.

.

Mar 22, 2019

නවසීලන්තේ හා අම්බරුලන්තේ



ඔස්ට්‍රේලියාවේ පිස්සෙක් නවසීලන්තෙට ඇව්ත් අහිංසක මුස්ලිම් මිනිස්සු 50 ක් මරණවා.. තව බර ගානකට තුවාලයි......

නවසීලන්තේ අගමැතිනිය දින හයෙන් ඒ රටේ ස්වයංක්‍රීය ගිනිඅවි පිලිබඳ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා....

එපමණක් නෙමෙයි ඒ යකාගේ නම කිසිම අවස්ථාවක භාවිතා නොකරන බවත් කියනවා...

අපේ උන් තාම මිස්ටර් ප්‍රභාකරන් ගේ මානව අයිතිවාසිකම් රකිනවා

ඒකම මේ අමුතු ඇටේ උනා නම්..

සමාජ ජාල තුල දෙපැත්ත බෙදිලා මරාගන්නවා..
අවි තහනමක් වගේ එකක් ගේන්න නම්,
ඉස්සෙලම කැබිනට් එකට ගේන්න වෙනවා..

ආන්ඩුවෙන් ගෙනාවනම් ජනපතියා රිජෙක්ට් කරනවා.......
ජනපතියා ගෙනාවනම් ආන්ඩුව රිජෙක්ට් කරනවා.....
හාමුදුරුවරු දෙපැත්ත බෙදිලා මරා ගන්නවා...
කාදිනල් වතිකානුවට එගෙන්ස්ට් ටෝක්ස් එකක් දෙනවා.....
කලු අදින කට්ටිය නිදහස් චතුරශ්‍රයේ බෝඩ් උස්සගෙන ඉන්නවා.....
දඹර අමිල උපවාසයක් පටන් ගන්නවා.....
වයිජ්ජ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ......
ජෝසප් ඉස්ටාලිනුයි මහින්ද ජයසිංහයි පාසල් වර්ජනයක් කරනවා...
සුමන්තිරනුයි සිවාජියි ජිනීවා යනවා...
ගම්මන්පිල මෝසමක් අරගෙන උසාවි යනවා....
විමල් වීරවංශ වෙපන් හදන උන්ගේ අම්මලට බනිනවා...
මහින්ද පන්සල් වල කොටහලු ගෙවල්ලොල වොයිස් කට් දෙනවා....
අකුදි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා...
කරූ දෙන්න බෑ කියනවා....
දිනේෂ් කරූගේ පතුරු අරිනවා...
කිරිඇල්ල පාර්ලිමේන්තුව කල් දාන යෝජනාවක් ගේනවා..
ඒ අස්සෙ වෙඩි තියපු එකා ප්‍රිසන් ගාඩ් එකත් එක්ක VIP කෙනෙක් වෙනවා..
මානව හිමිකම් NGO ඌට අත තියන්න එපා කියනවා....
ආයෙත් කලු සමනල්ලු උසාවිය වට කරනවා...
අරූ මාධ්‍යට වොයිස් කට් දෙනවා...
සිරිසේන ඌ එල්ලනවා කියනවා...
උසාවිය ඌට ඇප දෙනවා...
ඌ රට යනවා....

ඊට පස්සෙ මුලු රටම නිට්ටෑවෙක් හරි ඉත්තෑවෙක් හරි අල්ලගෙන පුකේ ඔබා ගන්නවා...

ඔබ අපෙයි සිරි ලංකා..
අප ඔබෙයි සිරි ලංකා ....//

25 comments:

  1. 'නවසීලන්තේ අගමැතිනිය දින හයෙන් ඒ රටේ ස්වයංක්‍රීය ගිනිඅවි පිලිබඳ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා....'

