හැරයැම... මා විසිනි


හිතට වදදෙන හරිම අමාරු සිතුවිල්ලක් අමාරුවෙන් වුවත් අකුරු කරන්නයි මගේ මේ වැයම..

ඇත්තටම මං මේ කියන්න යනදේ පිලිගන්නේ ටික දෙනයි.
මොකද මං කියන දේ අහන් ඉදලා ඉදලා අන්තිමට ඒ අය කියන දේවල් වලින් නම් මට තේරෙන්නේ මං අවධානය ගන්න උත්සාහ කරලා එයාලාගේ හාස්‍යයට ලක්වුනා වගේ හැගිමක් .. 
ඒත් මේ කියන්නේ ඇත්ත කියලා මං ඕන තැනක කියන්න පුලුවන් වගේම දිව්රන්නත් පුලුවන් ...

ඉස්සර මං මාරම ආසයි Arash කියන ගායකයාගේ Helena එක්ක කියන සින්දු දෙකකට ... 
ඉස්සර විතරක් නෙවි අදටත් තවමත් ඒ සින්දු දෙක මගේ playlist එකේ උඩම තියෙනවා.
එක සින්දුවක් pure love .
අනික තමයි broken angel..
මේ සින්දු දෙක එකකට එකක් සම්බන්ධ වෙච්චි to be continue වර්ගයේ එකක් නිසා ආසාවෙන් බැලුවෙ අමුතු කතාවක් තියෙන නිසයි.
බලන හැම වෙලෙකම ඇස්වලට කදුලු අරන් ආපු මේ සින්දු රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක්ගේ ආත්මයක් ශරිරයෙන් ඉවත් වෙලා තමන්ගේ පෙම්වතිය බේරගන්න උත්සාහ කරන විදිය කියවෙනවා..

එදා ඉදන්ම මට තියෙන ප්‍රශ්නෙ තමයි , එහෙම වෙන්න පුලුවනි ද? කියන එක.
ඒ කියුවෙ හැපුන ගමන් ශරිරයෙන්  ආත්මය ඉවත් වෙලා තියෙන්න පුලුවන් ද කියලා.
ඇත්තටම එහෙම වෙන්න පුලුවන් ..😣

අර ඉස්පිරිතාලේ මැරිලා කියලා කරන්ට් එක අල්ලලා කෘතිම ස්වසනය එහෙම දිලා පණ ගන්න අය කියන කතා පත්තරෙන් එහෙම දැකලා ඇතිනේ.
මං දොස්තර මහත්වරු කරන දේවල් දැක්කා කිය කියා ඔය ඒ අය කියන්නේ..
එහෙම වෙන්න පුලුවන්.
විනාඩි කිහිපයකට මේ සිරුරෙන් මිදෙන්න පුලුවන්.

තවත් ජිවත් වෙන්න මේ ආත්මේ ආදරේ කරන අයගේ ආදරේ විදින්න පින ඇත්නම් නික්මුණු සිරුරට ආයෙත් එන්න පුලුවන් වගේම හැරයන්න ඇවැසි නම් යන්නටත් පුලුවන්.
😨😍

මං දැන් දන්නවා මේකි මේ මොන කොයිලක් කියවනවා ද කියලා ඔයා හිතනවා නේද? 
කේන්ති ගන්න එපා..
මං මේ කියන දේ අහලා ඔයාලාට දැනෙන හැඟිම මට කියන්න පැකිලෙන්නත් එපා.

මං දන්නවා ඔයාලා කියන දේ ...
 " තමුසේට පිස්සු " 😉

මිට මාස ගානකට කලින් මං වැඩ ඇරිලා දිල් එක්ක ගෙදර එද්දි අපේ මෝටර් බයිසිකල් රාජයාව නින්ද ගියපු ත්‍රිවිල් මාමා කෙනෙක් හැප්පපුවා කියලා ඔයාලා දන්නවානේ..
දන්නේ නැත්නම් ඒ විස්තරේ ලියවුන සිතුවිල්ල කියවන්නකෝ..

එදා දවස කියන්නේ මං මගේ ජිවිතේ වෙනස් කරපු දවස..

බයික් එකේ නැගලා ඔෆිස් එකේ ඉදලා විනාඩි පහක දහයක දුරකදි දිල් එක්ක ගෙදර යන සංතෝසෙට මුනේ තිබුන හිනා මල් සේරම පරවෙලා මට මහ හඬින් මගේ දිල්ට කෑගැහුනේ අනික් පැත්තෙන් අපි ඉස්සරහට ආපු ත්‍රිවිල් එක යන එන මං අමතක වුනා වගේ අපේ ඇඟට එනකොටයි..

ඒත් ඒ සුළු නිමේෂයේ දි වෙන්න ඕන සේරම දේවල් වෙලා කියලා තේරැනේ මහ හඬක් එක්කම මගේ ඇඟට දැනුන සුපිරි සැහැල්ලුව නිසයි..
ඒ සැහැල්ලුව කිසි දවසක දැනිලා නැති නිසා වටපිට බැලුව මම සිද්ධ වුනේ මොනවද කියලා බලන්න..

