අත්හළ හැකි ද?

women-abstract-paint-1920x1200

සුසානයක

දළු දැමූ ගසක් යට

වළ දැමූ පමණින් ම

මිහිදන් කළ හැකිද

මතකය

 

පුන්සරා සඳක් වුව

අමාවක කළුවරක එතෙන

ඉතින් මේ සමුගැන්ම

තාවකාලිකය…

 

කලාවකාශයේ බොඳව ගිය

හැම හැඟීමක්ව

අළුතින්ම උපදිනු ඇත

පැමිණ සිටියේ නම් ඔබ

නික්ම යා යුතුම ය

යළිත් මෙහි එනු පිණිස

 

නිදන්නට ම බලකෙරෙන

මේ අන්ධකාර රාත්‍රිය

බෙහෙවින් දිගුය

මවෙතින් නැඟිට ගොස්

මා සොයා ගත යුුතුය

 

දළු දැමූ ගසක් යට

වළ දැමූ පමණින් ම

මිහිදන් කළ හැකි ද

ජීවිතය……..

    • hare :-)
    • June 29th, 2018

    මම කියන විනාස වුන මනුස්සය අස්සෙන් අලුත් මමක් හොයාගන්න පුලුවන් වෙයිද?

  1. No trackbacks yet.

Leave a comment