Translate

Thursday, March 7, 2019

වෛද්‍ය රජීව් පීරිස් නැමති බාලදක්ෂ්‍යා

අපිට පුලුවන් ජීවිතයට දිගුවක් (extension) දෙන්න විතරයි...
ස්ථිරව ම අපි හැමෝම මියයනවා...
- ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව් පීරිස්

සාමාන්‍යයෙන් ශල්‍යකර්මයක් සිදු කරන විට රෝගියා සිහි නැති කිරීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. නමුත් ශල්‍යකර්මයක් කරන අතරතුර දී එම රෝගියා වෛද්‍යවරුන් සමඟ සතුටු සාමීචියෙ යෙදෙමින්, විහිළු තහළු කරමින්, තිබහට වතුර බොමින්, සංගීතයට ද සවන් දෙමින් ඉතා ප‍්‍රීතිමත් අයුරින් සිටියා යැයි කිවහොත් එය ඔබේ විමතියට කරුණක් වනවාට සැක නැත.මේ අවදානම් කි‍්‍රයාවේ යෙදීමට එසේත් නැත්නම් මේ අවදානමට ලක්වීමට ලාංකීය පුරවැසියකු සමත් විය. හතළිස් හත් (47) හැවිරිදි උපාලි හෙට්ටිආරච්චි නම් රෝගියා මෙම අවදානම ජය ගත්තේ පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකදී කළ හෘද සැත්කමකදී ය.සාමාන්‍යයෙන් රෝගියකු ප‍්‍රකෘති තත්ත්වයෙන් ම සිටිය දී කිරීටක ධමනි බද්ධ කිරීමේ මෙවැනි සැත්කම් පිළිබඳ වු පුවත දියුණු රටවලට නම් එතරම් අලුත් දෙයක් නො වන්නේ එවැනි රටවල මෙවැනි ශල්‍යකර්මයන් නිතර සිදුවන බැවිනි. නමුත් ලංකාව තුළ මෙවැනි ශල්‍යකර්මයක් සිදු වූ ප‍්‍රථම අවස්ථාව මෙය විය. උපාලි හෙට්ටිආරච්චි නම් එම රෝගියාට මෙම සැත්කම සිදු කිරීමෙන් ලංකා වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන නමක් තැබීමට හෘද ශල්‍ය විශේෂඥ රජීව් පීරිස්, විශේෂඥ හෘද නිර්වින්දන වෛද්‍ය මොහොමඩ් අස්ලාම් යන වෛද්‍යවරුන් ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලය සමත් වූයේ ඒ අයුරිනි.ඉතා සාර්ථක අන්දමින් සිදු කළ මෙම සැත්කම සඳහා වෙද්‍යවරුන්ට පැය 05 ක පමණ කාලයක් ගත විය.මේ පිළිබඳ දැන ගැනීමට අප හෘද රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව පීරිස් මහතාගෙන් වැඩිදුරටත් කරුණු විමසුවෙමු.



