Sunday, June 10, 2018

ව්‍යාපාරිකයාට මරු කැ`දවූ රියේ අනියම් හිමිකරු ප‍්‍රකට ජාවාරම් කරුවෙක්



රථ වාහන අනතුරු වළක්වන්න, දෙවි පිහිට පතමින්, මාධ්‍ය සංදර්ශණ පවත්වන්නවුන්ගේ වෑයම, තම බඩගෝස්තරය රක්ෂා කර ගැනීමය. එයට හොඳම නිදසුනකි, මැයි 30 වන දින, රාත‍්‍රී 7.30 ට පමණ, 51 ක් හැවිරිදි තම ශ‍්‍රමයෙන් ජිවිතය ගැට ගසා ගන්නා ව්‍යාපාරිකයෙකුට මරු කැඳවූ රිය අණතුර.

මෙය ”රිය අණතුරක් ලෙසට ලඝු කිරීම ද වැරදිය. මන්ද, රථවාහන උපයෝගී කරගෙන සිදු කරන මනුෂ්‍ය ඝාතන, තුවාල සිදු කරමින් ”අණතුරු ගණයට” වර්ග කිරීම මගින් සිදු කරන්නේ, අපරාධකරුවන්ට දඬුවම් නොලබාම ගැලවී යෑමට ඉඩ සලසා දෙන නිසාය.

පයාගල, මුංහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ 51ක් හැවිරිදි, පද්මසිරි මහතාව යටකර, පලා යෑමට උත්සාහගත් වාහනයේ, අනියම් හිමිකරු එම ප‍්‍රදේශයේම, විවිධ ජාවාරම් වල නියැලෙන්නෙකි. මොහු සතු වාහන හා දේපල වල අයිතිය ඇත්තේ මොහු නමට නොවන බව ප‍්‍රකාශ කරන, මරණයට පත් තැනැත්තාගේ ඥතීන්, පයාගල පොලිස් නිලධාරීන් ඔහු හා පවත්වන්නේ ඉතා කිට්ටු සම්බන්ධයක් බව අවධාරණය කරයි.

ජීවිතයක් අහිමි කල මෙම ඊනියා වාහන අනතුරු සම්බන්ධයෙන් පොලිස්පති අමතන, මියගිය අයගේ පුතා මෙසේ ප‍්‍රකාශ කර සිටී.

මෙම රිය අනතුර සිදුකල අවස්ථාවේ රියදුරු - රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
වාහනයේ අනියම් හිමිකරු, ප‍්‍රදේශයේ දක්ෂතම නීතිඥ කණ්ඩායම, ඔහු වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

රියදුරුට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන, ”රථවාහන වැරදි” වලට ඔහු, සිය නීතිඥවරුන් මගින්, වරදකරු බව පිළිගැනීමට කටයුතු කිරීමට උත්සාහ ගනු ඇත.

එය සාර්ථක වුවහොත්, වැරදි වලට දඬුවම් නියම කර, නඩුව අවසන් කරනු ඇත. එසේ නොමැතිව, වැරදි පිළි නොගෙන, නිවැරදිකරු බව ප‍්‍රකාශ කළහොත්, නඩුව විභාගයට තබනු ඇත.

නඩුව ඉවර වන්නේ කවදාද, එයද දෙවියන්ට කැමැත්ත අනුව සිදුවනු ඇත.

මියගිය අයගේ, බිරිඳ විසින් ගත යුතු ඊළඟ පියවර වන්නේ, දෙවසරක් තුල වන්දියක් ඉල්ලා දිස්ත‍්‍රික් උසාවියේ නඩුවක් පැවරීමය.

එයද උරචක‍්‍රමාලාවක් බවට පත් නොවුනහොත් ඇගේ වාසනාවකි. දෙවියන් ඇය දෙස බලා ඇතැයි නිගමනය කර සැනසෙන්නට පුලූවන.

දෙවියන් මේ දක්වාම බලා ඇත්තේ ඉන්ෂුවරන්ස් සමාගම් දෙසය, නීතිූවරුන් දෙසය, වාහන අයිතිකරුවා දෙසය. පොලිස් කාරයින් දෙසය.

මන්ද, වාහනය ගත් දිනයේම එය දෙවියන්ට ඔප්පු කර ඇති නිසාය.

”නීතියේ” එනම් පොතේ වගන්තිවල කුමක් සඳහන් වුවත්, භාවිතයේ පවතින්නාවූ ¥ෂණය, අභිබවා ක‍්‍රියා කිරීමට තරම් නිපුනත්වයක් මියගිය අයගේ බිරිඳට නොමැතිවුවහොත්, ඇයට සැමියා නැතිවීම අභිබවා ගිය, ඛේදවාචයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

රථවාහන අනතුරු වැළැක්වීමට ,
1. පවතින්නාවූ රථවාහන නීති,
2. පොලිස් පරීක්ෂණ
3. නඩු පැවරීම, නඩු ප‍්‍රමාදය, නීතිබති, අධිකරණ පද්ධතියේ දුෂණ
4. නීතිඥවරුන්ගේ ¥ෂණ අක‍්‍රමිකතා
5. රක්ෂණ සමාගම්වල ¥ෂණ

එක් එක් සිදධි ඇසුරින් ගෙන, කතාබහක් ඇති කල යුතුයි.

සිටින්න දවසක කොළඹ රථවාහන උසාවියක් ඉදිරිපිට, දක්නට ලැබෙනු ඇත. දෙවියන් ඉන්නේ කොහේද කියා.





No comments:

Post a Comment