    තාම මේ ගැන යෝජනාවක් විතරයි බං තියෙන්නේ. අප්‍රේල් මාසේ මැද ඉදන් ඒවා ක්‍රියාත්මක කරන්න ඉන්නේ කියලා විතරයි සදහන්. මේ මොහොතේත් නවසීලන්තයේ තියෙන්නේ කලින් තිබුන ගිනිඅවි සම්බන්ධ නීතියම තමයි. මම දැන් අවුරුදු 16 ක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් ඉන්නේ.

    ReplyDelete
  2. මෙන්න මචෝ....හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්.... ගේ ඉස්ටයිල් එක....මෙන්න මේ ලිය්විල්ලටයි බන් අපි ඇබ්බැහි උනේ

    ReplyDelete
  3. මාතලන්, ලංකාවේ පාලකයන්ගේ අනන්තවත් වැරදි තියනවා. අපි නිතරම අහන දකින නිසා අපිට ඒ වැරදි ගැන හොඳ අවබෝධයක් තියනවා. ඒ වගේම ලෝකයේ දියුණු යැයි කියන රටවලත් ඕනෑතරම් වැරදි වැඩ කරන පාලකයෝ ඉන්නවා. නමුත් අපිට ඒවා ගැන අහන්න දකින්න ලැබෙන්නේ අඩුවෙන්. එසේ වුවා කියා ඔවුන් ආදර්ශයට ගැනීමට තරම් උතුම් කොට්ඨාශයක් නොවෙයි.
    ජසින්දා ආර්ඩෙන් මේ සිද්ධියේ උණුසුම මැකීයාමට පෙර එයින් ලබාගතහැකි දේශපාලන වාසි නිසා මෙහෙම හදිස්සි වෙලා රඟපෑවාට අතීතයේ ඇයගේ ක්‍රියා කලාපයන් මේ ඝාතනයට යම්තාක් දායකත්වයක් සැපයු බව සඟවන්න බැහැ. 2017 දී එතුමිය ජයග්‍රහණය කිරීමට ටික කලකට පෙර (එකල නැෂනල් රජය මගින් )පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුන ගිනිඅවි පනත සංශෝධනය කිරීම පාර්ලිමේන්තුව විසුරුවීම නිසා වැලකුනා. ඉන් පසුව ආර්දෙන් මහත්මියගේ අගමැති කම යටතේ private members bill එකක් ලෙස ඒ සංශෝධනය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් ඒක පළමු කියවීමේදීම පරාජය කලේ ආර්දෙන් මහත්මිය ඇතුළු ඇයගේ කම්කරු පක්ෂයේ මන්ත්‍රී වරුනුයි. හේතුව ඒක ඊට කලින් නැෂනල් පක්ෂයේ රජයෙන් සිදුකල (2016 සිදු වූ පොලිසියට වෙඩි තැබීමේ සිද්ධිය හා ගිනි අවි තොගයක් හසු වීමේ සිද්ධි දෙක නිසා ) පාර්ලිමේන්තු කොමිසමකින් ලබා දුන් නිර්දේශ වීම නිසායි. එදා ඒ පාර්ලිමේන්තු කොමිසමකින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කර ගිනි අවි පනත සංශෝධනය කලොත්, එහි ගෞරවය ලැබෙන්නේ තමන්ගේ විරුද්ධවාදියාට වීම නිසා පමණක්ම, ඒ සංශෝධනය සිදු නොකල ආර්දෙන් මහත්මිය දැන් මේ සංශෝධන ගැන කියන දේවල් ඇහුවාම හිනා යනවා.
    1990 සිදු වූ ඝාතනයකින් (aramoana) පසුව සිදුකල ගිනි අවි පනත සංශෝධනය සිදු උනේ 1992 දීයි.
    1995 සිදු වූ පොලිස් වෙඩි තැබීමකට හා 1996 සති කිහිපයක කාලයක් තුල සිදු වූ Dunblane හා Port Arthur ඝාතන වලින් පසුවත් ගිනි අවි ගැන සිදු කල ස්වාධීන කොමිසමක වාර්තාවෙන් කියැවුණ නිර්දේශ කිසිවක්ම ක්‍රියාත්මක කලේ නැහැ. ඒ නිර්දේශ ලබා ගත්තේ නැෂනල් රජයයි. නමුත් ඒවා සම්මත කරගන්න නම් මේ කියන ආර්දෙන් මහත්මිය සාමාජිකත්වය දරන කම්කරු පක්ෂයේ සහයෝගය ලැබුනේ නැහැ. ඒ පිළිබඳව විකිපීඩියාවේ කියැවෙන්නේ මේ ලෙසයි.
    Newbold(මේ කියන්නේ නිව්බෝඩ් කියන ක්‍රිමිනොලොජිස්ට්) also argued that none of Thorp's (මේ කියන්නේ ස්වාධීන කොමිසම පණගැන්වූ විනිසුරු තෝප්) recommendations would have prevented any of the post-1990 massacres, because criminals would still have access to unlawfully guns that were not subject to any controls and only another massacre would generate enough political will to implement Thorp's recommendations in any case.
    මේ පැහැදිලිව කියැවෙන්නේ මේ පනත සම්මත කර ගැනීමට ක්‍රයිස්චර්ච් වැනි විශාල ඝාතනයක් සිදු වෙන තුරු ඔවුන් බලා සිටිය බව නේද ??

