“Bohemian Rhapsody “

Share

“BOHEMIAN RHAPSODY”, මේ නමට අතිශය ආදරය කරන අය වගේම කවදාවත් අහල නැති අයත් ඇති. මෑතකදි මේ නම ආයෙත් ඇහෙන්න පටන් ගන්නවා. හේතුව තමයි 2018 වර්ෂයේ    අග භාගයේ තිරගත වන ” BOHEMIAN RHAPSODY ” චිත්‍රපටය.

QUEEN” කියන British rock band එකේ lead singer, FREDDIE MERCURY ගෙ ජීවිත කතාව තමයි පාදක වෙන්නෙ මේ චිත්‍රපටයට. චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භයත් එක්ක, ඔහු ගැන නැවත කතාබහක් ඇති වෙනව වගේම ඔහුගේ ගීත වලටත් නැවත පණක් ලැබුනා කිව්වොත් හරි.

Bohemian Rhapsody” ඔහුගේ ගීත අතර සුවිශේෂී ගීතයක්, එය 1975 “A Night at the Opera” කියන ගීත ඇල්බමයේ එන විනාඩි හයක් පමණ දිගු, Rock, ballad සහ Opera වැනි සංගීත ආර කිහිපයකම සංයෝජනයෙන් නිමවුනු, ගීතයේ පිටපත් මිලියන ගනන් ලොව පුරා අලෙවි උන, එක දිගට සති 9ක් පුරාවට UK Singles Chart හි අංක එක උන, Queen band එකේ ජනප්‍රියතම වගේම, Rock සංගීත ඉතිහාසයේ විශිෂ්ඨතම ගීත වලින් එකක්.

ඒත් Academy, Oscas ඇතුලු සම්මාන රැසකට හිමිකම් කියන, box office වාර්තා තැබූ,”Bohemian Rhapsody” චිත්‍රපටයේ එන Freddieගෙ කතාව ඒ තරම් සුන්දර එකක් නෙවේ.

1946 සැප්තම්බර් මස 5 වන දින පර්සියන් ජාතික මාපිය යුවලකට දාව උපදින Freddieගෙ මුල් නම Farrokh Bulsara. ඔහු වේදිකාවට ගැලපෙන විදියට ඔහුගේ වාසගම පවා වෙනස් කරගන්නවා. 70 දශකය අග භාගය වෙන කොට Freddie අතුලු Queen Band එක අතිශය ජනප්‍රිය වෙනවා, වාගේම ඔහුගේ ජීවිතේ අවසානයේ සිදුවන බොහෝ හැලහැප්පීම් වලට අඩිතාලම වැටෙන්නේ මේ කාලෙදි තමයි.

ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්න මේ කාලයෙදි  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, එවකට නීතිවිරෝධීව පැවති සමලිංගික සම්බන්ධතා, සංස්කෘතියට නොගැළපෙන අන්දමේ සාද වැනි ඔහුගේ පෞද්ගලික කාරණා ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ වීම නිසා සිදුවන අපහසුතාවන්ට ඔහුට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම ඔහු Queen Band එකෙන් වෙන් වීම පවා සිදුවෙනවා.
නමුත් ඔහු තනිව නිර්මාණ කිරීමට ගත්ත උත්සහය සාර්ථක වෙන්නේ නෑ වගේම ඔහු නැවත ඔහුගේ පවුල Queen වෙත එන්න තීරණය කරනවා. නමුත් ඔහු ඒ වන විට තමා AIDs  රෝගයට ගොදුරු වී ඉන්න බව දැනගන්නවා. “Bohemian Rhapsody” චිත්‍රපටයේ Queen ආරම්භයේ ඉඳන් 1985 “LIVE AID” ප්‍රසංගය දක්වා කතාව දිවෙනවා.

ප්‍රසංගයේ පුහුණුවීම් අතරතුර Freddie තමන්ට AIDs වැළඳී ඇති බවත්, එය දැනට ඔවුන් අතර රහසක් ලෙස තබාගන්නටත් Band එකේ    සාමජිකයන්ට පවසනවා, කාලෙකට පස්සෙ පළවෙනි සැරේට Queen Band එකේ සාමජිකයො හතරදෙනාම Stadium එක උඩුයටිකුරු කරවන performance එකකින් චිත්‍රපටය අවසන් වෙනවා.

Somebody to love, Love of my life, Bohemian Rhapsody ,Under pressure, Killer Queen, We are the Champions, We will rock you, Radio Ga Ga කියන්නේ ඔහු ගායනා කල අතිශය ජනප්‍රිය ගීත. රොක් සංගීත ඉතිහාසයේ හොඳම ගායකයා කවුද කියන ප්‍රශ්නයට බොහෝ දෙනෙකුගේ පිළිතුර Freddie Mercury වෙනවාට සැකයක් නැහැ.

ඔහුටම අනන්‍ය වූ පුළුල් පරාසයක් ඇති  අතිසුවිශේෂි වූ කටහඬ ,ඒ වගේම දහස් ගණනක් ඉන්න ප්‍රේක්ශකාගාරයක් ඔහුගේ ඉරියව් වගේම ,ගීත අනුකරණය කරන විදියට ඔහු ඔවුන් සජීවීව මෙහෙයවන විදියත් නිසා, Freddie රොක් ඉතිහාසයේ නොමැකෙන සළකුනක් වී හමාරයි.

ඔහු 1991 නොවැම්බර් 24 AIDs රෝගය ආශ්‍රිත නියුමොනියා රෝගයෙන් මියයනවා, Freddieගෙ “Bohemian Rhapsody” ගීතය ඔහුගේ මරණයෙන් සති දෙකකට පස්සෙ නැවත මුදා හැරෙනවා වගේම එය නැවත අංක 1 බවට පත් වෙනවා, ඒ ගීතයේ මුල් මුදා හැරීමෙන් අවුරුදු 16කට පස්සෙ. ඔහුගේ ගීත ඇතුළේ, ඔහු තුල වූ කලාකරුවාගේ ෆැන්ටසි ජීවිතය සහ අත්දැකීම් තිබෙන බවයි පැවසෙන්නේ.

කොහොම නමුත් Freddie Mercury කියන අසහාය රොක් ගායකයා ඔබේ හදවතේ අමරණීය වන ආකාරයේ සියුම් තැන් ඔබට හමු වේවී, චිත්‍රපටය නැරඹුවොත්…

Image Courtesy : https://pin.it/cz2ednaqoxtnal

 
Tagged :