කවුද කියල. අවසානයේ ඉතාම වැදගත් විදියට බැනල තමා වැඩේ නතර කර ගත්තේ.

    මේ වෙද්දී නම් නිතර වද නොදෙන මෙවැනි ආශිර්වාද සහිත දේවල් ඔන්න ඔහේ අහගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නේ මම නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,

      මත්පැන් නොබොන අය, මස් නොකන අය හෙමත් හරි කැමතියි අනිත් අයට බණ කියන්න.

      Delete
  13. මේ සුබපැතුම ගැන ලක්‍ෂාන් සහ මා අතර ෆේස්බුක් එකේ ඇතිවුණු අදහස් හුවමාරුව.

    Lakshan Abeynaike
    ඔබතුමාට සරලව 'ආයුබෝවේවා' නැතිනම් 'සුබ උපන්දිනයක් වේවා' කියලා පැතුවහොත් ඔබතුමා එය මිත්‍යාවක් ලෙස දකිනවා ද..? (මම නම් එහෙම දකිනවා..මොකද 'ප්‍රාර්ථනා' කියලා යමක් මනුෂ්‍ය ඉන්ද්‍රියන්ට ගෝචර නොවන බැවිනි )

    Rasika Harischandra Suriyaarachchi
    සිත කියා ඉන්ද්‍රියක් නැති වුණත් සිතනවා කියන්නේ මිනිස් චර්යාවක්. ආයුබෝවන් හෝ සුබ උපන්දිනයක් කියා සිතා එය මුවින් පැවසීම හෝ අතින් ලිවීමේ අවුලක් නෑ. එය සහෘද මිනිසුන් කියන කරන දෙයක්. මගේ සීමාවට අයත් මා පිළිතුරේ ලියූ විදියට.

    නමුත්, සතරවරම් දෙයියන්ගේ බලෙන් යනාදී වශයෙන් අහවල් මිත්‍යාවේ ආයුබෝවන් කීම නම් මා ප්‍රතික්‍ෂේප කරනවා.


    Lakshan Abeynaike
    ප්‍රාර්ථනා යනු ඉන්ද්‍රිය ගෝචර නොවන මිත්‍යාවකි...මා හට නම් ඒවා අරහන් ය...එනිසා මාගේ උපන්දිනය රහසක් ලෙස තබාගැනීමට වෙහෙසෙමි....කිසිදු achivemnt එකක් ෆේස්බුක් නොදමමි..happy birthday, congratulations යන හිස් ප්‍රාර්ථනා කාලය, වචන සහ ඩේටා නාස්තියක් ම ලෙස දකිමි.

    Rasika Harischandra Suriyaarachchi
    එතරම් ඉහළ තත්ත්වයක් ළඟා කරගැනීමට මට තවමත් බැරි වුණා. ඔබට වුණත් කවුරුන් හෝ good morning නැතිනම් ආයුබෝවන් කියා කීවොත් එයට පිළිතුරු දීමට සිදුවෙනවා.

    Lakshan Abeynaike
    අවාසනාවකට ඔවු...නැතිනම් මා හෙණ අහංකාර කෙනකු කියා උන් සිතාවි

    Rasika Harischandra Suriyaarachchi
    😀 How are you කියා ඇසූ විට බොරු කියන්නට ද සිදුවේ!

    Lakshan Abeynaike
    ඕක ෆුල් ම ෆේක් විදිහට් අහන්නේ සුද්දෝ.....ලංකාවේ උන් අඩුම උනොත් ගුඩ් මෝනින් කියලා අහවර කරනවා....අරුන්...Haaaaai Lakshan...How are you ....Its such a sunny day....what ara your plans for the weekend...ප්‍රශ්න පත්තරයක්.

    ReplyDelete
  14. සුජා නේරංජනා31 October 2019 at 15:36

    සුබ උපන් දිනයක් වේවා රසික මහත්මයා. නමුත් ඔබේ පිළිතුර රළු වැඩියි. ඒය ඔහු සියලු දෙනාට සුබ පතන ආකරය විය හැකියි. ඒසේම නොපෙනෙන දේ පිළිබඳව ඔබ කියා ඇති දේට ද සම්පූර්ණ ඒකඟ විය නොහැකියි. මන්ද ඇසට පෙනෙන දේ පමණක් විශ්වාස කිරීම ද මිත්‍යාවක්.මසැසට සියලු දේ පෙනෙන්නෙ නෑ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.