විහිළු - තහළු කරමින් කළ හෘද සැත්කම

“ඇත්තෙන් ම ලංකාවේ මෙවැනි සැත්කමක් කළ පළමුවෙනි අවස්ථාවයි. මුලින් ම හෙට්ටිආරච්චි මහත්මයාට මම ස්තුති කරන්න කැමතියි මෙම සැත්කමට ඔහු නොබියවම මුහුණදීම පිළිබඳව. අද ලෝකයේ මෙවැනි සැත්කම් සිදු කෙරුණත් ලංකාවේ නම් මෙතෙක් එවැනි සැත්කමක් සිදු වී නැහැ. මෙයට ප‍්‍රධාන හේතුව තමයි මෙවැනි ශලකර්ම මගින් කිරිම වෛද්‍යවරුන්ට ඉතා අපහසු කටයුත්තක් වීම. මනා පුහුණුවක් මේ සඳහා අවශ්‍ය වීම ඊට හේතුවයි.හෙට්ටිආරච්චි මහතා ද රෝහල වෙත ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණියේ දියවැඩියාව රෝගය හේතුවෙන්. මෙම රෝගියාට අධික කිරීටක ධමනි සිහින් වීමක් හා අධි රුධිර පීඩනයක් ද තිබුණා. රෝගියාගේ සුසුම්නා ශීර්ෂකය අසලට විඳින ලද ඖෂධයක් ආශ‍්‍රයෙන් අපි ඔහුව හිරි වැට්ටීමකට භාජනය කළා. මෙමඟින් මොළය වෙත පණිවිඩ ගෙන යන සන්නිවේදන කි‍්‍රයාවලිය ඇණහිටීමකට ලක් වෙනවා. මෙලෙසයි අපි ඔහුව සැත්කමකට භාජනය කෙළේ.අපට මෙම සැත්කම සඳහා පැය 05ක පමණ කාලයක් ගත වුණේ අතින් ධමනියක් නෙලාගෙන එම ධමනිය බද්ධ කිරීමට සිදු වූ නිසයි. මේ නිසා අපිට ශල්‍යකර්ම දෙකක් කරන්න සිදු වුණා. අපි මුලින් ම අතෙහි ධමනිය නෙලීම සම්පූර්ණයෙන් ම කර අවසන් වුණාට පසුයි හදවත් සැත්කම කිරීමට පටන් ගත්තේ. නැත්නම් පැය 05 කටද වඩා අඩු කාලයකින් මෙම සැත්කම කිරීමේ හැකියාව අප සතුව තිබුණා.මං ඉතා ම සතුටින් කියන්න කැමතියි අපිට මෙම සැත්කම ඉතා ම සාර්ථක ව නිම කිරීමට හැකි වූ බව. සැත්කම කරන අතරතුරේ අපි කවුරුත් හිටියේ හරිම විනෝදයෙන්. විහිළු තහළු කරමින්. රෝගියාත් ඒ නිසා ගොඩාක් සතුටින් සිටියා. ඔහු සංගීතයට සවන් දෙමින් අප සමඟත් විහිළු තහළු කරමින් ජලය පානය කරමින් ඉතා ම සතුටින් පසු වුණා. ඔහුට ශල්‍යකර්මයක් කරන බව ද මදකට අමතකව ගියා කියලයි මගේ හැඟීම.

මෙලෙස කරන ලද සැත්කමකින් අනතුරුව සාමාන්‍යයෙන් අපට රෝගියාව දවස් තුනකින් පමණ කාලයකින් නිවසට යැවීමට හැකියාව තියෙනවා. නමුත් මෙය අත්හදා බැලීමක් වූ නිසා අපි තව දින කිහිපයක් රෝගියාව රඳවා ගැනීමට තීරණය කළා. දියුණු රටවල මෙවැනි ශල්‍යකර්මයකට භාජනය කරන රෝගීන් හට සිය නිවෙස කරා එක් දිනක දී ම යාමට හැකියාව තිබෙනවා.මං මෙහි දී විශේෂයෙන් කියන්න කැමතියි මේ වගේ ශල්‍යකර්මයකට මුහුණ දීමට රෝගියකු කිසිවිටෙකත් බිහිවිය යුතු නැහැ. නිර්වින්දනය කොට කරනු ලබන ශල්‍යකර්මයකට වඩා සාර්ථක අන්දමින් කිරීමට හැකි මෙවැනි ශල්‍යකර්ම රෝගියාටත් ඉතා ගුණදායකයි. මෙහි දී රෝගියා ගේ ලේ වහනය වීම පවා ඉතා අඩු ප‍්‍රවාහයකින් සිදු වීමත්, පාවිච්චි කිරීමට අවශ්‍ය ඖෂධ ප‍්‍රමාණය ඉතාම අල්ප වීමත්, ඒ වගේ ම සාමාන්‍ය ශල්‍යකර්මයකට වඩා වියදම අඩුවීමත් ආදී කරුණු නිසා මෙවැනි සැත්කමක් රෝගියාට ඉතාමත් ම යෝග්‍ය යි.”මෙම අපූර්ව වූත් අවදානම් වූත් අත්දැකීමකට මුහුණ දුන් රෝගියා වූ උපාලි හෙට්ටිආරච්චි මහතා සමඟින් ද කතා බහේ යෙදීමට අපට හැකි විය. ඔහු මෙම ශල්‍යකර්මය පිළිබඳ සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.“ඇත්තෙන් ම වෛද්‍යවරුන් මේ පිළිබඳ මාව දැනුවත් කරද්දී මුලදී මගේ හිතේ පොඩි චකිතයකුත් ඇති වුණා. ඒත් අන්තිමට මම තීරණය කළා මේ දේට මූණ දෙනව කියල. එදා මම ඒ සැත්කමට භාජනය කරද්දී මට කිසිම වේදනාවක් දැනුනෙ නැහැ. අඩුම වශයෙන් මට ඒ වෙලාවෙ දි සැත්කම් කරනවද කියලවත් දැනුනෙ නැහැ. එක ම රෝහලේ වෛද්‍යවරු සහ හෙදියන් ඉතා ම කරුණාවන්ත පිරිසක. ඉතිං අපි සැත්කම ඉවර වෙන තුරුම විහිළු තහළු කරමින් ගොඩාක් සතුටින් සිටියා. සංගීතයට සවන් දීමටත් මට අවස්ථාව සලසලා දුන්නා. ඉතිං එක තැනකට වෙලා ඉන්න වුණු අපහසුතාව දැනුනෙන් ඉතා ම අල්ප වශයෙන්. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ මං ගොඩාක් සුවයෙන් සිටිනවා. වෙනදාට වඩා සිතටත් ගතටත් විශාල සැහැල්ලුවක් දැනෙනවා. මේ හැම දෙයක්ම මං හිතන්නේ මෙම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කාර්ය ශූර බවත්, දක්‍ෂතාව සහ කැපවීම යන සියල්ලම එකතුවීම එය සාර්ථක වීමට බලපෑ බව මම දැඩිව විශ්වාස කරනවා.”හෙට්ට්ආරච්චි මහතා පැවසූ අයුරින් ම රෝහලේ වෛද්‍යවරුන් ද හෙද හෙදියන් ද ඉතා ලෙන්ගතු පිරිසක් හෙයින් ඔවුන් රෝගීන්ට දැඩි සේ සමීප වී සිටින බව එහි ගිය අප හට දැකගත හැකි විය. රෝගියාගේ කැමැත්ත ඇත්නම් පමණක් මෙම වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ දී ද මෙවැනි සැත්කම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.
විශේෂ ස්තූතිය - ප‍්‍රබුද්ධි නුවනිඳු රණසිංහ / danuma.lk

