Translate

Thursday, August 8, 2019

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ඇමෙරිකාවේ දී

  
24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය උතුරු ඇමරිකාවේ බටහිර වර්ජනියාවේ සමිට්හිදී මහත් උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. රටවල් 153ක 45000 කට අධික බාලදක්ෂයන් සහභාගී වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ මෙවර ශ්‍රී ලංකාවේ සහභාගීත්වය 125 දෙනෙකි.24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ මෙවර සත්කාරකත්වය දරන්නේ ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාවයි. 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භය මහත් අභිමානවත් අන්දමින් සිදු වූ අතර විවිධ රටවල සංස්කෘතික අංග රැසකින් උත්සවය වර්ණවත් විය.සංස්කෘතිය යනු යම් රටක ජාතියක් හෝ ජන කොට්ඨාසයක පිළිගත් සම්ප්‍රදායන්, වටිනාකම් සහ අගනාකම් සමස්තයයි. එම නිසා සෑම රටකටම සංස්කෘතියක් උරුම වී ඇත.

සංස්කෘතිය රටකින් රටකට වෙනස්ය. එය සංස්කෘතියේ ස්වභාවයයි. ලෝකයේ රටවල් 153කින් පැමිණෙන බාලදක්ෂයින් හතලිස් පන්දහසක් දෙනා එකම කඳවුරු භූමියක කඳවුරු බඳින 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය උතුරු ඇමරිකාවේ බටහිර වර්ජනියාවේ සමිට්හිදී පැවැත්වෙයි. ලෝකයේ සෑම රටක්ම නියෝජනය කරන ඔවුහු විවිධවූ සංස්කෘතීන්ට අයත් වූවෝ වෙති. ජාති, ආගම්, කුල භේදයකින් තොරව ලෝකයටම පොදු වූ එකම පොරොන්දුවකට සහ නීතියකට යටත්ව බාලදක්ෂයෝ කඳවුරු බඳිති.එබැවින් ගෝලීය සංහිදියාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝක බාලදක්ෂ ජම්බෝරියෙහිදී ප්‍රායෝගිකව අත්දකින්නට ලැබෙයි. 
ලෝකයේ සෑම රටකින්ම පැමි‍ණෙන දරු දැරියෝ ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වෙති. දරුවන් යනු රටක අනාගතයයි. රටක සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යන්නේ අනාගත පරම්පරාව බව තේරුම් ගත් ලෝක බාලදක්ෂ ජම්බෝරි සංවිධායකයෝ ජාත්‍යන්තර මහා සංස්කෘතික මංගල්‍යය සංවිධාන කළහ. ජම්බෝරියට පැමිණෙන එකිනෙකා හට තම සංස්කෘතිය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට සුදුසු වේදිකාවක් නිර්මාණය කර දීම එහි අරමුණ වීඇත.ජම්බෝරියට පැමිණෙන එකිනෙකා හට තම සංස්කෘතිය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට සුදුසු වේදිකාවක් නිර්මාණය කර දීම එහි අරමුණ වීඇත. ජම්බෝරියට පැමිණෙන එකිනෙකා හට තම සංස්කෘතිය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට සුදුසු වේදිකාවක් නිර්මාණය කර දීම එහි අරමුණ වීඇත.





ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නැරඹීමට ලෝකයේ බොහෝ රටවලින් පැමිණි අතර ලැබී තිබුණේ ඉහළ පිළිගැනීමකි. ලෝක බාලදක්ෂ සමුළුවෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඉහළ දායකත්වයක් ලැබෙනු ඇත. විදේශීකයන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලංකාවේ සෞම්‍ය පරිසරයටත් සිලෝන් ටී වලටත් ඔවුන් බොහෝ සෙයින් ප්‍රියකරන බවයි. එබැවින් තම රටේ ඉතිහාසය, සංස්කෘතිය ලෝකය හමුවේ ජාත්‍යන්තර මහා සංස්කෘතික දිනයේ දී මැනවින් ඔප් නැංවීම ශ්‍රී ලංකා බාලදක්ෂයින් කටයුතු කළ ආකාරය සුවිශේෂි වෙයි.

ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වෙන ශ්‍රී ලංකා බාලදක්ෂයින් කල් ඇතිව ඒ සඳහා සූදානම් ව පැමිණ ඇති බව ක්‍රියාකාරකම් නිරීක්ෂණය තුළින් හඳුනාගත හැකියි. ජනගායනා, ජන නැටුම්, ජනක්‍රීඩා, අංගම්පොර හරඹ, සාම්ප්‍රදායික ආහාර, සාම්ප්‍රදායික දේශීය රසකැවිලි, ජන වහර, ජනප්‍රවාද, වීරකතාද විදේශිකයන්ට හඳුන්වා දිය හැකිය.










ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට ඒවා ද රසවත්ව ඉංග්‍රීසි පරිවර්තන සහිතව විදේශිකයන් වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු සංවිධානය කර ඇත.මෙවර පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පිළිබද අදහස් දක්වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාණ මහතා පවසා සිටියේ මෙය ශ්‍රී ලංකා බාලදක්ෂයන්ට සුවිශේෂී අවස්ථාවක් බවත් එසේම සියලු බාලදක්ෂ ක්‍රියාකාරකම් වලට හොදින් මුහුණ දෙන බවත්ය.

More information about the 2019 World Scout Jamboree could be found at Scouting.lk

Other Video URL
24th WSJ Official Song - https://youtu.be/IfSQ5LJSyQk
24th World Scout Jamboree - 2019 - https://youtu.be/6tKByIsq1R8
Closing Ceremony of 24th World Scout Jamboree  - https://youtu.be/0RsMnoEIOPk
24th World Scout Jamboree Official Song - Highlights - https://youtu.be/D_VE-CULo8I

Next Video soon - Our Scouts are meeting with Scouts from around World taking part in activities together. - https://youtu.be/DghGRu2KIuw

#ScoutJamboree Cultural Day Celebration where #Scouts showed their force behind international unity and understanding.

No comments:

Post a Comment