17 February 2019

රුබික් කැටය හදමු - 3 පාඩම

හරි ඔන්න එහෙනම් අපි දැන් පළවෙනි පැත්ත හදාගෙන ඉවරයි නේ.කලින් පාඩම් ටික බලන්න බැරි උනා නම් පල්ලෙහා තියෙන සබැඳි වලට ගිහින් බලලා එන්න.


 එහෙනම් දැන් කරන්න තියෙන්නෙ ඊළඟ පැති ටික හදාගන්න එක. ඔන්න මේ පියවර ඉඳලා ටිකක් පරිස්සමෙන් තමයි කොටු එහා මෙහා කරන්න ඕන මොකද අපි හරියටම එක පැත්තක් හදාගෙන ඉවරයි. තව විදිහකට කියනවනම් අපි පළවෙනි ලේයර් එක හදාගෙන ඉවරයි.
ඔයා හරියටම වැඩේ කලා නම් ඔයාලගේ කැටය පල්ලෙහා තියෙන පින්තූරේ විදිහට දිස් වෙන්න ඕන. එහෙම නෑ කියන්නේ ඔයාලා හදපු විදිහේ පොඩි වැරැද්දක් ඇති. ඒක නිවැරදි කරගෙනම එන්නකෝ.

අපි සුදු පැත්ත හරියට හදාගත්තනම් දැන් කරන්න තියෙන්නෙ සුදු පැත්ත යටට හරවල අල්ලගන්න එක.එතකොට ඔයාට කොට T අකුරක් විදිහට අනෙක් කොටු ටික දිස් වෙයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ කැටය වටේට හරවලා කොට T අකුර දික් කර ගන්න පුලුවන් විදිහක් තියෙනවද කියලා හොයන එක.

පල්ලෙහා රූපයේ තියෙන විදිහට කොට T අකුර දික් කර ගත්තහම ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙයි උඩම තියෙන කොටුව කොහාටද යන්න ඕන කියලා. ඒක දකුණට හෝ වමට යන්න ඕන කියලා ඔයාට හිතෙයි.
 ඔය උඩ පින්තූරය බලන්න. ඒකේ T අකුරේ උඩම කොටුව යන්න ඕන. දකුණට කියලා ඔයාට තේරුම් ගන්න අමාරු නෑ නේ ? T අකුරේ උඩම කොටුවේ තියෙන්නේ කොළ පාටයි තැඹිලි පාටයි. ඒ නිසා ඒ කොටුව දකුණට මාරු වෙන්න ඕන කියලා ඔයාට හිතෙයි.

ඒ වගේම තමයි පල්ලෙහා පින්තූරේ තියෙන කොටුව වමට යන්න ඕන කියලත් ඔයාට හිතාගන්න අමාරු නෑ.
මෙන්න මේ වගේ අවස්ථාවලදි කොටුවක් වමට මාරු කරන්නත් කොටුවක් දකුණට මාරු කරන්නත් සූත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක ඉගෙන ගත්තා නම් දෙවෙනි ලේයර් එක හදා ගන්න අමාරු නෑ.

කොටුවක් දකුණට මාරු කරනවා නම් පල්ලෙහා සූත්‍රය පාවිච්චි කරන්න.

කොටුවක් වමට මාරු කරනවා නම් පල්ලෙහා සූත්‍රය පාවිච්චි කරන්න.

හරි. දැන් ඒ කොටුව මාරු වෙලා ඇතිනේ. ඔන්න ඔය වගේ ඨ් අකුරක් අනෙක් පැතිවලත් හදාගෙන මේ සූත්‍ර දෙකෙන් ගැලපෙන සූත්‍ර පාවිච්චි කරලා කොටු මාරු කරන්න.

ඔන්න එතකොට ඔයාගේ දෙවෙනි ලේයර් එක හදලා ඉවරයි. ඊළඟට හදන්න තියෙන්නේ උඩම මුහුණතයි තුන්වෙනි ලේයර් එකයි.ඔයාලා හරියටම කොටු මාරු කලා නම් ඔයාගේ රූබික් කැටය පහත රූපයේ විදිහට දිස් වේවි.
පොඩ්ඩක් කැටයත් එක්ක සෙල්ලම් කලා නම් මේ සූත්‍ර දෙකම කට පාඩමින් වගේ මතක තියාගන්න පුලුවන්.එහෙනම් මම ඊලඟ ලිපියෙන්ම හම්බ වෙන්නම්.

1 comment:

  1. ස්තූතියි මේ අපුරු සෙල්ලම ගැන කියලා දුන්නාට

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.