කොළඹ සරසවියේ වසරේ ශිෂ්‍යයා,රුචිර අයේශ්මන්ත…

Share

2017 වසර සඳහා වු කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය පසුගිය ජුලී මස 24, 25 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වසරේ ශිෂ්‍යයා සම්මානය දිනා ගනු ලැබුවේ රුචිර අයේශ්මන්ත සොයුරායි. ඔහුගේ මෙම ජයග්‍රහණය පසුපස ඇති අත්දැකිම් හා මතකයන් පිළිබඳව FOSMedia අපත් සමඟින් සිදු කළ සොඳුරු කතාබහයි මේ.

1. මුලින්ම අපි පාසල් කාලයට ගියොත්, පාසල් කාලේදි විද්‍යා විෂය ධාරවෙන්ම ඉදිරියට යන්න විශේෂ හේතුවක් තිබුණද?

මුලින් මගේ අදහස තිබුණේ වාණිජ අංශයෙන් ඉදිරියට යන්න, ඒත් maths  කියන subject එකට ගොඩක් ආසාව තිබ්බා. පස්සේ මට හිතුණා maths වලින් ඉස්සරහට ගියොත් ගොඩක් පැතිවලට යන්න අවස්ථාව තියනවා කියලා. ඉතින් මම maths පැත්තෙන් යන්න තීරණය කළා.

2. Campus  එන්න කලින් campus  එක ගැන තිබුණේ මොන වගේ අදහසක්ද?

මම නාලන්දා විද්‍යාලයේ Basketball team එකේ හිටපු කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යයෝ ගොඩක් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. එයාලා නිතරම කිව්වේ campus life එක කියන්නේ වෙනමම අත්දැකීමක්, ඒ නිසා අනිවාර්යෙන් campus යන්න try කරන්න කියලා.ඇත්තටම ඒක campus එකට එන්න ලොකු motivation  එකක් වුණා.

 3. Campus  ආවට පස්සේ campus එක ගැන මොකද හිතුණේ?

ආපු මුල්ම දවසේ පොඩි බයක්ඇ ති වුණා. ඒක ඇත්තටම ඔයාලටත් දැනිලා ඇති. Campus එක කියන්නේ ඉස්කෝලෙට වඩා ගොඩක් වෙනස් තැනක්. ඒත් විශේෂයෙන්ම හොඳ යාළුවෝ සෙට් එකක් හමුවුණු නිසා කාලයත් එක්ක ඒක ගොඩක් සුන්දර තැනක් වුණා.

4. Academic  වැඩ වලට අමතරව යෙදුනු බාහිර වැඩ කටයුතු ගැන සඳහන් කලොත්?

Campus  එකේදිත් මම දිගටම Basketball play  කළා. ඒ වගේම ගොඩක් තරගවලට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබුණා. ඊට අමතරව faculty එකේ තිබුණු හැම event එකටම වගේ සහභාගි වුණා. විශේෂයෙන්ම අපි SAIFA එකේදි ගොඩක් වැඩ කළා. ඇත්තටම Basketball නිසා Rotaract club එකේ, Leo club එකේ events වලටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා.

5. Campus  එකේදි basket ball ක්‍රීඩාවෙන් ලබාගත් අත්දැකීම් සහ ජයග්‍රහණ මොනවද?

මම ලොකුම අත්දැකීම් ලැබුවේ ජයග්‍රහණ වලටත් වඩා මම ලබපු පරාජයන් වලින්. අපිට first year එකේදි ගොඩක් හොඳ Basketball team එකක් තිබුණා. ඒ නිසා අපිට Inter University Games දිනන්න පුළුවන් කියලා ලොකු විශ්වාසක් තිබුණා. එත් හිතුවෙවත් නැති විදිහට මූලික වට වලින් අපි පැරදුණා. ඒ අවස්ථාව අපේ මුළු team එකටම ලොකු shock එකක් වුණා. එත් අපි කොහොමහරි අපේ අඩුපාඩු හදාගෙන, හරියට plan කරලා, second year එකේදි, Inter University Games වලින් ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණා. ඇත්තටම ඒක මගේ ජිවිතේ ලබපු ලොකු අත්දැකීමක්. ඊට පස්සේ මට campus  team එකේ captain වෙන්න වගේම Sri Lankan University Basketball team එකේ captain වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ වගේම Asian University Games වලට සහභාගී වෙන්න ලැබීම ලබපු ලොකුම ජයග්‍රහණයක්.

6. බාහිර වැඩ කටයුතු එක්ක academic  වැඩ සමබරව කළේ කොහොමද?

ඒකට ඇත්තටම ලොකු කැප කිරීමක් කරන්න වුණා. සතියේ Sport practice වලට වෙලාව වෙන්කරනවා වගේම academic වැඩ වලටත් කොහොමහරි වේලාව වෙන් කරගත්තා. මං හිතන්නේ හොඳ යාළුවෝ set එකක් හිටපු එක වැඩ balance කරද්දි ගොඩක් වැදගත් වුණා. Exam එකට කලින් අපි ඔක්කොම එකතුවෙලා අපි හැමෝම දන්න දේවල් share කරගත්තා. ඒ නිස අපි කාටවත් academic වැඩ miss වුණේ නැහැ. අපි හැමෝම academic වැඩ වගේම sport එකත් balance කරගත්තා.

