ස්මාට් දුරකථනයෙන් දත් සුදු කිරීම.

දිනෙන් දින අලුත්වන තාක්ෂණික ලෝකයේ ස්මාට් ජංගම දුරකථනයට ඇත්තේ සුවිශේෂී වූ ස්ථානයකි. බහුකාර්ය උපකරණයක් වන ස්මාට් ජංගම දුරකථන, විවිධ කාර්යයන් සඳහා භාවිතා කලද එමගින් දත් සුදුකිරීම වැනි කාර්යයක් සිදුකල හැකියැයි ඔබ නිකමට හෝ නොසිතන්නට ඇත. එම සංකල්පය යතාර්තයක් කරමින් Smile Direct Club යන ආයතනයට හැකිවී ඇත.

Smile Direct Club ආයතනය හදුන්වාදෙන ඔවුන්ගේ නවතම Bright on නම් දත් සුදුකිරීමේ පද්ධතිය නිර්මාණය කර ඇත්තේ දත්වල ඇති කහට සහ අවපැහැය ඉවත්කර දීප්තිමත් දත් දෙපලක් ඔබට තිළිණ කිරීමේ අරමුණෙනි. මෙම ක්‍රමය සාමාන්‍ය ක්‍රමයන්ට වඩා තුණ් ගුණයක් වේගවත් බවත් එමගින් එය භාවිතා කරන්නන්ට කිසිදු අප්‍රියසන්න රසක් නොදැනෙන බවත් Smile Direct Club ආයතනය සඳහන් කරයි. දිනකට විනාඩි 5 බැගින් දෙවතාවක් සතියක් මුළුල්ලේ සිදුකිරීමෙන් ඔබ බලාපොරොත්තුවන සුදුවන් දත් දෙපල ලබාගත හැකි බව ඔවුන් පවසයි.


මෙම සත්කාරයේදී දන්ත වෛද්‍යවරුන් භාවිතා කරන අමුද්‍රව්‍යම භාවිතා වන අතර විශේෂම කරුණ වන්නේ එම ක්‍රියාවලිය වේගවත් කිරීම සිදුවන්නේ දීප්තිමත් LED බල්බ මගින් ලබාදෙන සුදු ආලෝකය මඟිනි. එම ආලෝකය ලබාගැනීම සඳහා මෙම Bright on උපකරණය ස්මාට් ජංගම දුරකථනයකට සම්බන්ධ කිරීම කල යුතුය.

අන්තර්ජාලය ඇසුරිණි.

2 responses to “ස්මාට් දුරකථනයෙන් දත් සුදු කිරීම.

  1. Right here is the right blog for everyone who wishes to understand this topic. You realize a whole lot its almost hard to argue with you (not that I actually will need to…HaHa). You definitely put a new spin on a topic that’s been discussed for years. Great stuff, just excellent!|

    Like

  2. What’s up to every body, it’s my first visit of this web site; this web site includes remarkable and really excellent information in favor of visitors.|

    Like

Leave a comment