    අපේ පාලකයන්ගේ වැරදි වැඩ අපි විවේචනය කලයුතුයි. ඒ සඳහා සම්පුර්ණ අයිතිය තියෙන්නේ ඔබත් මමත් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ටයි. නමුත් එය කල යුත්තේ විදේශිකයන් සර්ව සම්පුර්ණ බවත් අප සර්ව අසම්පුර්ණ බවත් යන පදනමෙහි නොසිට Nobody's perfect කියන පදනමේ සිට බව මගේ හැඟීමයි. මෙහෙම ලිව්වාට මාත් එක්ක ඔබ අමනාප නොවෙනු ඇති සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔවුන් වැරද්ද නිවැරදි කර ගනි...
      අපේ උන් වැරද්ද නිවැරදි බව දිගටම කියයි..

      Delete
  4. මටනම් කැපිලාම පෙනුණු වෙනස තමයි අපේ හා අනිත් රටවල මිඩියා හැසිරෙච්චි විචාර අවිචාර සොභාවය.. :/

    ReplyDelete
    Replies
    1. සම හරක් ජාත්‍යන්තරේටත් ගියා.

      Delete
    2. මටනම් කැපිලාම පෙනුණු වෙනස තමයි අපේ රටේ ඒ කාලේ කොටි මේ වගේ ත්‍රස්තවාදී වැඩක් කලාම අනිත් රටවල මිඩියා හැසිරිච්ච විදිහයි දැන් උන්ගෙ රටවල ඒවා වෙන කොට උන්ගේ මීඩියා හැසිරෙන විදිහයි විචාර අවිචාර සොභාවය

      ඒ වගේම සරත් පොන්සේකාට බෝම්බ ගහපු දවසේ හවස කිරිඇල්ල රවී සහ තව එකෙක් Press conference එකක් තිබ්බ උන් තුනගේ මුහුනේ තිබ්බ සතුට 2015 Jan 9 වත් තියෙන්ඩ නැතුව ඇති

      Delete
  5. Appe! Kohedaa mechchara kal wahan wela hitiye?
    Ape siri Lankawe kriya patipatiya thitatama wisthara karala thiyenne.Ehema ghambeereta nathwa wena ratawala wage owa nikamma sarala widihata karatha hakiyayi?