ලස්සනම ලස්සන සුදු එලියක්.කවදාකවත් දැකපු නැති සුදු පාටක්.අනේ මට එතෙනට යන්න ආසයි.
ඒ ලස්සන එළිය නිකම් මට එන්න එන්න කියනවා වගේ හැඟිමක් තමයි මට දැනෙන්නේ.
ඒ සුදු පාට එලියේ මහ අමුතු සනිපයක් දැනෙනවා වගෙයි.
ඒත් එතනට යන්න කලින් වටපිට තව බලන්න ඕනි.
අනික ඉක්මනට ගෙදර යන්නත් ඕනිනේ.

ඔව් ඒ අර මහ සද්දේ ඇහෙන්න කලින් මගේ ඇස් දෙක දැක්ක ත්‍රිවිල් එක.
මහ පාර මැද්දෙ පෙරලිලා.
මහ සෙනඟ දුවන් එනවා.ලේ පෙරාගත්ත පොඩි බබාලා.පෙරලුන ත්‍රිවිල් එක ඇතුලේ හිරවෙලා උදව් ඉල්ලන අය.
අනේ මං මේ අය දන්නේ නැහැනේ.

මහා අමුතු සද්ද ගොඩාරියක් මගේ වටේ ඇහෙනවා.මිනිස්සු කැගහනවා.
ඒ සද්දේ හරිම අමුතුයි..
එක සද්දයක් නම් බැරිය..
රෝද කැරකැවෙන,යකඩ ඇතිල්ලෙන මේ සද්ද අනේ දෙවියනේ මගේ කන් වලට මෙච්චර සද්ද ඇහෙන්නෙ ඇයි.
ඒත් ඒ සද්ද මගෙන් ගොඩක් ඈත ඉදන් එනවා වගේනේ ඇහෙන්නේ.

මොන විකාරයක් ද මේ ? 🤔
හරියට නිකං දෝංකාර දෙන ගුහාවක හිරවෙලා වගෙයි.

අනේ කෝ මගේ රත්තරං . 
මමත් වටපිට බලබල ඉන්නවා නම්  කෝ මගේ දිල්.
එයාව දකින්න වටපිට බලද්දි මං දැකපු දේ විශ්වාස කරන්න අමාරු වුනත් ඔව් ඒ දේ මටම අවිශ්වාස වුනත් ඒ ඒ මම.👱

පාර අද්දර බිම වැටිලා ගුලි වෙලා කිසිම හැලහොල්මනක් නැතිව ඉන්නේ ඒ මමයි.
ඒත් මේ ඉන්නේ මම.
හිතුනෙම මං ගාවට යන්න.

ඒත් එතෙනට යන්න බැරි ගතියක් මට දැනුනා.
ඇත්තටම මං ඉන්නේ පොලවට වඩා උඩින් වගෙයි.
අනේ දෙවියනේ මට මොනවද මේ වෙලා තියෙන්නේ..
ඔව් මං ගියා මං ලඟට.

මම ලේ ගොඩාරියක් පෙරාගෙන මැරිලා වගේ ඉන්නේ ඇයි? 

අහ් මං මැරිලාද? 🤔

ඒත් මට මේ ඇහෙන්නේ පේන්නේ..
මට තේරෙන්නේ නැහැනේ.

මං බලන් හිටියා තවත් මං වැටිලා ඉන්න තැනට ලං වෙන්න හැදුවා. 
ඒත් එතකොටම මෙච්චර වෙලාවක් අමාරුවෙන් ඇදිලා නොයා හිටපු අර සුදු පාට එළියෙ ලස්සන වැඩි වෙන්න ගත්තා..

මාව ඇදිලා ඇදිලා යන්න හදද්දි මට ඇහුනා එයාගේ කටහඬ..
ඒ මගේ දිල් .. 😘

මෙච්චර වෙලා⁣වක් මට නොපෙනුන මගේ රත්තරන්ගේ කටහඬ.
සුදු පාට එලිය දිහාට ඇදිලා යන අතර මං එයා දිහා බැලුවා.මේ එලිය මාව තදින් බැදලා වගේ තිබුනත් ඒ පැත්තට මාව ඇදිලා යන්නේ හරි හෙමින්.

ඒ නිසා මං දිල් දිහා බලද්දි එයා ලේ පෙරාගෙන කැලි කැඩිලා තියෙන එයාගේ කකුල දනහිස ලඟින් අල්ලගෙන මං වැටිලා ඉන්න තැන දිහා බලන් කෑ ගහනවා.

