Pages

Monday, March 5, 2018

වැස්ස

වැස්සත් එක්ක 
අමුතු බැදීමක් තියනවා කියලා හිතෙන්නේ 
මට විතරද? 
අඩ අදුරේ ඉදන් 
අහස් ගැබ සරසන විදුලි සැර රටා විදින්න 
කැමති මම විතරද? 
චිරි බිරි චිරි බිරි තාලයට වැටෙන

වැහිපොද සුමිහිරි රිද්මයක් ලෙස ඇසෙන්නේ 
මට විතරද?
දගකාර සුළං රැලි මුහුණ සිපගනිද්දි 
ආදරය හිතෙන්නේ මට විතරද? 
පරිසරයේ පැතිර යන ඒ අපූරු සුවද 
දැනෙන්නේ මට විතරද? 
මේ අපූරු අත්දැකීම විදින්න කැමති මම විතරමද?

1 comment:

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews