2018-09-30

44. හීනයක් (ද???)...

ශ්‍රී ලඬකාව කියන රටේ ජීවත් වෙන කොල්ලෙක්ට දවසක් හීනයක් වගේ එකක් පෙනුනා ලු...
වගේ එකක් කියන එකේ අදහස ඒක හීනයක්ම නොවෙන එකයි. ඒ වගේම ඒක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයකුත් නෙමෙයි...
ඒක නිකම් ඒ කොල්ලාට හදිසියේ පහළ වෙච්ච සිතුවිල්ලක් වගේ එකක්...
මේකයි කතාව...
ඒ රටේ තොරතුරු ගෙනෙන ප්‍රවෘත්ති නාලිකාවක අනාගතයේදී මෙහෙම ප්‍රවෘත්තියක් යයි කියලා අර කොල්ලාට හිතුණා...

ටික්කි ටික්කි ටීක්...
ෂිම් ෂිම් ෂිම්...

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්...

වල්මතු පාර්ශවයේ ප්‍රධාන බොද්ද නායක වහන්සේ  හදිසියේම අභාවයට පත් වී තිබෙනවා...
හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත රෝහල් ගත කෙරුණු එම නායක වහන්සේ ඇතුලත් කළ දිනයේදීම අභාවයට පත්ව ඇති බව සඳහන්...
මේ නායක වහන්සේ පසු ගිය සමයේ රට මැද නගරයක අතීතයේ වසා දැමූ  පාරක් නැවත වාහන ධාවනය සඳහා නොදීම උදෙසා කැපවී කටයුතු කළ අයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා...
මරණයට හේතුව වී ඇත්තේ කාලයක සිට පැවැති ස්වසන රෝගයක් බව  මරණ පරීක්ෂක වාර්තාවේ සටහන් වෙනවා...
දීර්ඝ කාලීන "විෂ දුම්"ආශ්වාසය එම රෝගය සඳහා හේතුවක් විය හැකි බවට රෝහල් ආරංචි මාර්ග පවසනවා...

මෙන්න නැවතත් එම ප්‍රවෘත්තිය...

දෙමුල බසින් ඒ ප්‍රවෘත්තිය යන විදිහ හිතට එන්ට කලින් ඒ කොල්ලා පියවි සිහියට ආවා...

1 comment:

  1. You made some decent factors there. I regarded on the web for the difficulty and found most individuals will go together with with your website. betfair online casino

    ReplyDelete