0 Shares

ශ්‍රී ලංකා, ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් ගොඩක් Web Designers / Web Developers ලා වෙබ් අඩවි නිර්මාණය කිරීමේදීද Web Standards Follow කරන්නේ නෑ. ඒකෙන් සිදුවන අයහපත් දේ තමයි Customer ට අවශ්‍ය ආකාරයට වෙබ් අඩවියක් නොලබී යාමයි.

ඔබ සමහර විට වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් වෙබ් අඩවියක් අවශ්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. එම කොටස් දෙකටම මෙම ලිපිය වැදගත් වෙයි.

අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරලා දෙන්න කියල කිව්වම අපි අනිවාර්යෙන්ම කරන දේවල් ගැන තමයි මෙහිදී සදහන් කරන්නේ.

Web Design

වෙබ් අඩවියේ අරමුණ

වැදගත්ම දෙය තමයි වෙබ් අඩවියේ අරමුණ මුලින් තේරුම් ගැනීම. උදාහරණයක් විදියට Hotel එකෙක් හිමි අයෙක් ඔහුගේ Hotel එක සදහා වෙබ්   අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා ඔබ වෙත පැමිණියා කියල හිතමු. මුලින් ඔහු එක්ක කතා කරලා ඔහුට අවශ්‍ය දෙය කුමක්ද කියලා හදුනාගන්න ඕනේ.

Hotel එක Promote කිරීම ඔහුගේ එක අරමුණක් වෙන්න පුළුවන්. Website එක හරහා Online Orders ලබා ගැනීම තව අරමුණක් වෙන්න පුළුවන්. සමහර විට නොයෙක් හේතු නිසා Online Orders ඔහුට අවශ්‍ය නොවෙන්න පුළුවන් . සමහර විට නමට වෙබ් අඩවියක් පමණක් තිබීම ඇති වෙන්න පුළුවන්.

එම නිසා වෙබ් අඩවියක් අවශ්‍ය කෙනාගේ  අරමුණ මුලින් දැනගැනීම වැදගත්. විශේෂයෙන් වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්ගෙන් Hotel එකක් සදහා  වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා මිලක් ඇහුවම ඔහු එක පාරම රුපියල් 30,000, 50,000, 100,000  වගේ කියනවානම් ඔහුගෙන් ඈත් වීමයි නුවනට හුරු. වෙබ් අඩවිය අවශ්‍ය කෙනාගේ අරමුණ තේරුම් ගන්න කලින් මිලක් නියම කරන්න බෑ. කව්රු හරි කෙනෙක් එහෙම  කරනවානම් එකේ තේරුම  ඔහු වෙබ් අඩවිය අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ දෙන්නේ නෑ කියන එකයි. නමුත්  experience එක අනුව දල වශයෙන් මිලක් නියම කරන්න හුගක් Web Designers ලට පුලුවන්. උදාහරනයක් ව්දියට Hotel Website එකක් නම් රුපියල් 50,000 – 100,000 අතර මිලක් වගේ. නමුත් requirement අනුව එම ගනන නැවත වෙනස් වෙන්න පුලුවන්.

Mobile Friendly

බිලියන 4 කට වඩා වැඩි පිරිසක් Mobile Phones භාවිතා කරනවා. එහින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කිරීම සදහා Mobile Phones භාවිතා කරනවා. ඔබගේ වෙබ් අඩවිය Mobile Phones සදහා සහය දක්වන්නේ නෑ කියන එකේ තේරුම ඔබ පැමිණෙන්න තිබෙන විශාල අදායමක් නැති කරගන්නවා වගේ වැඩක්. මෙය SEO වලටත් බලපාන කාරනාවක්.

SEO Friendly

ප්‍රධාන වශයෙන් SEO කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ On-Page Optimization සහ Off-Page Optimization වශයෙන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේද ඔබ On-Page Optimization ගැන අනිවාර්යෙන්ම සිතිය යුතුය.

වැදගත් : On-Page Optimization යනු Title Tag එක Meta Tag එක දැමීම පමණක් නොවේ. ඊට වඩා විශාල පරාසයක් දක්වා On-Page Optimization විහිදිලා තිබෙනවා.

මේ බ්ලොග් එකේම SEO සම්බන්ද ලිපි කිහිපයක් තිබෙනවා.

ඒ වගේම ඔබට SEO ගැන සම්පුර්ණයෙන්ම දැනගන්න අවශ්‍ය නම් අපගේ  Workshop එකකට සම්බන්ද වෙන්න පුළුවන්.

Target Audience

මෙම වෙබ් අඩවිය සදහා ගේනවා ගත යුත්තේ මොන පිරිසද ගැන හොද දැනුමක්ද ඔබට තිබිය යුතුය. උදාහරණයක් ලෙස ඔබ IT Institute (SLIIT, NSBM වැනි) එකකට වෙබ් අඩවියක් හදනවානම් ඔබගේ Target Audience එක වෙන්නේ OL, AL අවසන් කරපු සිසුන් සහ ඔහුන්ගේ දෙමව්පියන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී එයත් වැදගත්.

Coding Standards

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ලෝකයේ පිළිගෙන ඇති සම්මතයට Code කිරීම ඔබ සිදු කල යුතුමය. ඔබ ඔබට ඕන ඕන විදියට Code කරන්න ගියොත් ඔබගේ වෙබ් අඩවිය SEO වලට සහය නොදැක්වීමට ඉඩ ඇති අතර වෙබ් අඩවිය Update කිරීමටද ඉතා අපහසුය.

මීට අමතරව,

මීට අමතරව Clean Design, Branding, Color Scheme, Simple Navigation, Usability, Call to Action, Loading Time, Image Optimization, Browser Compatibility, Website Security, Tracking(Google Analytics, Google Search Console, Heatmap), Sitemap, Legal Side of a Website) වගේ දෙවල් ගැන Web Designer / Web Developer ට හොද දැනුමක් තිබිම වැදගත්, එසේ නොමතිව Result-Driven Website එකක් හදන එක කරන්න අමාරුයි.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 2 Comments

  1. Ishara Keerthirathna

    ස්තූතියි..වෙබ් අඩවියක් නිර්මාණය කරන්න යන අය හැම කෙනෙක්ටම ඉතාම වැදගත් ලිපියක්

  2. මයුමි

    සිංහලෙන් මේ වගේ දේවල් කියන එක ගොඩක් වැදගත්

Leave a Reply