දෙමලිච්චෝ

Posted: August 2, 2018 in Uncategorized

 

ගේදොරකඩ අඹ අත්තේ
වැස්සට තෙමෙනා දෙමලිච්චී
තාමත් තෙමෙමින් උඹ ඉන්නේ
ගෙයි දොර උඹටත් ඇරේවි කියලද
කාහරි අඩගසාවි කියලද දෙමලිච්චී

නොලැබෙන දේවල් ගැන තව හිතලා
මොකට තෙමෙනවද දෙමලිච්චී
උඹ වාගෙම වැස්සට තෙමෙනා
දෙමලිච්චෙක් අත්තක වහලා ඇති
හනිකට හොයලා ඉගිලීයන්
වැස්සට තෙමෙනා දෙමලිච්චී

-සගා-
01/08/2018

Leave a comment