48. ප්‍රසා (02)



මිතුරියකි ඇය ලැබුනු
රැකියාවේ ප්‍රථමයෙන්
හිතෙන්නෙම සොයුරියකි
සසරේ මඟ ලඟ රැදුනු

දඟකාරකම් වලට
හිස වනා එකඟ වෙන
නපුරු කම ඉහවහා
ගිය විටදි රවාගෙන

ඕන මල දානයක
මගේ අසලින් රැදෙන
කදුලු කැට පිසදමා
හිනාවට මඟ කියන

ජිවිතේ දරන හැටි
දරාගෙන කියාදෙන
ඇය නමින් ප්‍රසා විය
ප්‍රභාගේ ලඟ රැදුනු

අමාරුම තැන් දිවියේ
ටේක් ඉට් ඊසි කියු
කරන ගොන් වැඩ වලදි
මෝඩයා මට කියපු

මං නොදන්නා බොහෝදේ
දැනෙන්නට කියලා දුන්
යෙහෙලියට නැගනියට සේ
හිතට හුරු කරලා දුන්

ඔයයි මගේ අක්කා පණ
අහම්බෙන් මුනගැසුනු
සෙල්ෆි කුවින් නමට
මං සමඟ පෙම් කරපු

පතන්නෙමි මතු සසරේ
දිනක එක මව් කුසම
කරන්නට මඟ හැරුණු
පිස්සු කෝලම් සේරෝම

(2018.10.07)
නොදැනිම ඇය ගැන මතකයන් කවියට නැගුනි අහම්බෙන්

 




   

Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න