ලැප්ටොප් සමවන Tab S6

                                        ඩෙස්ක්ටොප් වලින් ලැප්ටොප් වලට වෙනස් වුණ අයට ඔන්න දැන් ටැබ් වලට වෙනස් වෙන්න පුළුවන්කම ලැබිලා. Samsung Galaxy Tab S4 වලින් පස්සෙ Galaxy Tab S5 එකක් එන්නෙ නැති බවට සැම්සුන් සමාගම කියලා තිබුණා. ඉතින් මේ තියෙන්නෙ  අලුත් Samsung Galaxy Tab S6 වල විස්තරයයි.
➤ නිමාව හා ඩිස්ප්ලේ එක
NDTV Gadgets
                             Samsung Galaxy Tab S6 එකට අඟල් 10.5 ක Super AMOLED තිරයක් ( 2560x1600 resolution) තියෙනවා. ඒත් එක්කම පිටුපසට කලීන් තිබුණ glass back එක වෙනුවට ඇලුමිනියම් නිමාවක් දීලා තියෙනවා. ඒ නිසා අතපසු වීමකදී පිටුපස බිඳී යාම ඉන් බොහෝදුරට වැලකී යනවා. කලින් තිබුණ ටැබ් වල S Pen එක රඳවන්න හරියට තැනක් නොතිබුණත්, Tab S6 දී කැමරාවට පහලින් රඳවා තබන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ තැනින්ම S Pen එක wireless විදිහට චාර්ජ් කර ගන්නත් පුළුවන්.
Cnet
                            ඒත් එක්කම optical fingerprint sensor එකක් එක්ක face unlock එකත් Galaxy Tab S6 එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. Dolby Atmos සහය ඇති quad-speaker පද්ධතියක් තියෙන Tab S6 එකේ audio tune කරලා තියෙන්නෙ AKG. කොහොම වුණත් 3.5mm headphone jack එක නම් මේකට එන්නෙ නෑ. ඒ වෙනුවට Type-C port එකෙන් ඇඩැප්ටරයක් මගින් headphone භාවිතා කරන්න වෙනවා.

අලුත් වුණු KeyBoard එක
Slashgear
                           සැම්සුන් ටැබ් එකට ආපු Book Cover Keyboard එකට කලින් නොතිබුණ අංඟයක් වෙන Laptop වල තියෙනවා වගේ track pad එකක් එක්ක කී බෝඩ් කවර් එක හදලා තියෙනවා. ඉතිං මේ හින්දා ටැබ් එක දිගෑරලා කී බෝඩ් එක හයි කරත්තට පස්සේ, හරියට ලැප්ටොප් එකක් වගේම තමයි. Mobile OS එකකයි Desktop OS එකකයි තියෙන ඉන්ටෆේස් වෙනස නිසා ටැබ් එකක වැඩ කරනකොට දැනෙන්නෙ වෙන්ස් විදිහට. ඒක නිසා අලුත් Android 9 Pie OS එක තියෙන Galaxy Tab S6 එකේ DeX කියන feature එක තියෙන්නෙ. ඒකට වෙන් වුණු key එකකුත් මේ කී බෝඩ් එකේ තියෙනවා. DeX නිසා ටැබ් එකේ පහසුවෙන් ඩෙස්ක්ටොප් එකක වගේ වැඩ කරන්නත් multi tasking කරන්නත් පුළුවන් කම ලැබිලා තියෙනවා. කොහොම වුණත් මේ Book Cover Keyboard එක වෙනම තමයි ගන්න තියෙන්නෙ. ඒක ටැබ් එකට කාන්දම් අධාරයෙන් සම්බන්ඳ වෙනවා. එතකොට ටැබ් එකේ බැක් කවර් එක ස්ටෑන්ඩ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්.

බැටරිය,ප්‍රොසෙසරය හා කැමරා
soyacincau
                   ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වලට 2019 වසරේ නම් දරාපු අලුත්ම Qualcomm Snapdragon 855 ප්‍රොසෙසරයෙන් තමයි මේ ටැබ් එක වැඩ කරන්නේ. රැම් එක 6 GB හා මතකය 128 GB විදිහටත් රැම් 8 GB හා මතකය 256 GB විදිහට වර්ග දෙකකින් මේ Samsung Galaxy Tab S6 එක ගන්න පුළුවන්. MicroSD එකෙන් තව මතකය වැඩිකරගන්න පුළුවන්. කලින් Tab S4 එකේ බැටරියට වඩා නම් Tab S6 එකේ බැටරියේ ධාරිතාව අඩුවෙන් තමයි ඇවිත් තියෙන්නෙ. ඒ අනුව කලින් Tab S4 එකේ පැය 16 ක් දක්වා වැඩ කිරීමට පුළුවන්කම තිබුණු 7300 mAh බැටරිය වෙනුවට, පැය 15 ක ක්‍රියාකාරි කාලයක් තියෙන 7040 mAh බැටරියක් අලුත් Tab S6 එකේ තියෙන්නෙ. කැමරා ගැන බැලුවොත් ඉදිරිපස 8 megapixel කැමරාවකුත්, පිටුපස 5-megapixel , 13-megapixel 1230 wide angle dual camera ද දකින්න ලැබෙනවා. ඒ නිසා 4K හා 8K වීඩියෝ Galaxy Tab S6 එකේ තියෙනවා.

විශේෂතා
         Samsung Galaxy Tab S6 එක අලුත් Android 9 Pie හා Samsung’s One UI සමග පැමිණෙනවා. ඒ වගේම S Pen එකට බ්ලූටූත් සම්බන්දය ඇති නිසා, දුරස්ථ පාලකයක් විදිහට සෙල්ෆි ගැනීමට, වීඩියෝ මෙන්ම ස්ක්‍රෝල් කිරීමටද මීටර් 10 ක පමණ දුරක් දක්වා යොදා ගන්න පුළුවන්. මේ පහසුකම Air Actions ලෙස හඳුන්වනු ලබනවා. S Pen එකේ තියෙන බට්න් එක ආධාරයෙන්, කැමාරා මොඩ් එක වෙනස් කිරීම ආදිය කරන්නත් පුළුවන්.
Laptop mag
         කලින් කිව්වා වගේම හොඳින් වැඩ කල හැකි පරිදි DeX ද දියුණු කරලා තියෙනවා. Speaking optimizations, අලුත් Game Booster එක , AI යෙදවුම් ඉතා හොඳින් Galaxy Tab S6 දී දියුණු කර තිබෙනවා.

4 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. $650 විතර වෙනවලු... ඒ කියන්නෙ ලංකාවේ මුදලින් රු. 115000.00 විතර. මොකද කියන්නෙ ගමුද එකක්? 🤣

    ReplyDelete
  2. චැහ්.. ඔච්චර වටින එකක් 1යි 15 කටද දෙන්නෙ. ගාන මදි වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් 2.50 ට ගමු අයියා... හැක්!

      Delete
Previous Post Next Post

Recent Post

Features