Translate

Wednesday, July 31, 2019

ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය


අගෝස්තු 01

112 වෙනි වසර සමරන බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භයට තුඩුදුන් අද වැනි දිනෙක එනම් අගෝස්තු 01 දින ඇරඹි ඉංග්‍රිසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේ කඳවුර.

1907 ග්‍රීෂ්ම ඍතුවේ මසුන් දඩයමේ යෙදී සිටි සර් විලියම් ඇලෙක්සැන්ඩර් ස්මිත් හා ලුතිනන් ජෙනරාල් බේඩ්න් පවෙල් අතර වූ සාකච්ඡාවට භාජනය වී තිබුනේ එංගලන්තයේ වූ තරුණ හා ලමුන් අතර ප්‍රචලිතව පැවති පොතක අඩංගු කරුණු සම්බන්ධයෙනි . එංගලන්තයේ තරුණ සේනාංකය- Boys Brigade නිර්මාතෘ ස්කොට් ජාතික සර් විලියම් ඇලෙක්සැන්ඩර් ස්මිත් විසින් 1903 දී සිය සේනාංකයේ වාර්ෂික රැලියට බේඩ්න් පවෙල් හට ආරාධනා කර තිබුනේ සිය සේනාංකයේ 5400ක භට පිරිසකගේ උත්තම ආචාරය ඔහුට පුදනු පිණිසය .ඒවනවිට බේඩ්න් පවෙල් අප්‍රිකාවේ මැෆ්කින් සටන ජයගත් ජාතික වීරවරයෙකුව සිටියේය . සිය පූර්ණ හමුදා උත්සව නිලඇදුමෙන් (Ceremonial dress ) සැරසී ලංඩනයේ ඇල්බට් ශාලාවේ පැවති එම සම්මාන මුරය බේඩ්න් පවෙල් බී.පී. විසින් පිළිගත්තේ තේජාන්විත භාවයෙනි .සර් විලියම්ගේ කාර්‍යයේ විශිෂ්ඨත්වය පිළිබඳව බීපී ඔහුට සුභ පැතීය.

ඉන් වසර 4කට පසුව ඔවුන් දෙදෙනා හමුවී කෙරෙන සාකච්ඡාව නම් 1899 දී බීපී විසින් තම හමුදා සේවයේ අත්දැකීම් අලලා නිළධාරින් හා සෙසු නිලයන් උදෙසා ලියන ලද Aids to Scouting නම් අත්පොතේ එන කරුණු භාවිතාවට ගෙනතිබූ එංගලන්තයේ ලමුන් පිළිබඳවය.

බීපී තම යුතුකමක් ලෙස සළකා තම පොතින් ඉදිරිපත් කල කරුණු හා ක්‍රියාමාර්ග ප්‍රමානවත් තරම් ලෙස ශ්‍රේණිගතව හා සැලසුම් සහගතව ඉදිරිපත් කරතිබූ අතර එය ඔවුන්ට පෙළඹවීමක් විය.

බීපී සර් විලියම්ට ප්‍රකාශ කර සිටියේ ළමුන් හා තරුණයන්හට මේ ආකාරයෙන් හරවත් යමක් ඉදිරිපත් කලහොත් එය යුද්ධයෙන් සාමය කරා ගමන් ගන්නා මාවත විය හැකි බවය.

චරිත හැඩගැස්වීම තුල සෞඛ්‍ය ,පෞරුෂය හා විනය ගරුත්වය යන්න පදනම විය යුතු බව බීපී තදින් විශ්වාස කලේය .

විලියම් බීපී ගේ අදහසට එකඟතාව පලකර සිටි අතර Aids to Scouting පොතේ අඩංගු අවශ්‍ය දෑ පිළිබඳව අත්හදා බැලීමේ කඳවුර යෝජනා කර සිටියේය .

ඒ අනුව බීපී සිය අත්හදා බැලීමේ කඳවුර ඉංග්‍රීසි ඕඩයේ පූල් වරාය අසල වූ බ්‍රවුන්සි නම් දූපතේ පැවැත්වීමට තීරණය කලේය .ඔහුගේ සහායක වශයෙන් කටයුතු කිරීමට මේජර් කෙනත් මැක්ලැරන්ස් තෝරා ගත්තේය.

