සඳ නොදුටු…අමාවක..
පෝයවල් එකින් එක පසු කොට…
නැති නිසා අරමුනක්…
ඔහේ ඇවිද ගිය තවත් දවසක…

දැනුනා සුරගන තටු ගැටෙන හඩක්…මාවට
තබා එක සුරගන අතක්….මා වම් උරමත….

දුටුවාලු…ඈ…දිලිසුම…
මා නෙතින් වැටුනු..කදුලු බිඳුවක..
දැක්කාලු..රිදුම්…
සගවා සිටි…මා නෙතු යට…
දැනුනාලු කෙනෙක් අවැසියි…
මා සිතේ රැඳි දෑ ඇසුමට….
අවසරද..ඇසුවා සෙමෙන්…
මා ලගින් ඇවිද..යන්නට…

සුරගනක් උනත් ඔහේ පියබා යා හැකි…
ඇවිද ගෙන යමින් බොහෝ දුර..මා එක්ක..අරමුණක් නැති…
බෙදාගෙන් කඳුලු…අස්වසා මා සිතිවිලි…
ඇවිත් මංසන්ධියකට…නොදැනිම..ඔහේ ඇවිද්දා..දැන්..ඇති…

පියඹන්න ආයෙත්…කියූවා මම සගවලා මා සිතිවිලි…
“ඔබ එක්ක ඇවිදින්න ආසයි”…කියා ඒ මුවින් සියුමැලි…
“ලැබෙන තුරු නුබටත් තටු…දෙන්නටම පියාඹා යා හැකි”
“ඇවිදින්නම් මං ඔබ ලගින්” කියූවා නුඹ…
ඒ නුඹේ ආදරේ හැටි.

blog-tatoo

Leave a comment