Main Logo

Wednesday 25 September 2019

1892 නීතිය ගුරුකන්ද හා වෙල්ලාල ජාතිවාදීන්


         සිංහල ලිත් ඉලක්කම්



1892 නීතිය ගුරුකන්ද හා වෙල්ලාල ජාතිවාදීන්

ගුරුකන්ද විහාරාධිපතීන්වහන්සේගේ දේහය ආදාහනය කිරීම පිළිබඳ ප්‍රශ්නය පිටුපස ඇත්තේ පක්‍ෂ දේශපාලනයයි. ඉංගිරිසින් විසින් අපට දෙන ලද භයානක ම දේ නම් අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනයයි. නිලධාරි තන්ත්‍රය ඊළඟට එනවා. අද අධ්‍යාපනයෙන් කෙරෙන්නේ ඇස් පෑදීම නොව ඇස් වැසීමයි. බටහිරයන්ට අවශ්‍ය ආකාරයට අප වැඩ කරන්නේ ඇස් වහගෙන ඔවුන්ට අවශ්‍ය තැනකට ගෙන යෑමට අප ඉඩ දී තියෙන නිසයි. එහෙත් මේ ගැන කොතෙක් කිව්වත් අපට ඇස් අරින්න බැහැ.


ගුරුකන්ද ගැන කිසිම සිංහල දේශපාලනඥයකු කතා කරන්නේ නැහැ. එයට හේතුව පක්‍ෂ දේශපාලනයයි. අද ඔවුන් බලා ඉන්නේ දෙමළ ජාතික සංධානයේ ඡන්ද කුට්ටිය ගන්න. දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් නිර්මාණය කරන ලද්දක්. 1680ට පමණ පෙර නාගදීපයේ (යාපනයේ) සිටියේ ඉතා සුළු දෙමළ කතා කරන පිරිසක් පමණයි. ලන්දේසීන් එකල තමයි දුම්කොළ වගාවට මලබාර් වෙරළෙන් වෙල්ලාලයන් ලංකාවට ගෙනාවෙ. ලන්දේසීන් වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයටත් ගෙන ගොස් තියෙනවා. අදත් එහි වෙල්ලාලයන්ගෙන් පැවත එන්නන් ඉන්නවා.

ලංකාවට ගෙනා මලබාර් වෙල්ලාලයන් මලබාර්වරුන් ලෙස හඳුන්වනු ලැබුවා. දෙමළ ජාතික සංධානයේ නායකයන් පමණක් නොව රාමනාදන්ලා අරුණාශලම්ලාත් මේ මලබාර්වරුන්ගෙන් පැවත එන අය. මුල දී මලබාර් වෙල්ලාලයන් දුම්කොළ අස්වැන්නෙන් පසු ආපසු මලබාරයට ගියා. ඔවුන් ජීවත් වූයේ සාංක්‍රමණිකයන් ලෙස. සාංක්‍රමණිකයන් ආපසු යෑම  වැළැක්වීමට ලන්දේසීන් 1707 දී තේසවලාමෙයි නීතිය සංගෘහිත කළා. ඒත් ඔවුන් ආපසු යෑම නැවැත්තුවෙ නැහැ. පසුව ඉංගිරිසින් ද තේසවලාමෙයි නීතිය පැනෙව්වා. ඔවුන් 1806 දී මුස්ලිම් නීතියත් පැනෙව්වා. ඉන් පෙර මෙරට මුස්ලිමුන් සිංහලයන් සමග කිසිම ආරවුලක් නැතිව දහහතරවැනි සියවසේ සිට ජීවත් ව තියෙනවා.

ඉංගිරිසින් විවිධ ක්‍රමවලින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව අනෙක් ජන කොටස් සංවිධානය කළා. සිංහල බෞද්ධයනට නැති වරප්‍රසාද අනෙක් ජනකොටස්වලට ලබා දුන්නා. මෙරට ප්‍රධාන පවුල බවට කුමාරස්වාමි - පොන්නම්බලම් පවුල පත් කළා. රාමනාදන්ලා පමණක් නොව විග්නේෂ්වරන් ද මේ පවුලේ කෙනෙක්. 1931න් පසුව දෙමළ වෙල්ලාලයන්ට තිබූ දේශපාලන බලය නැතිවන්න පටන් ගත්තා. දෙමළ ජාතිවදීන් ඉන්පසු වෙන ම රාජ්‍යයක් ගැන කතා කරන්න පටන් ගත්තා. මේ කරුණු ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙහි ඇති. අවශ්‍ය අයකුට කාලය වෙබ් අඩවියෙන් ඒ කියවන්න පුළුවන්.