1907 අගෝස්තු 01 දින සිට 09 දක්වා පැවති කඳවුරට එංගලන්තයේ ග්‍රාමීය ප්‍රදේයන්හි ලමුන් 20 දෙනෙක් සහභාගි විය .ඔවුන් ගව, වෘක, කපුටු හා කිරළ යන සත්ව නම් ඇති කාණ්ඩ 4කට බෙදා සිට අතර ඔවුන්ට නිලඇදුමක් නොමැති විය.කාකි පාට කරලේන්සුව පැළඳ සිටි ඔවුන්ගේ උරහිසේ කාණ්ඩ වර්ණ ලෙස එක් එක් පාටැති රෙදි කඩක් ගැට ගසන ලදී.
Obraz

දිනපතා උදෑසන බීපී තම කුඩු නලාව පිඹ කඳවුරු කරුවන් අවදි කලේය .ව්‍යායාම උදෑසන ආහාරයෙන් අනතුරුව කඳවුරු බැඳීම නිරීක්ෂණය පිහිනීම ගැට වර්ග ඉගෙනීම ජීවිතාරක්ෂක ක්‍රියා වන ශිල්පය අනුන්ට පිහිටවීම ස්වදේශනානුරාගත සිතිවිලි ආදිය කඳවුරේ වැඩසටහනට එක්ව තිබිනි.දිනපතා එක් එක් කාණ්ඩයක් කඳවුරෙන් පිටතට යවා නිරීක්ෂණ හා ගවේෂණ ක්‍රියාකාරකම් සිදුකරන ලදී.දිනපතා රාත්‍රියේ ගිනිමැලය වටා සිටි ලමුන්ට බීපී අප්‍රිකානු ගෝත්‍රික කතා කියනලදී.

කඳවුරේ අවසන් රාත්‍රිය දා ගිනිමැලය වටා සිටින ලමුන්ගේ දීප්තිමත් හා ප්‍රීතිමත් මුහුණු බීපීට දැක ගත හැකි විය. අඳුරු සෙවනැලි ඉදියෙන් තමා වටේ සිටින ලමුන්ගේ දීප්තිමත් මුහුණුවල සටහන්ව තිබෙන්නේ ඔවුන්ගේ යහපත් අනාගතයේ පෙරනිමිති බව බීපීට අවබෝධ විය.
විශේෂ ස්තූතිය
ධර්මලාල් ගුණවර්ධන

අගෝස්තු 01 – කරලේන්සු විප්ලවය

Image result for scarf day scout 

ලෝක බාලදක්ෂ වාර්ෂික කැලැන්ඩරයේ කැපී පෙනෙන දිනයක් වෙන්වී ඇත. එනම් ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය අගෝස්තු පළමුවෙනිදාට යෙදීමය. ඔබ බාලදක්ෂයෙකු නම් එදිනට කරලේන්සුව පැලඳ ගනිමින් එම දිනය ගත කිරීමෙන් ලෝක බාලදක්ෂ කරලේන්සු දින සැමරැමට එක්විය හැක. නිවසේ විවේකීව සිටින ආදි බාලදක්ෂයකු නම් නිවසේ හිඳිමින් කරලේන්සුව පැලඳිය හැක. ඔබ කාර්යාල සේවකයකු නම් එදිනට ටයි පටිය වෙනුවට කරලේන්සුව පැලඳිය හැකියි.

අභිමානය සිහිපත් කිරීම

එපමණක් නොව පාසල් යන ඔබ පාසලේ නිල ඇඳුමේ කමිසයට කරලේන්සුව පැලඳිය හැක. ඔබ බාලදක්ෂ සමූහයේ සමූහ නායක ලෙස විදුහල්පතිතුමා හෝ තුමිය වෙතද කරලේන්සුවක් පලඳවා ලෝක බාලදක්ෂ කරලේන්සු දිනය නිල වශයෙන් විදුහල තුළ චාම් උත්සවයක් සංවිධාන කළ හැක. ඔබ සිටින ස්ථානය, රුකියාව, තරාතිරම කුමක් වුවද ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී බාලදක්ෂයකු වීමේ අභිමානය සිහිපත් කිරීම මෙයින් සිදුවෙයි. එමෙන්ම ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී තවත් අපූරැ දෙයක් ද සිදුවෙයි.  ඔබ කැමතිම යහළුවා හට කරලේන්සුවක් පැලඳවීමට අවස්ථාවක් ලැබෙයි.

සුරතලාට ද කරලේන්සුවක්

එතැනින් නොවතින ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයේ දී ඔබ ආදරය කරන සුරතලාට ද කරලේන්සුවක් පැලඳවීමට අවස්ථාවක් ලැබෙයි. එබැවින් 2108 ලෝක බාලදක්ෂ කරලේන්සු දිනයට සක්‍රීය දායකත්වයක් ඔබ ලබාදුන් ආකාරය විජය බාලදක්ෂ කඳවුරේ ඡායාරෑප විශේෂාංගයකින් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරමු. ඒ සඳහා ඔබ කළ යුත්තේ කරලේන්සුවක් සහිතව ඔබ, ඔබේ යාළුවා හෝ සුරතලා සමග ලබාගත් ඡායාරූපයක් Scouting Magazine මුහුණු පොතට හෝ scoutingmagazine@gmail.com යොමු කිරීම පමණි.
 

No comments:

Post a Comment