හිරු එලියෙන් දුවන්න යන ඉන්දියාවේ කෝච්චි

                                        ඉන්දියාවෙ කෝච්චි කිව්වාම මතක් වෙන්නෙ තියෙන ඉඩ මදිව වහෙලයි, ඇන්ජිමෙයි මිනිස්සු එල්ලිලා යන ඒවා නේ.  ඉතින් දැන් ඉන්දියාව හදන්නෙ මේ කෝච්චි පරිසර හිතකාමී විදිහට සූර්‍ය කෝෂ වලින්, සුලං විදුලි බලාගාර වලින් නිපදවන විදුලිය භාවිතා කරලා දුවන්න. එය සාර්ථක වුනෝතින් සම්පූරණයෙන් පුනර්ජන්නීය බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පද්ධතියක් ඇති පළමු රට ඉන්දියාව වනු ඇති.
1010uk.org
                       ඉන්දියාවේ දුම්රිය පද්ධතියට වැයවෙන විදුලි බලය එරට විදුලි නිෂ්පාදනයෙන් 2.4% ක්. ඉන්දියාවෙ රජය සැලසුම් කර තියෙන්නෙ අවුරුදු 10 ක් ඇතුලත මේ ඉලක්කය වෙත ලඟා වෙන්නයි. ඒ වෙනුවෙන් වෙන් කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි 18,000 ක්.  හෙක්ටයාර 51,000 පුරාවට ඉදිකරන සූර්‍යකෝෂ පද්ධතියෙන් ගිගා වොට් 30 ක විදුලියක් නිපදවීමට බලාපොරොත්තුව සිටිනවා. එමගින් දැනට ඩීසල් විදුලි බලාගාර වලින් දුම්රිය පද්ධතියට ලබාගන්නා විදුලිය වෙනුවට භාවිතා කල හැකි වනු ඇත. පරිසරයට අති දැවැන්ත ලෙස කාබන් ඩයොසයිඩ් එකතුවන ප්‍රධාන ක්‍රමයක් වන්නේ මේ ඩීසල් විදුලි බලාගාරයි.
                                             දැනටමත් ඔවුන් විසින් ගිගා වොට් 1 ක සූර්‍ය කෝෂ පද්ධතියක් හා මෙගා වොට් 300 ක සුලං විදුලි බලාගාරයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ. වසර 2025 වන විට සූර්‍යකෝෂ පද්ධතියෙ ධාරිතාව මෙගා වොට් 5 දක්වා වැඩි කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. මීට අමතරව ගමන් ගන්නා දුම්රියන්ගේ ෆෑන්, ලයිට් හා අනෙකුත් විදුලි උපකරණ වල අවශ්‍යතාව සපිරීමට එම දුම්රිය මත ද සූර්‍ර්ය කෝෂ පද්ධති සවිකිරීමට යයි. දැනටමත් එසේ සවි කර ක්‍රියාත්මක වන දුම්රිය කීපයක් ඉන්දියාව තුල ක්‍රියාත්මකයි.
inhabitat.com
                                            ඉන්දියානු රජයේ ක්‍රියාත්මක වන පරිසර හිතකාමී පුණර්ජනනීය බලශක්ති යොදා ගැනීම යටතේ වසර 2022 වන විට සූර්‍ර්ය ශක්තියෙන් ගිගා වොට් 100 ක් ද, සුළං බලයෙන් ගිගා වොට් 75 ක් ද නිෂ්පාදනය කිරීම අරමුණයි. 2040 වන විට මෙමගින් නිපදවන මුලු විදුලි බලය ගිගාවොට් 384 වනු ඇත. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වන්නේ පරිසරයට හරිතාගාර වායූන් වැනි අහිතකර වායූ එකතු වීම වැලකීමයි.
                                              සූර්‍ර්ය ශක්තියෙන් විදුලිය නිපදවන රටවල් අතරින් ඉන්දියාව ලෝකයෙ දෙවන ස්ථානයේ පසුවෙයි. පලවෙනි ස්ථානයේ සිටින්නේ චිලී රාජ්‍ය‍යයි.
                                                

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. මේ වැස්සෙ මොන සූර්ය සත්තියද බොල.

    ආන්න එහෙමයි ලංකාවෙ අපි හිතන්න ඕන හිටං.

    ReplyDelete
    Replies
    1. ඔයා මාරයිනේ අයියේ.. හරියටම කියලා.. ඡ්න්දෙ ඉල්ලන්න අදහසක් එහෙම නැද්ද අයියා... හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features