44 රොටරි බාලදක්ෂ සමූහයේ විශේෂඥ දොස්තර මහත්තයා

හෘද ශල්‍ය විශේෂඥ රජීව් පීරිස් මහතා 10වැනි කොළඹ ආනන්ද විද්‍යාලයීය පෝතක බාලදක්ෂයෙක්. ජනාධිපති බාලදක්ෂයෙක්.

Scouting
Dr Rajeeva has been active in Scouting since he joined as a Cub Scout at Ananda College. He served thhe movement in various capacities and is the only scout known to have continued as an active Scout Leader throughout his 5 years in Medical School. Milestones of his Scouting Carrier is as follows.
·         First Star Cub Scouts 1969 – 10th Colombo
·         Highest Junior Scout Award (Scout Cord  1972) – 10th Colombo
·         Highest Senior Scout Award (President’s Award 1976) – 10th Colombo
·    Qualified for the Highest Rover Scout Award (Baden Powell  Award - 1983) – 44th Colombo
·        Scout Wood Badge  (Considered the 'degree' in scouting)  1980 – 44th Colombo
·         Member of Colombo District Training  Team  1979 – 1996
·       Campfire Leader, inventor of innovative campfire ideas and stunts & trainer 1979 - 1996
·         Member of  National  Contingent  to  Sweden  1979
·         Leader of National Contingent to The World  Jamboree in Australia  (1988/1989)
·         Leader of  National Contingent  to  The National Training Centre of  India (1994)
·    Member of Organising Committees of The Annual Colombo District Camp from  1977-1996
·     Planned organised and ran the Field Hospital at the SAARC Jamboree, Colombo – 1991
·         Assistant  District  Commissioner  of  Colombo  District  1992 - 1996
·         Assistant Leader Trainer  1995  onwards
·         Member  of  the  National  Training  Team  1995  onwards
·         Assistant  Chief  Commissioner (International)  2005
·         Visited World Jamboree in Thailand 2002/2003
·         Hospital  Doctor  at  The Centennial  World  Jamboree  in England  2007




 

---------------------
Dr. Rajeeva Pieris  had his primary and secondary education in  Ananda  College,  Colombo,  where  he  won several class prises and acolades; he had college Colours in Swimming and Scouting. He entered Univerity of Colombo where he completed his MBBS and went on to professionally train in Surgery and then in Cardio-thoracic Surgery. 
 