දෙමළ ජාතිවාදය ඉංගිරිසින්  වෙල්ලාලයන් ලවා 1833 පමණ සිට ක්‍රියාත්මක කරන්නක්. ඔවුන්ට අවශ්‍ය නැති වී ගිය වරප්‍රසාද හා බලය ලබා ගැනීම. සාමාන්‍ය දෙමළ කතා කරන ජනයාට ජාතිවාදයක් නැහැ. දෙමළ කතා කරන ජනතාවගෙන් අති විශාල බහුතරය වෙල්ලාල දේශපාලන ආර්ථික සංස්කෘතික ආධිපත්‍යය යොදා දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කරනු ලැබූ සිංහලයන්. නලවාර් කරෙයිවර් ආදී කුලවල බහුතරය සිංහල සම්භවයක් ඇති පිරිස්. මේ ජනයා වෙතට දේශපාලනය ගෙන යෑමට සිංහල දේශපාලනඥයන් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වෙල්ලාලයන්ගේ දෙමළ ජාතික සංධානයේ ඡන්ද කුට්ටිය බලාගෙන වැඩ කරනවා.

ගුරුකන්ද ප්‍රශ්නය ද ඇති කරන්නේ වෙල්ලාලයන්. ඔවුන් තමයි රජමහා විහාරයක් තිබූ තැන කෝවිලක් හදා පන්සල නැති කරන්න හදන්නෙ. බෞද්ධ සිද්ධස්ථාන නැති කර වෙනත් ආගමික සිද්ධස්ථාන ඇති කිරීම චෝලයන් ද පෘතුගීසීන් ද ලනදේසීන් ද ඉංගිරිසින් කර තිබෙනවා. පොළොන්නරුවේ ශිව දේවාලය, ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරය, මඩු ප්‍රදේශයෙහි පත්තිනි දේවාලය, පසුගිය දා බෝම්බ ප්‍රහාරයට හසු වුණු කොළඹ ශාන්ත අන්තොානි දේවස්ථානය එයට නිදසුන්.

ඉංගිරිසින් ක්‍රිස්තියානි හා මෙතෝදිස්ත පාස්ටර්වරුන් යොදා ගෙන සිංහල බුද්ධාමට අපහාස කළා. කලින් කී නීති ඒ ඒ ජනකොටස් වෙනුවෙන් ඇති කළා. මේ සියල්ලට ම සිංහල බෞද්ධයන් ප්‍රතිචාර දැක්වූයේ බෞද්ධ ප්‍රබෝධයකින්. පාණදුරා වාදය ප්‍රධාන පංච මහා වාද එහි වැදගත් අංගයක්. එහි ප්‍රතිඵලයක් ලෙස 1892 දී ඉංගිරිසින් සිද්ධස්ථාන ගොඩ නැගීම පිළිබඳ ආඥාපනතක් පැනවූවා. අපි එය ඉංගිරිසියෙන් ම කියවමු.  මේ මා කලින් ලියූ ලිපිවලින්.  

“Section 16 of the "Declaration of British Sovereignty" dated 21/11/1818 and ordinance no 4 of 1892.

"As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due license from His Excellency of places of worship in proper situations"


මෙය 1818 නොවැම්බර් 21 වැනි දින බිරිතානි පරමාධිපත්‍ය ප්‍රකාශයේ 16 වැනි වගන්තිය හා 1892 අංක 4 දරණ ආඥා පනත අනුවයි. මේ පරමාධිපත්‍ය ප්‍රකාශය සුද්දන් අප 1817-18 නිදහස් සටන පරාජය කර ඌව වෙල්ලස්ස සිංහලයන් සමූලඝාතනය කිරීමෙන් පසුව කරන ලද්දක් විය යුතුයි. 1892 ආඥා පනත බුද්ධාගමට හා අනෙක් ආගම්වලට හිමි තත්වය පැහැදිලි කර දෙනවා. බුද්ධාගමට පෙර පැවති අන්දමට ම භික්‍ෂූන් වහන්සේට හා සියලු පෙරහැර උත්සව සඳහා හිමි තත්වය ලැබෙනවා.  ඒ අතර කියන දෙයක් නම් එයින් අනෙක් ආගම් අදහන්නට සාමකාමීව තම ආගමික වතාවත් කිරීමට හෝ සුදුසු අවස්ථාවල ආණ්ඩුකාරයාගේ බලපත්‍රයක් යටතේ ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට හෝ ආණ්ඩුවේ ආරක්‍ෂාව ලබා දීම ප්‍රතික්‍ෂෙප නොකරන බවයි. 

