කසිකබල් දුම්රිය ස්ථානවලට ස්මාට් ටිකට් යන්ත්‍

අජිත් පැරකුම් ජයසිංහ

ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 20ක ණයක් මගින් ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල ටිකට් නිකුත් කරන යන්ත්‍ර‍ හා ස්වයංව ඒවා පරීක්ෂා කරන ගේට්ටු සවි කිරීමට නියමිත ය. ඒ සඳහා දුම්රියපොළ 50ක් තෝරාගෙන තිබේ.
Sinhala Tamil English Translations and Content Writing
දියුණු රටවල තිබෙන ටිකට් මිළ දී ගැනීමේ ක්‍ර‍ම අතර ඇප් මගින් මිළ දී ගැනීම, යන්ත්‍රයෙන් මිළ දී ගැනීම හා කවුන්ටරයෙන් මිළ දී ගැනීම තිබේ. අඩු මිළ ටිකට් පතක් රැගෙන දුම්රියෙන් ගොස් ගමන අවසන් කරන තැනදී ඉතිරි මුදල ගෙවීමේ හැකියාව ද තිබේ. අඩු දුරක් ගියා නම් ඉතිරි මුදල ලබාගන්නට ද හැකි ය.
දුම්රිය ටිකට් නිකුත් කිරීම තවමත් වැඩිපුර සිදුවන්නේ ඉතා පැරණි ක්‍ර‍මයකට ය. අඩු තරමේ මෙම ටිකට් කවුන්ටරවල මගීන්ට පහසු උසක් හෝ නැත. බොහෝ තැන්වල ටිකට් මිළ දී ගත යුත්තේ දෙකට නැවී ඇතුළ බැලිය හැකි ගුලකිනි.
මෙම කවුන්ටර අසල රස්තියාදුව අධික බව ඇත්ත ය. එහෙත්, දුම්රිය සම්බන්ධයෙන් මගීන් මුහුණ දෙන ප්‍ර‍ධාන ම ගැටලුව වන්නේ ටිකට් මිළ දී ගැනීමේ අපහසුව නොවේ. ඊට වඩා වැදගත් ප්‍ර‍ශ්න රැසක් තිබේ.
දුම්රිය අබලන් ය. පරිසරය දූෂණය කරයි. වේලාවට ධාවනය වන්නේ නැත. තදබදය අධික ය. ඇතුළත පහසුකම් අවම ය. ඇතැම් විට ජනෙල් දොරවල් වසන්නට බැරි ය. විදුලි පංකා වැඩ කරන්නේ නැත. මගීන් ගමන් කරන්නේ ඉතා අනාරක්ෂිත ලෙස ය.
දුම්රිය ස්ථානවල වේදිකා බොහොමයක් මිටි වැඩි ය. ඇතැම් විට වේදිකාවේ දිග මදි ය. දුම්රියෙන් බැසීම ඉතා අමාරු ය. ආබාධිත ප්‍රවේශය නැත. ආබාධිත පුරවැසියකුට රෝද පුටුවෙන් දුම්රියට නැගීම සිහිනයකි.
දුම්රිය ස්ථාන පරණ ය. අපිරිසිදු ය. පහසුකම් අවම ය. බොහෝ දුම්රිය ස්ථානවල මගීන්ට වැසිකිළි පහසුකම් නැත. තිබෙන ඒවා ද නිතිපතා සෝදන්නේ නැත. කාර්ය මණ්ඩල අවිනීත ය. ‍ඇතැමෙකු තමන්ගේ රාජකාරිය හරිහැටි කරන්නේ නැත.
දුම්රිය මාර්ග අනාරක්ෂිත ය. ගේට්ටු නැති හරස් මාර්ග රැසකි. අනතුරු බහුල ය. ඇතැම් ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය වන විට එයට ගල් ගසන ජනතාව ද මේ රටේ සිටිති. ගල් පාරක් වැදී ටික කලකට ඉහතදී අනුරාධපුරයේ විදුහල්පතිවරයකු මිය ගියේ ය. එහෙත්, ගල් ගසනවුන්ට හානියක් නැත.
ප්‍ර‍තිපත්ති සම්පාදකයන් තබා දුම්රියේ ඉහළ නිලධාරීන්වත් දුම්රිය හෝ දුම්රිය ස්ථාන ගැන දන්නා බවක් නොපෙනේ. මෙවැනි වැඩකට නැති සෝබනකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා ය.
තවත් හේතුවක් තිබේ. අද සිට ඇරඹෙන මිළ ගණන් ඉදිරිපත් කිරීම සඳහා මූලික ප්‍ර‍සම්පාදන කටයුතුවලින් පසුව තෝරාගෙන තිබෙන්නේ චීන සමාගම් හතරකි. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ චීන සමාගම්වලටත්, එම සමාගම්වලින් කොමිස් ලබාගන්නා දේශපාලකයන්ටත් උවමනා නිසා විය හැකි ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා