දේශපාලනීකරණය නොවූ සැබවින්ම උණූවන අපේ මිනිස් සිත් …


පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමින් පසු දින පානදුරේ සුපිරි වෙළඳ සැලක දුක්මුසු පෙනුමකින් යුත් තරුණ සේවකයෙක් සමග වූ දෙබසක්

bombThe scene near St. Anthony’s Shrine after the attack.  Credit Eranga Jayawardena/Associated Press

මම : අද සුපමාකට් එක පාලුයි නේ?

තරුණයා: අද කවුරුවත් බඩු ගන්න එන්නේ නෑ මිස්

මම : ඇයි මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද?

තරුණයා: මොන කෑමක්ද මිස්. රටම මළගෙයක් නේ? ඊයේ අපේ අම්ම උදේ ඉදන් අණ්ඩනවා. අපි ඇහුව කෑම උයන්නේ නැද්ද අම්මේ බඩගිනී කියල. අම්ම කිව්වා රටේ පවුල් සිය ගානක් බත් හැලියක් ලිපේ නොතිය හැපෙන කොට, උඹලට බත් ගිලෙනවද බොල කියල. අපි ඔක්කොම හුඋල්ලලා ගිහින් නිදිය ගත්ත මිස්.

අපි කොහොමද මිස් මේ වෙච්ච දේට වන්දි ගෙවන්නේ ඒ පවුල් වලට?

මට උත්තර නැතුව, ඇස් වල පිරුණු කඳුළු හොරෙන් පිහිදාගෙන, ඒ ළමයගේ අත මිරිකලා ඉක්මනට එතනින් ගියේ, ‘දෙවියනේ මම කොච්චර හිත් උණුවෙන රටකද ඉන්නේ. ඒක මොන වාසනාවක්ද. අපේ අමනුෂ්‍ය දේශපාලකයන් නැත්නම් අපි කොච්චර සුන්දර මිනිස්සුන්ද?’ කියල හුල්ල හුල්ල.

About lifeisabeach

love to use communication as a tool of passionate expression of personal views
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to දේශපාලනීකරණය නොවූ සැබවින්ම උණූවන අපේ මිනිස් සිත් …

  1. It’s genuinely very complicated in this active life to listen news on Television, thus I just use the web for that purpose, and
    take the hottest information. http://iqossigaracesitleriankara.madpath.com/index/__xtblog_entry/13956584-iqos-brosurleri?__xtblog_block_id=1

  2. I waѕ pretty pleased t᧐ discover tһis website. I wanted to thank you for your time due to thiѕ fantastic
    reaԀ!! Ӏ dеfinitely appreciated everу ⅼittle bit of
    it and і also hаve y᧐u book marked tⲟ look ɑt new tһings
    in yoսr site.

    Can You Also visit my blog mega bandar – situs agen bola online terbaik

Leave a comment