ආලය යනු…
නිල්ම නිල් අහසක
සුදෝ සුදු වළාවන්
රටා මැවූ සැඳෑවක
බේරේ වැව අසබඩදී
පසක් විය මෙමට
කිමැයි ආලය….
සුන්දර දෑස් අග
නලියන වදන් එකින් එක,
ඇගේ කොපුලෙන් විහිදෙන
පෙම්බර සුවඳින් මත්ව,
මහද ගැඹුරේ ලියැවිණි
කිමැයි ආලය….
නොනිමි අහසට පවා
සම කළ නොහී
අන් කිසිවක් නොව
ආලය යනු,
නුඹයි සොඳුරිය….