7. Campus එකේදි සිදුවුණු අමතක නොවෙන සිදුවීම් ගැන මතක් කළොත්?

අපි කරපු හැම වැඩකම වගේ ඇත්තටම ගොඩක් රසවත් සිදුවීම් තිබුණා. අපි හැමෝම එකතුවෙලා වැඩ කරද්දි, ආපහු මතක් කරලා හිනා වෙන්න පුළුවන් දෙයක් හැමදාම වගේ සිද්ධ වුණා. මට මතකයි අපි cricfest එක ගොඩක් හොඳට organize කරලා, ඒක පටන්ගන්නකොට තදටම වැස්සා. ඒ වෙලාවේ cricfest  එක කරගන්න පුළුවන් වෙයි කියල හිතුනෙම නැහැ. ඒ වුනාට දෙවනි දවසේ හොඳටම පායලා ගොඩක් සාර්ථකව event  එක කරගන්න පුළුවන් වුණා. ඒ වගේම SLUG  එක තිබුණු කාලේ  Amalgamated Club එකේ editor විදිහට captain වකා  සහ අනිත් හැමෝමත් එකක් වැඩ කරපු විදිහ කවදාවත් අමතක වෙන්නේ නැහැ.

8.  අයියාගෙ අනාගත බලාපොරොත්තු මොනවද?

තාම මුකුත් හිතල නෑ higher studies එහෙම කොහොමද කරන්නෙ කියල. මේ දවස්වල මං CIMA final stage එක කරන්නෙ. මුලින් ඒක ඉවර කරල ඉන්න ඕනි. ඒ වගේම මම දැනට වැඩ කරන ආයතනයේ audit section එකේ වැඩ කරගෙන යනවා. ඉතින් මගේ accounting සහ statistic background එකත් එක්ක, research & development section එකට යන්න හම්බ වුනොත් වැඩ කරන තැනට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

9. Basketball දිගටම කරන් යන්න අදහසක් තියනවද?

ඔව්, එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. Campus එකේ ඉන්න කාලෙත් club එකක සෙල්ලම් කළා. ඒක දිගටම කරන් යන්න හිතන් ඉන්නවා. ඊට අමතරව, මම ක්‍රීඩාවට අත් පොත් තිබ්බෙ අපේ ඉස්කෝලෙන්. නාලන්ද විද්‍යාලයේ Basketball team එකට අපි old boysල විදියට අපෙන් දෙයක් කරන්න ඕනෙ කියල අදහසක් තියනවා. ඉතින් මේ දවස්වල අපි ඒක plan කරන් යනවා.

10. ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න අයියාට බලාපොරොත්තුවක් තියනවද?

ආසාවක් තියෙනවා. ඒත් ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනෙ. ඉතින්.. ඒකට අවස්ථාවක් ලැබුනොත් යන්න උත්සාහ කරනවා.

11. Campus එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කියන්න තියෙන්නෙ මොනවද?

ඔයාල හැමෝම දන්නවා ඇති campus එන්න හම්බ වෙන්නෙ ලංකාවේ හරිම පොඩි පිරිසකටයි. Campus ඇවිල්ල එක දේකට විතරක් සීමා වෙන්න හොඳ නෑ. Sport එකක් කරන එකේ වැදගත්කම තියෙන්නෙ ඒකෙන් physical fitness හැදෙනවා වගේම නායකත්වය, පෞරුෂත්වය වගේ ගුණාංගත් වර්ධනය වෙනවා. අපි ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙකම balance කරන්න ඕනෙ.

12. මේ වගේ දුර ගමනක් එන්න උදව් කරපු පිරිස මතක් කළොත්?

අනිවාර්යෙන්, මගෙ යාළුවො set එක ගැන මුලින්ම කියන්න ඕනෙ. එයලා නිසා තමයි මෙච්චර දුරක් එන්න පුළුවන් වුනේ, එයාල set එක මගේ හැමදේකටම ළඟින් හිටියා. ඒගොල්ලන්ගෙ සහයෝගය දිගටම ලැබුනා. ඒ වගෙම දෙමව්පියන්ගෙන් ලැබුන සහයෝගය මට ලොකු හයියක් වුණා. අපේ අම්මලා තාත්තලා කිසිම දේකට එපා කිව්වෙ නෑ. මේක කරන්න කියල බල කළේ නෑ. ඒගොල්ලො මං ගැන විශ්වාසයක් තියල තිබුනෙ මොන දේ කළත් අධ්‍යාපන වැඩකටයුතු ටිකත් හරියට කරගෙන යයි කියලා. ඉතින් අපේ වගකීම ඒ විශ්වාසය රකින එක.

13. Campus එකේ lecturers ලගෙන් ලැබුණ සහයෝගය කොයි වගේද?

ඔව්. ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම 1st year එකෙ ඉඳන්ම academic වැඩ ටික කරගෙන යන්නෙ කොහොමද කියල දුන්නා. ඒ වගේම මගෙ final project එක කරන්න stat department එකේ චම්පා මාගල්ල මැඩම්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් මේ වෙලාවෙ ඒ මැඩම්වත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනෙ.

 රුචිර සොයුරාගේ අනාගතයට  FOSMedia  අපද සුභ පැතුම් එක් කරන්නෙමු.

පිළිවිසීම- විදුමිණි අල්විස් සමඟින් අංජලී හේෂානි

Image Courtesy : FOSMedia

 
Tagged :