"අැස් අරින්න නැගිටින්නකෝ හරි.. අැස් අරින්න..අනේ අපිට අමාරුයි මෙයාව ඉස්පිරිතාලෙ ගෙනියන්නකෝ...ඇස් අැරලා බලන්නකෝ නැගිටින්නකෝ අනේ" 😭

හිත ගැස්සුනා.
කොච්චර සනිප වුනත් ඒ සුදු එළිය ලඟ දැනෙන හැඟිමට වඩා මගේ දිල් ගාවට යන එක මට ඕනි වුනා..
එළිය දාලා යන්න අකමැත්තක් හිතට දැනුනත් ආදරේ ඊට වඩා බලවත් වෙලා වෙන්න ඇති, ඉතින් මං එයාගේ කටහඬ ඇහෙන දිහාවට යන්න සුදු එළියට පිටුපැවා..



ඒත් එක්කම මට අර දැනුන සනිපෙ සැහැල්ලුව නැති වෙලා යනව තේරැනත් ඊට වඩා මට දිල්ගේ වේදනාව බලන් ඉන්න බැ..
දිල් ගාවට යන්න හිතුවට සුදු එලියෙන් ඇත් වෙද්දි මාව ඇදිලා ගියේ මං වැටිලා හිටිය තැනට..
ඒ පාර නම් මට මගේ ඇඟට ලංවෙන්න පුලුවන් වුනා..
මාව ඇදිලා ගිහින් මගේ ඇඟ අැතුලට රිංගනවා වගේ දැනෙද්දිම මං ගැස්සිලා ඇහැ ඇරුණා.

ඔව් දිල්ගේ කකුල ඒ වෙලාවෙ දකිද්දි "ලොකු කකුල" කියාගෙන ඇස් ආයෙත් පියවුනා...

ඇඟ පුරාම දැනෙන වේදනාවට වඩා අර එළිය සනිප වුනත් එතන මහ මුසල සිතලක් තිබුන කියලා දැනෙද්දි දැන් නම් දිල්ගේ කටහඬ ඇහුන එක ගැන මං සන්තෝෂ වෙනවා.

දිල් නිසා තමයි මං ආයෙත් මෙලොව ආවේ..

❤❤
නිමේෂයක දි දැස් පියවුනි
ලොවම අඳුරේ ගිල්වුනි
හැර යන්න සැරසුනත්
නිහඬව
නුඹව සිහියෙහි රැදවුනි
මවෙත ඇමතු නුඹෙ
කටහඩ මවෙත ජිවය
ගෙනදුනි  
❤❤

ඉතින් මං මේ කියන දේ ඔයාලා විශ්වාස කරනවාද ? 
නැ නේද?

දිල් කියන විදියට "ඔයා කොහොමද ඕවා දකින්නේ, ඔයා හිටියේ සිහිය නැතිවනේ.සිහියෙන් හිටපු මටවත් මතක නැ ඔය දේවල්.අනික මං කෑ ගහද්දි තමයි ඔයා ගැස්සිලා ඇස් ඇරලා බැලුවේ"

ටිකක් හිතුවොත් මං කියන දේ ඇත්ත කියලා ඔයාලටම තේරුම් යයි..

ඇත්තටම එදා අාත්මය ශරීරයෙන් ඉවත් විමක් සිද්ද වෙලා නම් යකු මං කෙටි කාලින මරණයකට ලක් වෙලා...

ස්තුතියි දිල්..

මට ඇස් අරින්නට නැගිටින්නට කැගසා කියමින් වේදනා මැදේ වුනත් මා ගැනම බැලුවාට..හිතුවාට..

මේ ලොකේ ජිවත් වෙන පුද්ගලයන්⁣ අතරින් මේ අත්දැකීම් විදින්න අය ආයෙත් ඒ අත්දැකිම අනික් අයට විස්තර කරන්න වාසනාවන්ත වෙන්නේ ඉඳලා හිටලා කියලා දැනගත්තම හිත හිරි වැටිලා ගියේ මාත් එහෙම කෙනෙක් නේද කියලා මතක් වෙලයි..😊



Comments

  1. මේක බලන්න!
    https://www.youtube.com/watch?v=SXFjZvWgaeI

    ReplyDelete
  2. මේක ට්‍රයි කරලා බලන්න. ඔබගේ අත්දැකීමම වෙනත් මානයකින්.
    https://youtu.be/gm2-GNmPMPg

    රැසක් දැනුනා නම් කියන්න. මිනිසකුගේ අවසන් හුස්ම සමග ඇතිවන සිතුවිලි ගැනත් රසවත් එකක් තියෙනවා.!!

    ReplyDelete
  3. බුදු අම්මෝ Near Death Experince හෙවත් මරණය අබියස අත්දැකීමක් :O

    යූ බටේ සර්ච් කරාම සෑහෙන්න දේවල් පෙන්වනවා

    https://www.youtube.com/results?search_query=near+death+experience

    මම නම් කවදාවත් ආයෙ සුදු එළිය මග ඇරලා එන්නේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. සුදු එළිය දිහාවට ගියා නම් මං එයාට දෙන්නේ මුලු දිවිය පුරාම දරාගන්න බැරි දුකක්..
      ඒ නිසා මට නම් සුදු එළි එපා 😊

      Delete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න