    ReplyDelete
  6. මිථූන් චක්‍රබෝර්ත්‍රිMarch 23, 2019 at 11:12 AM

    මෙතුවක් කල් තුන්වන ලෝකයේ අපට පමනක් උරුම වු, ජාතික උපද්‍ර‍වයකදී තම රටේ දේශපාලකයින්ගෙ මයිල් කෙලින් වෙන දේශපාලන නළු-නිළි රංගන සහ කතා ,පලමු ලෝකයේ නෝනා-මහත්වරු විසින් සිදුකිරීම මාර අස්පැට් වැඩක් නොව ගෝලීයකරණයේම නව තත්වයකි.(1990 කාතන්කුඩියේ ප්‍රකාශමාන වීමම 2019 දී ක්‍ර‍යිස්චර්ච් ප්‍රකාශමාන වීම)
    එම නිසා
    නවසීලන්තයෙ ජසින්දා ආර්ඩෙන් අගමැතිනියටද නිලියක මිසක දේශපාලඥවරියක් ලෙස හැසිරීමට ඇති ඉඩ කඩ දැන් සීමිතය.
    ඉතීම් මාතලන් චෝටා බායි,
    අපි අපි වෙනුවෙන් දේශපාලන නළු-නිළියන් මැතිවරණ වලදි තෝරාපත් කර ගැනීමට සිත හදා ගනිමු. ඔවුන් අපි වෙනුවෙන් හොදින් රඟපාවී ,
    අපේ ප්‍ර‍ශ්ණ ...??? වලට දෙවියන්ගේම පිහිටයි. හක්ගෙඩි සරණයි.

    ReplyDelete
    Replies
    1. නාඩගම් බලා පුරුදු උන්ට ඔපෙරාවද නාඩගමකි...

      Delete
    2. නාඩගම් බලා පුරුදු උන්ට ඔපෙරාවද නාඩගමකි...

      Delete
    3. ඔපෙරා බලා පුරුදු උන්ට නාඩගමද ඔපෙරාවකි...

      Delete
    4. කවද බලපු ඔපෙරද ?

      ජීවිතේට කොදෙව්වෙන් එලියට අඩියක් තිබ්බ නැති උන්ට සුද්දෙක් හෝ සුද්දියෙක් නටන ඕන නාඩගමක් ඔපෙරාවක් වගේ තමා පේන්නේ

      Delete
  7. මෙම ඛේදවාචකයෙදි මුස්ලිම් ප්‍රජාව සමග සිටගනිමින් නවසීලන්ත අගමැතිනිය ක්‍රියාකළ ආකාරය ලෝකයාගේ ප්‍රශංසාවට ලක්උනා. ඥානසාරට උඩගෙඩි නොදී මුලදීම හිරේට දැම්මනම් අපට අලුත්ගම සිද්ධිය වලක්වගන්න තිබුණා. ගිංතොට සිද්ධියක් ඇතිනොවෙන්න තිබුණා. ඒ වෙනුවට අපේ නායකයෝ කලේ ඥානසාර උඩදාන එක. ඥානසාර අත් අඩංගුවට ගන්න ඉඩ නොදෙන බව චම්පික රණවක එදා ප්‍රසිද්ධියේම කිව්වා. මෝඩ හැත්ත.

    ReplyDelete
  8. වදන්වලට රැවටෙන්නට උපන් පුතුන්
    ඉන්න ජාතියක ඉපදුනු පවට ඉතින්
    හැමදා ලොකු වළක වැටිලා ඉන්න ගමන්
    තනමු ඉනිමඟක්, ගොඩ එන ක්‍රමය හොයන්

    ReplyDelete
  9. ත්‍රිපිටකය ලෝක උරුමයක්
    කල උත්සවය මහ කරුමයක්
    මල්වතු අස්ගිරියට උස් අසුනක්
    රාමා අමරපුරයට
    නැත එහෙම උරුමයක්!

    ReplyDelete
  10. I am not supporting any terror acts left/right-wing or LTTE, they should be punished. However I am curious to find AUS/NZ's reaction with 149 Muslims killed by LTTE in the east.

