සිත තුල ගැබ් වී ඇති කිසිම හැගීමක්

වචන වලට හැරුනේ නැතත්

ටිකින් ටික, එම හැගීම් සිත වෙලාගෙන,

එළියක් ඇති හැම කොනක්ම අරක්ගෙන, කෙමෙන් ඒ සියලුම තැන් කලුවරින් වසා

නිමක් කොනක් නැති, මොහොතින් මොහොත වෙනස්වෙන,

සිතුවිලි තුල හිරවී ඇති විටෙක

දිගු කලෙමි ඔබ දෙසට මගේ අත

වියරුවී, මා තුල හිරවී සිටි මා,

නතරවන්නට මොහොතක්

ඔබ දුටුවේද එවන් වූ මා?

සිනහවී

ඔබගේ දෑත මත දෑත් තැබූ මොහොතේ?

දෑත් එක්වුවද, කෙළිලොල් ලෙසින්

හදවතේ අන්දකාරය හඳුනනේද ඔබ?

ඇසෙන්නේද , ඒ මොහොතින් මොහොත

වෙනස්වෙන, වියරුවූ, මාගේ හදවතේ හඬ?

 

සශිකලා ප්‍රේමවර්ධන 

Creative Commons License

This work is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative Works 3.0 Unported License.