Tuesday, September 11, 2018

පයාගල පොලීසිය අවරුදු 16 ක දරුවෙකු තියාගෙන වධ දෙයි.


අවුරුදු  16 ක් වන නදීශව, ඊයේ, (2018.09.10) සවස 6.00 ට පමණ, පාරේ සිටියදී, අත්අඩංගුවට ගනන් පොලීසිය, සියලූ නීති උල්ලංඝණය කරමින්, දස වධ දෙමින් මේ මොහොත දක්වාම (2018.09.11) රඳවාගෙන සිටී.

ඔහුගේ පියා, ධීවරයෙකි. මව මිය ගොස්ය. දුප්පත්කම නිසාම පාසල හැර ගොස් කුලී වැඩ කර පවුලම ගොඩ ගන්න උරදෙන්නෙකි.

පයාගල පොලිසියේ අත්අඩංගුවට ගත් මේ බලා වයස්කාරයාව, පවුලේ උදවියට නොපෙන්නුවා පමණක් නොව, අත්අඩංගුවට නොගත් බව පවසමින් අවට පොලීසිවලට රෑ පුරාම යවා තිබේ.

පුසදින උදේ දරුණු ලෙස වධයට පාත‍්‍ර කර සිටි, මේ දරුවාව පවුලේ උදවියට පෙන්වා ඇත.

එ් පොලීසියේ පසුපස කාමරයක සිට, අපරාධ අංශයට ගෙනවිත්ය.

පවුලේ උදවිය අසල සිටියදීත්, ඔහුට වධ දීමට, පයාගල පොලිස් වධකයින් පසුබට වී නැත.

පයාගල පොලීසියේ, අපරාධ අංශයේ, හිටපු ස්ථානාධිපති වික‍්‍රමරත්න අත්අඩංගුවට ගත් රණවිරුවකුට, වධ දී මරා දමන ලද්දේ 2000 වසර දිය.

ඔහුට විරුද්ධව මිනීමැරම් චෝදනා යටතේ නඩුව ක`ඵතර මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

වසර 18 ක් පුරාම මෙම පොලිස් පරීක්ෂක වික‍්‍රමරත්න උසාවියට ඉදිරිපත් නොවී කට්ටි පනිමින් සිටී. ඔහුව පොලීසිය අත්අඩංගුවට ගන්නේ නැත.

වත්මන් යහපාලනය, පොලීසි බාර ඇමතිවරුන් ලෙසට පත් කළේ, පට්ට හොරුන්ය. ඔවුන් කළේ පොලිසිය හා එක්ව, මහා හොරු බේරීමය. වධ දීම දිරිගැන්වීමය.

යහපාලනය යටතේ, වධ දීම් අඩුවී ඇති බවට, පෙන්වීමට ගන්නා උත්සාහයට සිවිල් සමාජ බැලයින්ද, එක්ව සිටින බව සිහිපත් කළ යුතුය.

    

No comments:

Post a Comment