Sunday, December 9, 2018

පොලිස් කාරයාව තද කරපන් මාව බේරපන් කියා හිරණ පොලිස් මුරපොළේ ඕ.අයි.සී. ඉල්ලුවාලු!



බීලා වාහන එලවන්න අපිට බැරි වුනාට පොලිස්කාරයින්ට පු`ඵවන්.

2018.12.06 වෙනිදා හොඳට බීලා යතුරුපැදියෙන් යන අතර, තමන් ඉදිරියට ආපු යතුරුපැදි කරුවෙකු නවත්වා, පහරදී, පොලීසියට ගෙන ගොස්  ඕ.අයි.සී. ලවාද පහරදී, තුවාල සිදුකිරීමේ පුවතකි මේ.

පහර කෑමට ලක්වූයේ 21 හැවිරිදි කම්කරුවෙකි. නම සුමුදු.

බීලා යතුරුපැදියෙන් යන අතර, තරුණයාව නවත්වා පහරදී ඇත්තේ, පානදුර පදිංචි කොස්තාපල් චමිලය. 

මෙම තරුණයාව, පානදුර හිරණ පොලිස් මුරපොළට රැගෙන යෑමෙන් පසුව අතින් පයින් පහරදී ඇත්තේ එම පොලිස් මුර පොළේ ස්ථානාධිපති සිවිල් ඇඳුමින් සිටි චාමරය.

පහරදී විනාඩි 45 ක් පමණ කූඩුවේ දමාගෙන සිට, මොහුව මුදාහැර ඇත.

නිදහස් වීමෙන් පසුව, පානදුර මූලික රෝහලට ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇතු`ඵ වූ මෙම තරුණයා, එහි වාට්ටු අංක 01 සිටියදී, ඔහුට මුලින්ම පහර දුන්න පොලිස්කාරයා වූ චමිල ද, රෝහලට පැමිණ ඇතුළත්ව ඇත.

මේ චමිල නැමති පොලිස්කාරයා රෝහලට පවසා ඇත්තේ, සුමුදු නම්
තරුණයා තමාට පහර දුන්න බවයි.

රෝහලේදී, පොලිස් මුරපොලේ පොලිස් කාරයා, තරුණයාගෙන් විස්තර අසා, හිරණ පොලීසියේ  ඕ.අයි.සී. චාමර ට කතා කර ඇත. කතා බහ අතර එම දුරකතනය තරුණයාට දුන්න විට,  ඕ.අයි.සී. චාමර තරුණයාගෙන් ඉල්ලා ඇත්තේ තමාව බේරා, චමිල පොලිස්කාරයාව තද කරන ලෙසටයි.

මේ පිළිබඳව පළමුව, තරුණයාගේ මවද, දෙවනුව, තරුණයා ද ලිඛිතව පැමිණිලි කර ඇත.

එය පහත දැක්වේ.

01. සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, 02. පොලිස්පති,
    
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පහර දී, රඳවා තබා ගැනීම.

සුමුදු අවු: 21යි, අවිවාහක, කම්කරු. පානදුර. 2018.12.07 දිනදීය.

2018.12.06 දින සවස 4.00 ට පමණ, මා ගෙදර සිට, මා වැඩකරන, හිරණ, පිංකෑල්ල පාරේ,  කර්මාණ්ත ශාලාවට වැඩට වාර්තා කරන්න යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙමි.

හිරණ - පානදුර ට‍්‍රාන්ස්ෆෝමර් හංදිය අසලදී මා ඉදිරියට යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙක්, මා පසුකර දුරක් ගොස්, ආපසු හැරී ආවා. ඔහු මාව ඉස්සර කරන ගමන්, නවත්තපන් ප-යා කිව්වා. 

මා අයින්කර යතුරු පැදිය නැවැත්වූවා. මා අසලට පැමිණි මෙම පොලිස් නිලධාරියා උඹව අල්ලගන්න තමයි හිටියේ කියමින්, මගේ මුහුණට පහරවල් දෙකක් ගසා, මාව හිරණ පොලිසියට ගෙනියන්න හැදුවා. මා කිව්වා, මාගේ යතුරු පැදියෙන් එන්නම් කියා. එ් අනුව මා ඔහු සමග හිරණ පොලිසියට ගියා. එ් අවස්ථාවේ ඔහු සිටියේ හොඳටම මත්පැන් පානය කරලයි. පොලිසියට ගිය වහාම, එම නිලධාරියා එහි සිටි ස්ථානාධිපතිට මොනවාද කියා යන්න ගියා. 