    ReplyDelete
  11. මුස්ලිම් පල්ලියේ යාඥාව අතරතුරදී අධෝවාතය පිටකළ තැනැත්තෙකුට මරණ දඩුවම නියම කළ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා. අදාළ දඩුවම නියම වී ඇත්තේ මොහොමඩ් අල් වහාබි නමැති 33 හැවිරිදි පුද්ගලයෙකුටයි. මෙම පුද්ගලයා මීට පෙර මුස්ලිම් පල්ලි 6යකින් අවස්ථා 17කදී පිටුවහල් කර ඇති බවයි ‘පාකිස්ථාන් හෙරල්ඩ්‘ පුවත්පත වාර්තා කර ඇත්තේ.

    මරණ දඩුවමට ලක්වූ පුද්ගලයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් දුර්ලභ රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් නිතරම එවැනි දේ සිදුවන බවයි.

    මිනිසා මවන විට අධෝ වාතය හා ඒවා සද්දෙන් යාම​ මැව්වෙත් අල්ලාහ්. ඉතින් ඇයි අනේ එයාව මරන්නේ ? එය අල්ලාහ් ට විරුද්ධව යෑමක් නේද?

    ReplyDelete
  12. මම ජාතිවාදය අනුමත කරන්නේ නැහැ. ජාතිවාදය පදනම් කරගෙන මේ වගේ ගැටුම් ඇති කර ගැනීම කවුරු කරත් සම්පූර්ණ වැරදියි. නමුත් ජාතිවාදී ගැටුම් නිසා පීඩාවට පත්වෙන දෙමල මුස්ලිම් බර්ගර් මැලේ සියලුම දෙනා ගැන කතා කරන්න ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න ඕන තරම් අය ඉන්නවා.. ඒත් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා පීඩාවට පත්වෙන අසරණභාවයට පත්වෙන සිංහල මිනිස්සු වෙනුවෙන් කවුද පෙනී සිටින්නේ??

    අලුත්ගම ගැටුමේදී පීඩාවට පත් වුණු අහිංසක සිංහල මිනිස්සු ගැන කවුද බැලුවේ?? ඒ වගේම තෙල්දෙණිය ගැටුමේදී මුස්ලිම් අන්තවාදීන් අතින් ඝාතනයට ලක්වුණු සිංහල ජාතික රියදුරා දිහා කවුද බැලුවේ?? මුස්ලිම් අන්තවාදීන් විනාශ කරපු බෞද්ධ විහාරය දිහා කවුද බැලුවේ?? ඒ විතරක් ද? දෙමල කොටි අතින් බල්ලෝ බළල්ලු වගේ ඝාතනය වුණු අහිංසක සිංහලයින් වෙනුවෙනුත් කිසිම කෙනෙක් නැහැ නේද?? ඒ අහිංසකයින්ගේ දුක් ගැනවිල්ල ජාත්‍යන්තරයට ගෙනියන්න එකෙක් හිටියේ නැහැ නේද?

    සිංහලයාට කවුරුවත් නැහැ කියන එක නේද මේ හැම දේකින්ම පේන්නේ?

    ReplyDelete
  13. "මේ “අඩු නපුර” පිලිබඳ සූත්‍රය ඒ හෝ මේ ධනපති පක්ෂයට බලයට පත් වීමට සහය දැක්වීමට ජවිපෙ යොදාගන්නා සාම්ප්‍රදායික සූත්‍රයයි. නමුත් සෑම අවස්ථාවකදීම කම්කරුවන් හා පීඩිතයින් ඉන් දරුනු ප්‍රතිවිපාක වලට මුහුන දෙයි.

    කොලඹ පැවති රැස්වීමකදී දිසානායක විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරමින් “ජනාධිපති ධුරයේ සිටි සියලුම දෙනා” ආඥාදායකයින්, හොරුන් සහ අපරාධ වලට සහය දෙන්නන් බවට අවසානයේ දී පත්වූ බව කීවේය.

