HOPE සමග Fathima Shanaz බංග්ලාදේශයට

Avatar Nisanka Weheraduwa | August 28, 2019 237 Views 0 Likes 0 Ratings

237 Views 0 Ratings Rate it

Fathima Shanaz රචනා කොට අධ්‍යක්ෂණය කළ “HOPE” කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලක තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. බංග්ලාදේශයේ Global youth film festivalහි ජාත්‍යන්තර තරග අංශය සඳහා එම කෙටි චිත්‍රපටය තරග වදින බව සඳහන්.

Fathima Shanaz සමග නිර්මාණය සඳහා රංගනයෙන් හර්ෂි, වත්සලා, උමා, කලයි යන පිරිසත්, සිනමා කැමරාශිල්පියා ලෙස විරාජ් ලියනාරච්චිත් සම්බන්ධ වී තිබෙනවා. සංඛ මල්වත්ත සංස්කරණය කළ Hope කෙටි චිත්‍රපටය මිට පෙරත් සිනමා උළෙල කිහිපයක්ම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබුනා.

ජාත්‍යන්තර ජයග්‍රහණ සමග සිනමාවේ ඉදිරි ගමන සඳහා Fathima Shanaz නිර්මාණ ශිල්පිනියට cinema.lk වෙතින් සුබපැතුම් එක්කරනවා.

 

Share

237 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.