ටවර්හෝල් රඟහල පදනමේ මාසික සිනමා දැක්ම

Avatar Nisanka Weheraduwa | September 24, 2019 190 Views 0 Likes 0 Ratings

190 Views 0 Ratings Rate it

ටවර්හෝල් රඟහල පදනම මාසිකව චිත්‍රපට දැක්මක් සහ සිනමා සංවාදයක් සංවිධාන කරනු ලබනවා. සැප්තැම්බර් මාසය සඳහා වන වැඩසටහන 26 වැනි බ්‍රහස්පතින්දා සවස 1.00 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ටවර්හෝල් රඟහල පදනමේදී මේ සිනමා දැක්ම පැවැත්වෙනු ඇති. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසුව සුපුරුදු පරිදි සිනමාපටය පිලිබඳ සංවාදයක් පව්ත්විමටද අපේක්ෂිතයි. ඒ සඳහා සම්පත් දායකයා ලෙස භූපති නලින් සහභාගී වීමට නියමිතයි.

2015 වසරේ නිර්මාණය වුනු ඉන්දියානු චිත්‍රපටයක් වන Masaan මෙවර තිරගත කිරීමට තෝරාගෙන තිබෙනවා. Masaan (in English -Play away solo) චිත්‍රපටය Neeraj Ghaywanගේ පළමු සිනමා නිර්මාණය වනවා. Vicky Kaushalගේද පළමු සිනමා රංගනය වන මේ චිත්‍රපටයේ Richa Chadda, Shweta Tripathi ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා. සිනමා සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කළ මේ චිත්‍රපටය අවස්ථා කිහිපයකදීම හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන කිහිපයක් දිනාගෙන තිබෙනවා.

Share

190 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.