Saturday, June 9, 2018

හයිකෝට් නඩුවක් දාලා තියෙන්නේ, මානව හිමිකම් ගිය නිසාලූ !! නීතිඥයෙක් කියයි.


කහතුඩුව පොලීසිය විසින් පසුගිය මස 23 දින අත්අඩංගුවට ගෙන දින දෙකක් පුරා වධ දී, කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ, මහේස්ත‍්‍රාත්වරයාට ඇප ලබාදීමට බැරිවන ලෙසට චෝදනා නිර්මාණය කරය.

මැයි 25 රිමාන්ඞ් බාරයට පත් වූ මොහු පිළිබඳ කිසිම තොරතුරක් බිරිඳට දැන ගන්නට නොලැබින. අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පිළබ`ද පවුලේ උදවියට දැනුම් දිමේ නීතිය රටේ නිතියට ගරු නොකරන පොලිසියකින් හා දුෂණය ආගම කරගත් ආණ්ඩුවකින් බලාපොරොත්තු නොවෙමු.

ඔහු පිළිබඳ තොරතුරක් නිවැසියන්ට දැන ගැනිමට ලැබුනේ, කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු විසින් කරන ලද දැනුම් දිමකිනි. මීළඟ නඩු දිනය ජුනි 07 බවත් කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව පවතින බවත් වැඩිදුරටත් දැනුම් දී තිබින.

එ් අනුව මොහුගේ නැන්දනිය අධිකරණයට ගිය අවස්ථාවේ එහි සිටි අයෙකුගේ උපදෙස් මත නීතිඥවරයෙකු මුණගැසී ඇත. එම නීතිඥවරයාව ඇය නඩුවට ඉදිරිපත් කර තිබේ. පොලීසිය දමා තිබූ චෝදනාව ඇප ලබාදීමට නොහැකි එකක් විය.

රු: 5000/- ක් ඇගෙන් ගත් මෙම නීතිඥවරයා තම කාර්ය නොකර, අධිකරණයෙන් එළියට ඇවිත් මේ රටේ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳව කිසිත් නොදත්, අසරණ නැන්දණියට කියා ඇත්තේ මානව හිමිකම් ගිය නිසා පොලීසිය ඇප ගන්න බැරිවෙන්න චෝදනා කර ඇති බවය.

චෝදනාව දැම්මේ 2018.05.25 දිනය. ගෙදර අය දැනගත්තේ 2018.06.05 ය. මේ වංචාකාරී නීතිඥයා, මෙවන් ප‍්‍රකාශයක් කර නොමග යවන්නට උත්සහ ගත්තේ අති දුෂ්කර ප‍්‍රදේශයක සිට පැමිණි තිදරු මවකය.

ඇයට මෙම නීතිඥයා දී ඇති කාඞ් එකේ සඳහන් නම වන්නේ ගුණසේන ඒ. හේවගේ ලෙසටය.
මොහු ලබාගත් මුදලට රිසිට් පතක් දි නැත.

No comments:

Post a Comment