වැරදීම

Posted: July 12, 2018 in Uncategorized

 

 

සුළඟ නුඹ වගේ
කිව්වෙ ඉස්සර
සුළඟ ගියෙ සුවද අරගෙන
නුඹ ගියේ මලේ පෙතිත් අරගෙන

අහස නුඹ වගේ
කිව්වෙ ඉස්සර
අහස කලු වෙලා වැස්ස වැටුනට
නුඹ ගියේ කලු වලා ඉතිරි කර සදහටම

ගලන දොල නුඹ වගේ
කිව්වෙ ඉස්සර
දොල ගලාගෙන ගියේ පාඩුවේ නිසොල්මන
නුඹ ගලාගෙන ගියේ දෙපස ගස් මුල් එක්ක

තාම හරියට අකුරු ගලපන්න
බැරි නිසා මගෙ පෑනට
ඒදවස්වල වැරදුනාවත්ද මට ?……

-සගා-
12/07/2018

Leave a comment