Dr. Rajeeva Pieris Senior Consultant, Cardiothoracic Surgery

Dr.Rajeeva R. Pieris

MBBS. MS. FRCS. FRCSEd. FCSSL.
Senior  Consultant  Cardiothoracic  Surgeon
 


Degrees  and  Qualifications:-
·         M.B.B.S. (Hon)  2nd Class honours - University  of  Colombo,  Sri  Lanka  -  June 1986
·         M.S.  (Hon)Gold Medal - Post Graduate Institute of Medicine,  Sri Lanka;  July 1993  
·         F.R.C.S. (Edin) – Royal College of Surgeons, Edinburgh, UK: October 1997 
·         F.R.C.S. (Eng) – Royal College of Surgeons, London,  February  1998
·         F.C.S. (Sri Lanka) – College of Surgeons, Colombo, Sri Lanka 2013
·     Board Certified as Consultant in Cardio Thoracic Surgery 1997 -Board of study in Surgery, Post Graduate Institute of Medicine, University  of Colombo, Sri  Lanka.
·  Specialist Grade in Cardiothoracic Surgery  July  1997 - Public  Service  Commission,           .       Government  of  Sri  Lanka

Professional Background

He trained  in  Sri  Lanka,  India  and  the  UK  and  has  24  years  experience  in  Cardio-thoracic  surgery – 20  years  as  an  independent  consultant.

He  has  enormous  professional experience  in  both  Adult  and  Paediatric  Cardiac  Surgery  and  has  performed  more  that  4000  procedures. 


He has worked in the following hospitals as Consultans

He has served as a Consultant / Senior Consultant Cardiothoracic Surgeon in –


·         National Hospital of Sri Lanka
·         Lady Ridgeway Hospital of Children, Sri Lanka
·         Teaching Hospital Kandy,  Sri Lanka
·         Nawaloka Hospital, Sri Lanka
·         Durdans Heart Surgical Centre, Sri Lanka
·         Apollo Hospital, Sri Lanka
·         Oasis Hospital, Sri Lanka
·         Sultan Qaboos University Hospital, Oman


 His  ‘1st  time  in  Sri  Lanka’    Surgeries  include


  • One  and  a  half  Ventricular  Repair 
  • Correction  of  Fallot’s  Tetralogy  using  a  valved  conduit
  • First  surviving  Aortic  root  replacement
  • Total  Arterial  revascularisation  immediately  following  a  MI  using  B/L  IMA + RA
  • Coronary  Artery  Bypass  in  the  AWAKE  Patient
First  time  in  the  world
  • First  report  on  a  study  Re-use  of   Octopus  and  Starfish
  • Several   new  techniques  for  Octopus  and  Starfish
  • First  reported  case  series  of  CABG  in  patients  with  Segmental  Ectasia  of  Coronary  Arteries
  • First published case of CABG carried out soon after Organo-phosphate poisoning
He  has  presented & published  more  than  70  presentations / research papers  in  North  America,  Europe  and  Asia. 
Other Extracurricular Activities

1.    Cricket - Played  for the Under 13 and Under 14  teams of  Ananda  College,  Colombo  (from  1968   to  1971 ). My team won the Island Age group Championships  of  1969,  1970  and    1971.      

2.    Swimming  -     Represented  Ananda College, Singhalese  Sport Club & University of  Colombo  for    Public Schools,  Inter Club & Inter University Swimming  Meets  and  won  several   events.

3.    Water Polo –
·         Played  C - League  Water  Polo  for  Singhalese Sports  Club  and   won  2nd place in    the annual Knockout  Championship – in 2 seasons
·         Played water polo for  University of Colombo.

4.    Founder Secretary of the English Literary Society of Ananda College

5.    Member of the Student's Council of Ananda College.

6.    College Junior and Senior Prefect,  later was Prefect Supervisor

7.    Debating - Captained  the  English Debating Team of Ananda College, Colombo.


8.    Karate - Yellow  Belt  in  Kiokushinkai  style  of  full  contact  Karate

9.    Batch  representative  in  Medical  College  & Secretary, Organising Committee- Medical Student's Annual Dance 1982

10.  Aquascaping, Aquarium keeping - I am a Goldfish lover and maintain a 10 foot aquarium at home.

11.  Collecting & Narrating Jokes  anecdotes  and  humorous   stories.

12.  Health  Education – to  various  audiences  on  a  voluntary   basis

13.  Photography – casual subject study, scenery, using SLR and other digital cameras

14.  Social  Service

15.  Trustee – Isipathanaramaya Maha Viharaya, Colombo - 5

  ------------------------------------------------------
https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/54257067_10218146176303555_5913273211780333568_n.jpg?_nc_cat=103&_nc_ht=scontent.fcmb1-1.fna&oh=de5be7fb3c9aab25c117932fcd93cd97&oe=5D26C90E
https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/54257067_10218146176303555_5913273211780333568_n.jpg?_nc_cat=103&_nc_ht=scontent.fcmb1-1.fna&oh=de5be7fb3c9aab25c117932fcd93cd97&oe=5D26C90E

No comments:

Post a Comment