Translate

Monday, April 1, 2019

එංගලන්තයේ බාලදක්ෂිකා සංවිධාන මඩුල්ලේ ළාබාලම කමිටු සාමාජිකාවක් ලංකාවෙන්

ලෝකයේ රටවල් 150ක බාල දක්ෂිකාවන් මිලියන 150කින් සමන්විත එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ලෝක බාලදක්ෂිකා සංවිධාන මඩුල්ලේ නවතම සහ ලාබාලම කමිටු සාමාජිකාවක් ලෙස චමත්යා ප්‍රනාන්දු මෙනවිය නොබෝදා තෝරා පත්වෙමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබාදී ඇත.

වසර සියයකට අධික සම්භාවනීය ඉතිහාසයකට හිමිකම් කියන එංගලන්තයේ පිහිටි ලෝක බාලදක්ෂිකා සංවිධාන කේන්ද්‍රස්ථානයේ පවත්වන ලද ලෝක මණ්ඩල රැස්වීමටද චමත්යා ප්‍රනාන්දු මෙනවිය සහභාගි විය. වයස අවුරුදු 8දී බාල දක්ෂිකා ව්‍යාපාරයට සම්බන්ධ වුනු චමත්යා දැනට බාලදක්ෂිකා ඉහළම සම්මානය වන ජනාධිපති බාලදක්ෂිකාවක් ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත. එපමණක් නොව ඇය වසර 17ක පමණ කාලයක් අඛණ්ඩව ස්වේච්ඡා බාලදක්ෂිකාවක් ලෙස අනගි සේවයක් ලබා දී ඇත.

කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහි ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ බාලදක්ෂිකා සංගම් දියත් කරන ලද ව්‍යාපාරවල ඇය නිරන්තරයෙන් නිරත විය. එමෙන්ම ඇය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබා දුන්නාය.

මෑතකදී එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු මඟින් සංවිධානය කළ ලෝකයේ නැගී එන තරුණ නායක නායිකාවන් 10 දෙනා අතරට තේරී පත් වි ශ්‍රී ලංකාව නියෝජනය කිරී‍ෙම් ගෞරවය හිමිකර ගත් එකම තරුණ නායිකාව ලෙසද චමත්යා ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබාදී ඇත.

තවද ඇය බෙල්ජියම්හි පැවැත්වුන ලෝක තරුණ නායිකාවන්ගේ සම්මේලනයටද පසුගියදා සහභාගිවී ශ්‍රී ලංකාවට නැවත වරක් ගෞරවයක් ලබා දුන්නාය.

කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය NSBM ආයතනයට අනුයුක්ත එංගලන්තයේ (plymonth) ප්ලිමත් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලාවේදී උපාධියක්ද ලබා ඇත.

චමත්යා ප්‍රනාන්දු මෙනවිය දිවයිනේ ප්‍රධාන ඇඟලුම් ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන්නීය.

No comments:

Post a Comment