ඇපල් විසින් ඉන්ටෙල් මොඩම් වෙළඳාම මිලදී ගනියි

                                ඇපල් සමාගම විසින් ඩොලර් බ්ලියන එකක් ගෙවා ඉන්ටෙල් සමාගමේ මොඩම් වෙළඳාමේ වැඩි ගණනක් කොටස් මිළදී ගැනීමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ සමගම මෙතෙක් කල් ඉන්ටෙල් වෙත සේවය කල සේවකයන් 2,200 ක් හා අනෙකුත් IP උපාංඟ, පේටන්ට් බලපත්‍ර භාවිතා කිරීමේ බලය ඇපල් සමාගමට ලැබෙනවා. මේ ගනුදෙනුව මේ අවුරුද්දේ අවසානයේ නිම කිරීමට නියමිතයි.
                                  මීට පෙර ඇපල් සමාගම භාවිතා කලේ ක්වාලකොම් මොඩම් උවත් සමාගම් දෙක අතර කලක පටන් පැවතුන මත බේද නිසා ඇපල් සමාගමට තමන්ගේම මොඩම් චිප් නිෂ්පාදනයක අවශ්‍යතාව දැනෙමින් තිබුණා. දැන් ඔවුන්ට, ඇපල් දුරකතන සඳහා ඔවුන්ගේම 5G මොඩම් උපාංඟ ඇතුලත් කර නිෂ්පාදන කිරීමේ හැකියාව ලැබෙනවා.
                     මේ ගිවිසුම නිසා ඉන්ටෙල් හට ඔවුන්ගේ මුලු කොටසම අහිමි නොවන අතර ඉදිරියටත් දුරකතන හැර පරිගණක, IoT උපාංඟ, ස්වයං ධාවන රථ සඳහා මොඩම් නිපදවීමේ හැකියාව පවතිනවා.
                               මේ ගිවිසුමත් එක්ක ඇපල් සමාගමට ඔවුන්ට රිසි පරිදි මොඩම් නිපදවීමේ හැකියාව ලැබෙනවා. එසේම නව පහසුකම් හා යෙදුම් එකතු කරමින් මේ මොඩම් උපාංඟ නිපදවන්නටත් ඉන් හැකි වෙනවා. කලින් භාවිතා කල ක්වාලකොම් මොඩම් සඳහා ඔවුන් අසාධාරණ ලෙස පේටන්ට් ගාස්තු අයකිරීම නිසා ඇපල් සමාගම හා ක්වාලකොම් සමාගම අතර තිබුණේ එතරම් හොඳ සබඳතාවක් නොවේ. කෙසේ උවත් ක්වාලකොම් චිප් වලට වඩා ඉන්ටෙල් සමාගමේ චිප් කාර්‍යක්ෂමතාව අතින් සිටින්නේ පිටුපසිනි. iPhoneX සඳහා මේ දෙවර්ගයේම මොඩම් භාවිතා කල අවස්තාවේදී, ක්වාලකොම් චිප් වලට වඩා ඉන්ටෙල් චිප් තරමක් මන්දගාමී බව ඇතැම් වාර්ථා වලින් පවා පෙන්වා දී තිබුණා. නමුත් ඇපල් යනු ලොව නම් දරා සිටින උපාංඟ නිෂ්පාදන සමාගමක් නිසා ඔවුන් ගේ මේ ඉදිරි පියවර ඉතා හොඳ එකක් වේවි.

6 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ඩොලර් බිලියන එකක්. අපෝ පොඩි ගානක්නෙ. ඉන්ටෙල් එක ඔච්චර බංකොලොත් වෙලාද. හැක්..

    ReplyDelete
    Replies
    1. මොඩම් කියන්නෙ ඉන්ටෙල් ලගේ ඉදිකට්ටක් විතරයි. අනික ෆෝන් වලට මොඩම් හදන එකෙන් පෝස්ට් එකේ තියෙනවා වගේ ඉන්ටෙල් හිටියෙ පිටිපස්සෙ. ඉතිං ඒක විකුණන එක හොඳ වෙන්න ඇති අයියා...

      Delete
  2. අපි සියනෑ කෝරලේ
    මට USB female terminal කීපයක් සහ female සම්බන්ධක සහිත වයර් කීපයක් ගන්න තැක් ගම්පහ දිස්ත්‍රික්කය තුල තියෙනවද?
    ඒ වගේම arduino පුවරු සහ කොටස් ගන්න පුවවන්නම් වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. පිට කොටුවෙ 2 හරස් වීදියෙන් ගන්න එක තමයි ලේසිම විදිහ. නැත්නම් online order කරන්න වෙබ් සයිට් තියෙනවා.

      Delete
  3. ඔන්න අපිත් ආවා මේ පැත්තේ..
    ඇපල් ඉතිං මට නම් පෙන්නේ දැන් බහින කලාවේ කොම්පැනියක් වගේ. මමත් පාවිච්චි කරන්නේ ඇපල් අයිෆෝන් එකක්. ඒ උනාට අලුත් අයිෆෝන් වල කිසිම ගතියක් නැහැ, විකාරයි. අර එයාල තියාගෙන ආව අරමුණු මගහැරිලා කියලයි මට හිතෙන්නේ.
    බලමුකෝ ඇපල්- ඉන්ටෙල් කොහොම වෙයි ද කියල..

    ReplyDelete
    Replies
    1. ආවට ගොඩක් ස්තූතියි අඟහරු !
      ස්මාර්ට් ෆෝන් එකත් දැන් ගෙනියන්න පුළුවන් උපරිම සීමාවකට ඇවිත් වගේ. ඒ නිසා අලුත් අලුත් design කරන්න ගියාම ඒවා චොර වෙනවා.

      Delete
Previous Post Next Post

Recent Post

Features