ටවර්හෝල් පදනමේ මාසික සිනමා දැක්ම – ඔක්තෝබර් කලාපය

Avatar Nisanka Weheraduwa | October 15, 2019 162 Views 0 Likes 0 Ratings

162 Views 0 Ratings Rate it

ටවර්හෝල් රඟහල පදනම මාසිකව සිනමා දැක්මක් සහ සංවාදයක් සංවිධාන කරනවා. මෙවර එහි ඔක්තෝබර් කලාපය යටතේ තිරගත කිරීමට තෝරාගෙන තියෙන්නේ චීන චිත්‍රපටයක්.

චිත්‍රපටයේ නම “Still Life”. 2006 වසරේ නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය චීන හයවන පරපුරේ සිනමාකරුවකු වන Jia Zhangke විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. 2006 වසරේ Vanice ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි Golden Lion සම්මානය මේ චිත්‍රපටයට හිමිවනවා. වසරේ තවත් සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කිරීමට සමත් වුනු මේ සිනමාපටය, 2006 වසරේ ආසියානු සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සහ 2007 වසරේ Adelaide ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි NATUZZI ජාත්‍යන්තර සම්මානය ඇතුළු තවත් සම්මාන රැසකට හිමිකම් කියුවක්. Zhao Tao සහ Han Sanming ප්‍රධාන චරිත නිරූපණය කළ මෙහි, ධාවන කාලය මිනිත්තු 108ක් පමණ වනවා.

ඔක්තෝබර් 17 වැනි බ්‍රහස්පතින්දා සවස 1.00 සිට මේ චිත්‍රපටය තිරගත කෙරෙන්නේ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ටවර්හෝල් රඟහල පදනමේදියි. එදින දේශනය සිනමා විචාරක භූපති නලින් විසින් පවත්වනු ඇති. සිනමාපටය නැරඹීමට එක්වන ලෙස සිනමා ලැදි ඔබ සැමට සංවිධායකයින් ඇරියුම් කරනවා.

Share

162 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.