Saturday, August 17, 2019

ජම්මු කාශ්මීර් අර්බුදය පාකිස්ථානය හුදකලා සටනක.


ඉන්දියාවෙන් වෙන්වීම සඳහා දශක හතකට වැඩි කාලයක් තිස්සේ අරගල කරන ජම්මු - කාශ්මීර්, මුස්ලිම් ආගමික අන්තවාදී කණ්ඩායම් වලට පකිස්ථාන රජයේ සහය නොඅඩුව ලැබේ.

දේශසීමාව හරහා නිරන්තරයෙන් වෙඩි හුවමාරු වේ. ඉස්ලාම් ත‍්‍රස්ථවාදීන් පකිස්ථාන භූමියේ රැුකවරණ යටතේ සිටිමින් වරින් වර ප‍්‍රහාර එල්ල කරති.

මෝඩි ආණ්ඩුව හින්දු අන්තවාදී ආණ්ඩුවක් ලෙසට බටහිර මාධ්‍ය හඳුන්වයි. මෝඩි පසුගියදා ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජම්මු – කාශ්මීරයට ලබාදී තිබුණ වරප‍්‍රසාද සියල්ල ඉවත් කර, ඉන්දීය නීතිය යටතට පත් කරන ලදි.

ජම්මු – කාශ්මීරය ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ලෙසට පත්කර ඇත. ලාඩාක් ප‍්‍රාන්තය ඉන්දීය මධ්‍යම රජයේ පාලනය යටතට පත් කර තිබේ.

පකිස්ථානය මෙම පියවරට එරෙහිව රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් පියවර කිහිපයක් ගන්නා ලදි.

ඉන්දු පකිස්ථාන, තානාපති සම්බන්ධතා පහත දැමීම හා දෙරට අතර ගමනාගමනය සිමා කිරීමට පියවර ගත් පකිස්ථානය, මෝඩි ආණ්ඩුවේ පියවරට එරෙහිව ජාත්‍යන්තර හය ලබාගන්නා බව ප‍්‍රකාශ කළේය.

ඉන්දියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකිවන බව පාකිස්ථාන විදේශ ඇමති කියයි. මේ වන විට, ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තරය කථා කරන්නේවත් නැති බව පවසන ඔහු, අඩුම වශයෙන් මුස්ලිම් යයි කියා ගන්නා රාජ්‍යයන් වත්, ඉ්දියාවේ මෝඩි ආණ්ඩුවට එරෙහිව කථා කරන්නේ නැති බව කියයි.

ජම්මු – කාශ්මීරයේ බහුතරය ඉස්ලාම් ආගමිකයන් වන අතර, ලාඩාක් ප‍්‍රාන්තයේ අති බහුතරය බෞද්ධයන් හා හින්¥න් ය.

ඉන්දීය ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් මෙම ප‍්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ වරප‍්‍රසාද ප‍්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ වරප‍්‍රසාද අහෝසි කර එක නීතියක් යටතට පත් කර කිරීම නිසා, මෙම ප‍්‍රදේශවල ජීවත් වීමට සියලූම ඉන්දියානුවන්ට ජාති,කුල, ආගම් භේදයෙන් තොරව හැකිවනු ඇත. එමෙන්ම සංවර්ධනයට ද ඉඩ ලැබෙනු ඇත. 

   

No comments:

Post a Comment