කවි සිතක් තිබුණා…
නපුරු හීනෙකි රාත්රිය
කවි සිත බිඳී විසිරුණ
පාපිලි පොඩි වී
ඇලපිලි ඇදවී ගිය
කවි නිමිති සොය සොයා
ගැහි ගැහී පැන ආව
දුක දරා ගනු නොහී
කළු ගැහී කැත වෙච්ච
දිස්නේ දෙන හිරු මඩල
ආදරෙන් සිප ගන්න
කළු වළා පෙල ගැහුනු
දෙහිවල අහස මතකයිද
ඉස්පිලි ඇනි ඇනී
හද වේදනා දෙවන
උඩු යටිකුරුව ආදරය
ඇස් අගිස් තෙත් කරන
කවි නිමිති සොය සොයා
යලි යලිත් පැන යන්න
ගැහි හැගී හිනැහෙන්න
එනවා ද යලි දිනෙක