Pages

Thursday, February 15, 2018

ඇලෙක්ස්ගේ ආදරය

ඇලෙක්ස් පිස්සුවෙන් වගේ ආදරේ කලේ මුලු ලෝකයම අමතක කරලා..
ඉහලට පහළ ට යන හුස්මක් ගානේ දෙවියන්ට කන්නලව් කලේ එයාගේ ජීවිතයට සතුට ලගාකර දෙන්න කියලා.. පුලුවන් හැම වෙලාවකම ලගින්ම හිටියේ එයාගේ හිත ගොඩාක් අය රිද්දපු නිසා.. ලැබෙන හැම අවස්ථාවවක්ම ලස්සන කලේ ඒ අදුරු අතීතයෙන් එයාව බේරාගෙන එයාට සතුට විතරක් ලගාකර දෙන්න හිතපු නිසා..
ඒත් දැන් ඒ හැම දෙයක්ම වෙනස් වෙලා..
ආදරයෙන් තුරුල් කරගත්ත, හැම මොහොතක්ම හදවතින්ම වැළදගත්ත ඒ අපූරු බැදීම, ඒ අහිංසක ආදරය සුන්දර මතකයක් විතරක් වෙලා..
ලගින් හිටියත් එයා ගොඩාක් දුරස් වෙලා.. අභියෝග මැදින් ඇලෙක්ස් එයාට ලං වුනේ කිසිම දිනක මේ වගේ ඈත් වෙන්න නම් නොවේ..
ඒත් සියලු දෑ අනිත්‍යයි.. හැගීම් අවිනිශ්චිතයි. ජීවිතය පුදුමාකාරයි..
මේ හැම දෙයක්ම ඇලෙක්ස් දිනපොතේ සටහන් කලේ තවත් එක් පරිච්ඡේදයක් ලෙසටයි.
-නිමි-

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews