The shadow of Tomb Raider පරිගණක ක්‍රීඩාව

පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රියට පත්වූ Tomb raider ක්‍රීඩා මාලාවේ තවත් ක්‍රීඩාවක් මේ වර්ශයේ නිකුත් කිරීමට නියමිතයි. එය නම් කර අැත්තේ The shadow of Tomb Raider ලෙසයි. වික්‍රමාන්විත හා ක්‍රියාදාම කැටගරියට අයත් වන මෙම පරිගණක ක්‍රීඩාව, Eidos Montreal හා Crystal Dynamics එ්කාබද්ධව නිර්මාණය කර අැති අතර Square enix සමාගම විසින් ලොව පුරා බෙදාහැරීමට නියමිතය. The shadow of Tomb Raider පරිගණක ක්‍රීඩාව 2018 වර්ශයේ සැප්තැම්බර් 14 වන දින මයික්‍රෝසොෆ්ට් වින්ඩොස්, playstaion 4 සහ Xbox one සදහා නිකුත් කරන බව සඳහන් වේ.

අනිකුත් Tomb Raider ක්‍රීඩාවල මෙන්ම නව The shadow of Tomb Raider ක්‍රීඩාවේද ප්‍රධාන චරිතය වන්නේ Lara Croftය. තම පියාගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ලතින් අැමරිකාවේ නිදානයක් සොයා ගවේශණයක යෙදෙන lara croftට දැනගන්නට ලැබෙන්නේ Trinity නම් විනාශකාරී හමුදාවක ප්‍රධානියෙකුද ලෝකයේ බලය අල්ලා ගැනීම සඳහා මෙම නිදානය හබා යන බවයි. එම Trinity හමුදාවට එරෙහිව lara croft ගෙන යන මෙහෙයුමක් වටා කතාව පාදක කොටගෙන අැත. පරිගණක ක්‍රීඩකයාට, shadow of Tomb Raider ක්‍රීඩාව තුල ලාරා ක්‍රොෆ්ට්ගේ චරිතය නිරූපණය කරමින් අැගේ මෙහෙයුම සාර්ථක කර ගැනීම උදෙසා අැයව මෙහෙයවීමේ අවස්ථාව හිමි වන අතර සතුරන් සමඟ සටන් වදිමින්, අවස්ථාවට උචිත අයුරින් කටයුතු කරමින්, ප්‍රහෙලිකා විසදමින් ඉදිරියට යා යුතුය.

shadow of Tomb Raider පරිගණක ක්‍රීඩාව 2015 වර්ෂයේ නිර්මාණය කිරීමට අාරම්භ කර අැති අතර එහි නිෂ්පාදන පිරිවැය ලෙස අැමරිකානු ඩොලර් මිලියන 75ත් 100ත් අතර අගයක් බව සදහන් වේ.  2018 මාර්තු 15 වනදා Square Enix සමාගම, shadow of Tomb Raider ක්‍රීඩාව 2018 සැප්තැම්බර් 14 ලොවවටා පරිගණක ක්‍රීඩා ලෝලීන් සඳහා විවෘත වනබව  නිළ වශයෙන් දැනුම් දෙන ලදී. එදිනම එහි පූර්ව ප්‍රචාරක පටයද එළි දැක්වීම සිදු කෙරුණි.

පූර්ව ප්‍රචාරක පටය පහතින්….

2018 වර්ෂයේ නිකුත් වූ Tomb Raider සිනමා පටයද බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ අතර එම සිනමාපටයද shadow of Tomb Raider පරිගණක ක්‍රීඩාවේ ජනප්‍රියත්වයට රුකුලක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. අලුත්වන ලෝකයේ තාක්ෂණික පුවත් සඳහා පරිගණක පියස ෆේස්බුක් පිටුව හා එක්වන්න.

සැකසුම – බවන්ත හේරත්.

 

Leave a comment