Main Logo

Sunday 12 May 2019

ඩීල් දේශපාලනය හා පාස්කු ප්‍රහාරය


ඩීල් දේශපාලනය හා  පාස්කු ප්‍රහාරය



ඊයේ ලිපිය ගැන තවදුරටත් කියන්න ඕන. පාස්කු ප්‍රහාරය හුදු මුස්ලිම් අන්තවාදයේ වැඩක් නො වෙයි. බටහිර නූතනත්ව සංස්ථාපනය එහි පිටුපස ඉන්නවා. බොහෝ දෙනා මා සමග එකඟ වන එකක් නැහැ. අල් ක්වයිඩා මෙන් ම අයිසිස් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මගින් යොදවා ගන්නා ආකාරය පිළිබඳ අවශ්‍ය තරම් ලේඛන තියෙනවා. අසාන්ජ් ද ඒ බවට සාක්‍ෂි ඉදිරිපත් කර තියෙනවා. ඒ සියල්ල පිළිබඳ මූලාශ්‍ර දෙන්න මට හැකියාවක් නැහැ. මා බොහෝ වෙලාවට කියා ඇති ආකාරයට මා දත්ත එකතු කරන්නෙක් නො වෙයි. හැකියාවක් තිබුණත් දෙන්නෙත් නැහැ. කතන්දරය කියවා ගෙන යන්න.


අර රොහාන් ගුණරත්න අයිසිස් ආසියාවට ව්‍යාප්ත වන බව කියන විට එයට හේතුව කුමක් දැයි කවුරුන්වත් අහන්නෙ නැහැ. කිසිම පඬියකු එයට හේතුවක් දෙන්නෙත් නැහැ. පඬියන් සමහර විට රොහාන් ගුණරත්නගේ ප්‍රකාශය ම ප්‍රතික්‍ෂෙප කරනවා වෙන්න පුළුවන්. එහෙම නැතත් තමන්ට අලුත් හේතුවක් හිතා ගන්න බැරි බව පඬියනුත් පඬි පෝතකයනුත් දන්නවා. පඬි නැට්ටන්ට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. 

පඬියන් හා පඬිපෝතකයන් ඒක හේතුවාදීන්. ඔවුන් දන්නේ එක ම හේතුවයි. ඒ ලංකාවේ නොව ලෝකයේ ම සියලු වැරදිවලට හේතුව සිංහල බෞද්ධ සංස්කෘතිය බව. ඔවුන් අද දහඅතේ කල්පනා කරන්නේ පාස්කු ප්‍රහාරයට වරද කරුවන් සිංහල බෞද්ධයන් බව පෙන්වීමට. බීබීසිය හා සොල්හයිම් එය ප්‍රකාශ කරල ඉවරයි. ඔවුන් තම ප්‍රකාශ අස්කරගෙන නැහැ. බීබීසි ජඩමාධ්‍යවේදියා හා කඩුවෙන් තණ කපන බව කියන්නන් අතර සම්බන්ධයක් තියෙන බව කියැවෙනවා. 

අප ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට යා යුතු ය කියන්නේ පළමු පියවරක් ලෙස ඡන්ද ලබා ගැනීමට දේශපාලනඥයන් කරන උප්පරවැට්ටි නවතා දැමීමට කටයුතු කළ යුතු ය යන්නයි. ඡන්ද ලබා ගැනීමට කරන ගණුදෙනු (ඩීල්) දේශපාලනය පාස්කු ප්‍රහාරයට හේතුවක් වුණා. අයිසිස් සංවිධානයට සම්බන්ධ තව්හීඩ් ජමාත් මෙරට බිහිවුණෙ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ගේ අනුග්‍රහයෙන්. ඒ සංවිධානවලට එකී දේශපාලනඥයන්ගේ ආවරණය ලැබුණා. සිංහල දේශපාලනඥයන් ඡන්ද ලබා ගැනීම සඳහා මුස්ලිම් දේශපාලනඥයන් සමග ගණුදෙනු දේශපාලනයේ යෙදුණා. මෙරට ප්‍රධාන දේශපාලනඥයන් සියලු දෙනා ම පාහේ පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව හෝ වග කියන්න ඕන. මුස්ලිම් ත්‍රස්තවාදීන් මෙරට නැහැ කියූ කිසිවකුට ඇමතිකම් ආණ්ඩුකාරකම් දිය යුතු නැහැ

මේ දේශපාලනඥයන්ට බලපෑම් දැමීමට අද ජාතික ව්‍යාපාරයක් නැහැ. චම්පකත් ජ වි පෙරමුණත් වෙනත් අයත් ජාතික ව්‍යාපාරය මරා දාලා. අද නැවත පෙර මෙන් ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීම පහසු වෙන එකක් නැහැ. භික්‍ෂූන් වහන්සේ කාදිනල්තුමා ඇතුළු කතෝලික පූජකතුමන්, මෞලවිතුමන් වැදගත් වන්නේ මෙහි දී. හින්දු පූජකවරුන්ට අදාළ සමාජයේ බලපෑමක් කරන්න බැහැ. 

