Sunday, September 23, 2018

මිනිසුන් බිලි ගන්නා දිය සුලි

මිණි ඟං දෑලේ නිර්මාණකරු කියන්න උත්සහ කරන පණිවිඩය ඟං දෑලේ සැඟවී නොයන්න තිබුනා ඔහුට හැකියාවක් තිබුනා නම් (gossip ධනාත්මකව යොදා ගනිමින්) අනාගතය දකින්න ඔහුගේ නිර්මාණය ස්පර්ශ කරන බහුතර මිනිස් මනසේ ස්වාභාවය වටහාගෙන කියා මට සිතේ..

නිර්මාණ බලන්නේ හැඟිම් මුල් කර ගත් මිනිසුන් මිස තර්ක මුල් කර ගත් රොබෝවරු නොවන බැවින් නිර්මාණකරු, ඒ මිනිස් හදවත් කාලීනව ගැහෙන රාවය පිළිබඳ නිරන්තර අවබෝධයෙන් සිට අවශය තැන් වලදි තම නිර්මාණය හැඩ ගැසීම (අවශ‍ය නම් වෙනස් කිරීම මුදල් අමතක කල හැකි නම් පමණක් ) එතුලින් දෙන පණිවිඩය සාර්ථකව මිනිස් හදවත් වලට කාන්දු කල හැකි බව ද මට සිතේ..

මිනිසුන් පුදුම කරවීම යනු ඉතාම සංයමෙන් කල යුතු දෙයක් නිර්මාණකරුවෙක් මා දකින විදිහට..ඒ ගැන කියද්දි නම් අතීතයේ විසූ ආගම් නිර්මාතෘවරුන්ගේ අහලකින්වත් වර්තමානයේ නිර්මාණකරුවන් අහලකින්වත් තියන්න නොහැකියි කියා මට සිතේ. මොකද (මිනිස්) ජීවිත යනු ගලාගෙන යන දෙයක් මිස එක තැන රැඳෙන දෙයක් නොවන නිසා..

ජිවීතේ සමහර තැන් තියනවා දිය සුලි මතු වන..ඒ දිය සුලි මිනිසුන් බිලි ගන්නා බව ගඟට බහින නිර්මාණකරුවන් අත්දැකීමෙන් දත යුතු දෙයක් කියා මම සිතමි.. අනිත් අතට නිර්මාණ රස විඳින්නන් පුරුදු පුහුණු කල යුතු අනිවාර්ය දෙයක් ලෙස අත් හැරීම දකිමි..අවසානේ සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.