මා ස්ථානාධිපති අසලට ගිය වහාම, ඔහු නැගිට ඇවිත්, උඹලා තමයි මේවා කන්නේ, උඹගේ අම්මට හු--වා, කැ-යා, වේසි- පුතා ආදී, වශයෙන් අමු තිත්ත කුණුහරප කියමින් මගේ මුහුණට, අතින් පහර දෙමින්, පයින් බඩට ගැහුව්වා. ඉන්පසු මාව කූඩුවට දැම්මා. කූඩුවට දානවිට මගේ පසුම්බිය, දුරකථනය ගත්තා. මා ගෙදරට කතා කරන්න ඉල්ලූවත් කතා කරන්න දුන්නේ නැහැ. 

විනාඩි 45ක් විතර මාව කූඩුවේ තියාගෙන සිට එළියට ගත්තා. ස්ථානාධිපති, උඹ වැඩපලේ බොස්ට එහෙම කියන්න එපා කියා, මට යන්න කිව්වා. මම එතැනින් පිටවී ගොස් ,මම වැඩ කරන කර්මාණ්ත ශාලාවේ අයිතිකරුවන රොෂාන් ප‍්‍රනාන්දු මහතාට කිව්වා. මට උපදෙස් දුන්නා රෝහල් ගතවන ලෙසට. මා පානදුර රෝහලට ඇවිත්, මට පහර දුන්න බව ප‍්‍රකාශ කලා. මාව අංක 01 වාට්ටුව ඇතුලත් කලා. එවිට වේලාව ප:ව: 6.30 පමණ ඇති. 

රෝහලේ සිටින විට රෝහල් පොලිසියෙන් ආවා. මා ඉදිරිපිටදී, එම නිලධාරියා දුරකථනයෙන් ස්ථානාධිපතිට කතාකර, මොනවදෝ ලිව්වා. එ් අවස්ථාවේ රෝහල් පොලිසියේ නිලධාරියා මට පවසා සිටියා අපි  ඕ.අයි.සී ව බේරලා අනිත් එක්කෙනාව තද කරමු, ඔයාව පොලිසියට ගෙනිච්චට පස්සේ ඔයා වැඩකරන තැනට ගියා, චමිල කියන නිලධාරියාත් යන්න ගියා කියලා ලියමු කිව්වා. එසේ කියා මට ස්ථානාධිපති චාමර සමග කතා කිරීමට දුරකථනය දුන්නා. ස්ථානාධිපති චාමර මගෙන් ඇහුවා ඇයි කොල්ලෝ ඉස්පිරිතාලේ නැවතුනේ කියා. මම කිව්වා මට ගහපු නිසා මම නැවතුනේ කියා. එවිට ස්ථානාධිපතිවරයා අපි චමිලව තද කරමු මාව දාන්න එපා කියා මට පවසා සිටියා. ලියපු දේවලට මගෙන් අත්සන් ගත්තේ නැහැ. 

අධිකරණ වෛද්‍ය නිලධාරී මාව පරීක්ෂා කලා. මට පහර දී මාව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා, කොස්තාපල් චමිල බව දන්නවා. ඔහු වැඩ කරන්නේ කොළඹ පොලිසියක. 

මෙම චමිල කියන පොලිස් නිලධාරියා, සවස 7.30 ට පමණ රෝහල් ගත වුනා. ඔහු සිටියේ ඇඳ අංක 07 ඇඳේ. 

මට පහර දුන්න ස්ථානාධිපතිගේ නම චාමර වේ. ඔහු සිටියේ සිවිල් පිට.

මා ඉල්ලා සිටින්නේ,

1. මාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පහර දුන්න, පොලිස් කොස්තාපල් චමිලට
   හා,
11. මට අමානුෂික ලෙස පහර දී, විනාඩි 45 කාලයක් කූඩුවේ දමාගෙන සිට මාහට වධ හිංසා පැමිණ වූ - හිරණ පොලිස් මුරපොලේ ස්ථානාධිපති බව කියන චාමර ට,

එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 

මෙයට,

 සුමුදු 

No comments:

Post a Comment