ලංකාවේ හින්දු සමාජයේ කුල ක්‍රමය සකස් වී ඇත්තේ ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර ආකාරයෙන් නො වෙයි. භාරතයේ ශුද්‍රයන් ලෙස සැලකුණු වෙල්ලාලයන් මෙහි ප්‍රධාන තැනට පත්වෙලා. දෙමළ සංස්කෘතියට අවශෝෂණය කෙරුණු සිංහලයන් ශුද්‍රයන් බවට පත්වෙලා. වෙල්ලාලයන් බටහිරයන්ගේ අනුග්‍රහයෙන් කටයුුතු කරන්නේ බ්‍රහ්මයාගේ කටින් ආ පුද්ගලයන් ලෙසයි. වෙල්ලාලයන් මවනු ලැබුයේ ලන්දේසීන් හා ඉංගිරිසින් විසින්. 

එහෙත් මා මෙහි දී කියන්නේ නැහැ භික්‍ෂූන් වහන්සේවත් පූජකතුමන්වත් රාජ්‍යපාලකයන් විය යුතු ය කියා. එය සිංහල බෞද්ධ සංස්කෘතියට සම්පූර්ණයෙන් ම පටහැණියි. සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පිට පැණ කිසිවකුට මෙරටට විමුක්තියක් නිදහසක් ගෙන එන්න බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියේ භික්‍ෂූන් වහන්සේ රජුන්ට අවවාද අනුශාසනා කළා, උපදෙස් දුන්නා. සමහර විට රජුන් තැනුවා. එහෙත් රජකම් කෙළේ නැහැ. රජකම් කිරීමට නම් පළමුවෙන් උපැවිදි වෙන්න ඕන. 

භික්‍ෂූන් වහන්සේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි රජුට අර්ථයෙන් ද ධර්මයෙන් ද අනුශාසනා කළා. මෙහි දී වැදගත් වන්නේ අර්ථයෙන් කියන කොටසයි. භික්‍ෂූන් වහන්සේ පූජකතුමන් හා මෞලවිතුමන් මේ ජඩ ඡන්ද දේශපාලනයෙන් දේශපාලනඥයන් ඉවත් කරවිමට කටයුතු කරන්නේ නම් එය රටට වැඩදායකයි. මුස්ලිම් අන්තවාදයට අනුග්‍රහය දැක් වූ මුස්ලිම් දේශපාලනඥයන් දැන් නැවතත් සිංහල දේශපාලනඥයන්ට බලපෑම් දානවා.

අර සුපුරුදු කතන්දරය දැනටමත් පටන් අරන්. චෝදනා නැත්නම් අත්අඩංගුවට ගත් අය වහාම නිදහස් කරන ලෙස මුස්ලිම් දේශපාලනඥයන් ප්‍රකාශ කරනවා. බැලූ බැල්මට මෙය සාධාරණ ප්‍රකාශයක්. මේ කිිසිම මුස්ලිම් දේශපාලනඥයෙක් කියා තියෙනවා ද අත්අඩංගුවේ පසුවන රණවිරුවන් බුද්ධි අංශ නිලධාරීන් චෝදනා නැත්නම් වහාම නිදහස් කරන ලෙස. අද රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් නම් නීතිය ඒ ඒ අයට අවශ්‍ය විධියට නැවීමයි. රටට එක නීතියක් නැතිවා පමණක් නොවෙයි. නීති එක එක විධියට නවනවා ද දකින්න පුළුවන්.

සුමාන දෙකකින් සැකකරුවකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ හැකි යැයි මුස්ලිම් දේශපාලනඥයන් හිතනවා ද? මේ එසේ මෙසේ සැකකරුවන් නො වෙයි. ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට සැක කෙරෙන අය. ජීවිත දෙසිය ගණනක් නැති කළ අය. තවත් සිය ගණනකට අත් පා අවයව අහිමි කළ අය. මා හිතන්නේ මේ අයගෙන් ප්‍රශ්න කිරීමට වෙන ම ඒකකයක් පුළුල් බලතල සහිත ව පිහිටුවිය යුතු ය කියා. 

අද ජනතාව බියෙන් පසු වන්නේ. මිනිසුන් ගමන් බිමන් යෑම අඩු කරලා. පාසල් සිසුන් 0.001% ක්වත්  පාසල් යන්නේ නැතිව ඇති. හෙට කී දෙනකු පාසල් එයි ද? මුස්ලිම් දේශපාලනඥයන් අර පරණ තැටිය වාදනය කරන්නේ මුස්ලිම් අන්තවාදීන් ආරක්‍ෂා කිරීමට. කලින් බටහිරයන් හා ඔවුන්ගේ හෙංචයියලා හා හෙංචක්කලා දෙමළ ත්‍රස්තවාදී සැකකරුවන් චෝදනා නැත්තන් නිදහස් කරන්න කිව්වෙත් ඊනියා මානවවාදයක මුවාවෙන් ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කිරීමට. සිංහල දේශපාලනඥයන් ඩීල් දේශපාලනය නිසා මුස්ලිම් දේශපාලනඥයන්ට හිස නමන්න ඉඩ තියෙනවා. අප එයට ඉඩ නොදිය යුතුයි.