    ජවිපෙ සාමාන්‍යයෙන් සිතන්නේ ජනතාව අමතකවීමේ රෝගයෙන් පෙලෙන බවයි. එනිසා ජවිපෙ නායකයන් මෙම ජනාධිපතිවරුන්ගෙන් බහුතරයකට බලයට පත් වීමට තමන් සහය දැක්වීම සම්බන්ධයෙන් වචනයකුදු කතා නොකර ඇඟ බේරාගනී.

    1994 දී ජනාධිපතිවරනයේදී චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව මත ජවිපෙ සිය අපේක්ෂකයා ඉවත් කරගනිමින් ඇගේ පොදු ජන පෙරමුනට සහය දුනි. 2001 දි මෙම පක්ෂය කුමාරතුංගගේ සුලුතර ආන්ඩුව ගෙනයාමට සහය දුන්නේය. 2004 දී වික්‍රමසිංහ නෙරපා හැරීමට කුමාරතුංගට පිටු බලය දුන් ජවිපෙ ඇය සමග සන්ධානයකට එලැඹී මැතිවරනයට තරඟකොට අමාත්‍ය ධුර සතරක් ලබාගනිමින් ඇගේ පාලනයට ද හවුල් විය.

    2005 දී රාජපක්ෂ බලයට ගෙන ඒමට ද එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ නාමයෙන් වර්ගවාදී යුද්ධය යලි ඇරඹීමට විධායක බලතල පාවිච්චි කිරීමට ද මෙම පක්ෂයේ ඍජු සහය ලැබුනි. 2010 ජනාධිපතිවරනයේදී එජාපය සමග ජවිපෙ පෙල ගැසුනේ යුද්ධය ජයගත් ජනරාල් සරත් ෆොන්සේකා ට සහයෝගය දීමටයි.

    ජවිපෙ 2015 දී “රාජපක්ෂගේ ඒකාධිපතිත්වය” පරාජය කිරීමේ නාමයෙන් සිරිසේන බලයට ගෙන ඒමේ ව්‍යාපාරයේ පෙරමුනේම ක්‍රියා කලේය. තවත් පුවත්පත් සාකච්ඡාවක දී දිසානායක මෙසේ පැවසුවේය: “අප කැමති වුවත් නැතත් යථාර්තයේදී රාජපක්ෂව පරාජය කිරීමට හැකියාව පැවතුනේ එජාපය ප්‍රමුඛ සන්ධානයකට පමනයි”. ජවිපෙ එලෙස පෙල ගැසුනේ රාජපක්ෂ චීනය සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට විරුද්ධව වොශින්ටනය මැදිහත්වී සිරිසේන බලයට ගෙන එමින් සිදුකල තන්ත්‍ර මාරුව සමගයි.

    ජවිපෙහි “කාලයේ ප්‍රමුඛතාවයන්ට” අනුව හා “ප්‍රායෝගික ප්‍රවිෂ්ටයට අනුව” යන සූත්‍ර අධම උපාමාරු විය. මෙම ජනාධිපතිවරුන් අපකීර්තියට පත් වූ සෑම විටම ජවිපෙ වහාම ඔවුන්ගෙන් දුරස් වීමට ක්‍රියා කලේය."

    https://www.wsws.org/sinhala/2019/2019jan/slvp-02j.html

    කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව ධනපති පක්ශ වලට ගැට ගහන්න ජවිපෙ ක්‍රියා කලාපය.ලංකාවෙ පාලක පන්තිය වැටිලා ඉන්න අර්බුදය මැද්දැවෙ උන් ඕනම ධනපති පක්ශයක් එක්ක උපාමාරුවක් දාලා ධනපති ක්‍රමය පවත්වා ගෙනයන්න සූදානම් බවයි උන්ගෙ වැඩ වලින් පෙන්නනෙ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න