Saturday, August 17, 2019

මා.හි. කොමාගේ නම අදාළ ! නීතිපතිට ගොනුවක් නැතිලූ !!


උඩුගම පදිංචි ගාමිනීව, ගෙදර කැම කමින් සිටියදී, අත්අඩංගුවට ගෙන, බොරු නඩු දමා, වසර 08 ක් පුරා, නින්දා අපහාස වලට, මානසික ශාරීරික පීඩාවන්ට පත් කළේ ගම් බට්ටියකගේ වුවමනාවට, උඩුගම පොලීසිය ය.

අවු: 08 ක් පුරා නඩු කියන ලදි. අවසානයේ අධිකරණය ඔහුන නිෙදාස් කොට නිදහස් කරනු ලැබීය.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, උසාවිය යොදාගෙන රිමාන්ඞ් කර තැබීම ගැන ඔහු මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, නීතිපතිට, පැමිණිලි කළේය.

නමුත් ඵලක් නොවීය. නඩුවක් තියෙන නිසා මැදිහත්වීමට නොහැකි බව තර්කය විය.

නඩුව ඉවර විය. ගාමිනී, උඩුගම පොලීසිය සිදුකල නීති විරෝධී කි‍්‍රයාවන් මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන බව, මූලික අයිතීන් උල්ලංඝණය කර තිබෙන බව ප‍්‍රකාශ කර, යුක්තිය ඉටුකර දෙන ලෙසට මානව හිමිකම් කොමිෂමට හා නීතිපතිට යළි පැමිණිලි කළේය.

නීතිපතිගේ පිළිතුර නඩුවට අදාළ ගොනුවක් නැති බවයි. මානව හිමිකම් කොමිෂමේ වැඩ බලන සභාපතිගේ පිළිතුර ”අදාළ කොමසාරිස්ට” පැමිණිල්ල යොමු කළ බවයි.

මේ අප රටේ උගතුන්ගේ, මහජන සේවකයන්ගේ ක‍්‍රියාකළාපයයි. සිවිල් සමාජයට මේවා ප‍්‍රශ්න නොවේ. මොකද? බඩගෝස්තරයට මේ ප‍්‍රශ්න වලින් වැඩක් නොවන නිසාය.


එච්.ඩබ්. ගාමිනී, උඩුගමප - 2019.08.16

ආචාර්ය උපනන්ද විද්‍යාපතිරණ මයා
සභාපති (වැ.බ.*, මානව හිමිකම් කොමිෂන් සභාව        

එච්.ආර්.සී/එම්.ටී./245/11/වී අංක දරණ පැමිණිල්ල.

උක්ත හිසින් යුතු ඔබගේ 2019.06.24 දාතමින් යුතු ලිපිය හා බැඳේ.

මාගේ පැමිණිල්ල ”අදාළ කොමසාරිස්” වෙත යොමු කළ බව එහි ස`දහන් වේ.

කරුණාකර, ”අදාළ කොමසාරිස්” කව්රුද යන්න මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලමි.

මෙය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කරනු ලබන ඉල්ලීමකි.

මෙයට,

එච්.ඩබ්. ගාමිනී
(වින්දිතයා*

එච්.ඩබ්. ගාමිනී, උඩුගම - 2019.08.16

සෝහිත රාකරුණා මයා, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්
නීතිපති වෙනුවට, නීතිපති දෙපාර්තමේන්තුව

නඩු අංකය : 55614  -  නඩු අංකය : 00986
දිසා/මහේස්ත‍්‍රාත් අධිකරණය -  උඩුගම

ඔබගේ අංක : ඵඡුරැු333රැු2019 හා 2019.07.12 දිනැති ලිපිය හා බැඳේ.

මාගේ 2019.06.17 පැමිණිල්ල අදාළව ඔබ ගොනුවක් විවෘත වී නොමැති බව ප‍්‍රකාශ වේ.

මා ඉල්ලා සිටින්නේ, ගොනුවක් විවෘත කර, මාගේ පැමිණිල්ල විමර්ශනයට භාජනය කර, යුක්තිය ඉටු කරන ලෙසටය.

කිසිදු විධිමත් විමර්ශනයක් සිදුනොකර, අත්තනෝමතිකව, පළිගැනීමේ චේතනාවෙන්, අත්අඩංගුවට ගෙන බොරු නඩු පවරා, අධිකරණය උපයෝගී කරගෙන, අපව පීඩාවට පත් කිරීම නීතියද? යන ප‍්‍රශ්නය අපට පවතින බව ද ප‍්‍රකාශ කර සිටිමි.

මෙයට,

එච්.ඩබ්. ගාමිනී

No comments:

Post a Comment