මෙය ඉතා පැහැදිලියි. බුද්ධාගමට 1815 ගිවිසුමෙන් පොරොන්දු වූ දේ වෙනත් වචනවලින් නැවත ලබා දෙනවා. අනෙක් ආගම්වල අයට (ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ද ඇතුළත් ව) තම ආගම් ඇදහීමට නිදහස ලැබෙනවා. ඒ සඳහා ඔවුන්ට ආණ්ඩුවේ ආරක්‍ෂාව ද ලැබෙනවා. එමෙන් ම ඒ ආගමිකයන්ට සිද්ධස්ථාන ඉදි කිරීමට ද ආරක්‍ෂාව ලැබෙනවා. එහෙත් මෙහි වැදගත් කොන්දේසියක් තිබෙනවා. එසේ ආරක්‍ෂාව (ආරක්‍ෂණය) ලැබෙන්නේ සුදුසු අවස්ථාවල ආණ්ඩුකාරයාගේ බලපත්‍රයක් යටතේ ඉදි කෙරෙන සිද්ධස්ථානවලට. මෙහි තේරුම වෙන එකක් නො වෙයි බුද්ධාගම හැරෙන්න අනෙක් ආගම්වල සිද්ධස්ථාන ඉදි කළ යුත්තේ ආණ්ඩුකාරයාගේ බලපත්‍රයක් යටතේයි.

ආණ්ඩුකාරයාගෙන් ගත යුතු අවසරය ලබා ගැනීම අත් හැරියේ කවදා ද? එ කවදා කෙරුණත් ආණ්ඩුකාරයාගේ (අග්‍රාණ්ඩුකාරයාගේ/ජනාධිපතිගේ) අවසර නැතිව ඉදි කෙරී ඇති බෞද්ධ නොවන සිද්ධස්ථාන නීති විරෝධියි. ඒවාට ආරක්‍ෂාව ලබා දීමට එපා කියා මා කියනවා නො වෙයි.  මේ නීතිය අදටත් වලංගුයි. අද නම් ජනාධිපතිගෙ විශේෂ අවසරය ගන්න ඕන. එහෙත් අද ඉදිකරන එක ම බෞද්ධ නොවන සිද්ධස්ථානයකටවත් ජනාධිපතිගෙන් අවසර ගන්නවා ද? හිටපු ජනාධිපතිලගෙන් අවසර අරන් තියෙනවා ද

ගුරුකන්දේ විහාරයක් තිබී ඇති බවට සාක්‍ෂි තියෙනවා. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් ඒ ඉඩම එලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශ කර නැතිවා වෙන්න පුළුවන්. එහි හින්දු කෝවිලක් තනන්නේ කාගේ අවසරයකින් ද? 1892 නීතිය බලාත්මක කිරීමට කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැත්තේ ඡන්ද කුට්ටි දේශපාලනය නිසා. නිදහසින් පසු ආණ්ඩු ඉංගිරිසින් පැන වූ තේසවලාමෙයි නීතියත් මුස්ලිම් නීතියත් ක්‍රියාත්මක කළත් 1892 නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෙරට ඉතිහාසය හා සම්ප්‍රදාය අනුව කළ යුත්තේ 1815 ගිවිසුමත් 1892 ආඥාපනතත් ක්‍රියාත්මක කර තේසවලාමෙහි හා මුස්ලිම් නීති අහෝසි කිරීමයි.



1892 ආඥාපනත ක්‍රියාත්මක කරනවා නම් ගුරුකන්ද වැනි ප්‍රශ්න ඇති වන්නේ නැහැ. මේ ආණ්ඩුව යටතේ දෙමළ ජාතික සංධානයේ වෙල්ලාල නායකයන් වෙනදාටත් වඩා ශක්තියකින් බලයකින් ක්‍රියා කරනවා. ගුරුකන්දේ තත්වයට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් ම වග කියන්න ඕන. ඒ කියන්නෙ සජිත් ද වග කියන්න ඕන. අද සිංහල බෞද්ධ ඡන්ද පක්‍ෂ දේශපාලනය නිසා බෙදිලා. මේ ජනාධිපතිවරණයේ දී සිංහල ඡන්දවලට කතා කරනවා නම් එ ජා පක්‍ෂයේ හා පෙරමුණේ බෞද්ධ විරෝධී කාර්යයන් හෙළිදරවු කරනවා නම් ඡන්ද කුට්ටි දේශපාලනයෙන් මිදෙන්න පුළුවන්.